Sunday, March 15, 2015

පහළොවයි හයයි එකතු කරන්න බැරි මනමාලයාගෙන් මට වැඩක් නෑ! මනමාලිය කියයි.




ගුල් දිනයේදී තමා විවාහ කරගන්න පැමිණි මනමාලයාට, පොඩි ගාණක්වත් එකතු කර ගන්නට බැරි බව දැනගත් මනමාලිය, මේ මගුලෙන් වැඩක් නැති බව පවසා, මගුල ඉවර කළේය.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ, රසුබාද් ගමේ, මෙම සිද්ධියෙන් පසුව, මනාල පාර්ශවය ප්‍රශ්ණය විසදා ගැනීමට පොලිසි ගියේය.

මංගල උත්සවයේදී, මනාලයාගෙන් 15යි + 06යි එකතු කළාම කීයද කියා ඇසූ බවත්, එවිට මනමාලයා උත්තරය වුයේ 16 බව මනාලිය පොලීසියට  පවසා තිබේ.

ඒ අවස්ථාවේ, මනමාලයාට අකුරු බැරි බව තේරුම් ගත් මනමාලිය එවැන්නකු විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දියාවේ, අප රටේ මෙන් තවමත් බහුලව පවතින්නේ, යෝජනා කර එක්කරන විවාහයන්ය. එමෙන්ම විවාහ ගිවිසුමෙන් පසුවද, මනමාලයාට හා මනමාලියට විවාහයට පෙර ඇසුරු කිරීමට ඉඩ නොලැබේ.


මේ නිසා, බොහෝ අවස්ථාවල, සත්‍ය වසන් කරනු ලබන ප්‍රකාශ වේ. 

No comments:

Post a Comment