Thursday, March 19, 2015

මිනීමැරුමකට ප‍්‍රධාන සැකකරු වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තනතුරින් ඉවත් කරන්න.


සැමියාගේ මරණය ස්වාභාවික එකක් බව එකක් බව පෙන්වීමට පොලීසිය උත්සහා දරන්නේ  වත්මන්  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජේ.පො.අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හා ඔහුගේ බිරි නීතිඥ නිර්මලී යසස්වී හෙට්ටිගේ බලපෑම් මත බව පවසන, මිය ගිය තැනැත්තාගේ බිරි, මෙම මිනිමැරුම රුපියල් මිලියන 55ක දේපලක් හිමිකර ගන්නට කරණු ලැබූ එකක් බව පවසයි.
අභිරහස් ලෙසට මරණයට පත්වු වාද්දුවේ, මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි ගේ බිරි චන්ද්‍රා නන්දනී පෙරේරා මිය, පොලිස්පති,    ජනාධිපති ලේකම්, පොලීසිය බාර මහජන සාම අංශ , ආපදා කළමණාකරණ හා ක‍්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ලිපියන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මයාගේ ජනාධිපති විමර්ශන අංශයේ නිලධාරියෙකුව සිටිමින් මෙම මරණය අදාල පරික්ෂණ වලට බලපෑම් කරන ලද බවට චොදනා කරයි.
ඇය සිය ලිපියේ මෙසේද සහකර තිබේ.
මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි ගේ අභිරහස් මරණය සම්බන්ධවයි.
සැකකරුවන්:- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ.පො.අ. නීතිඥ රුවන් ගුණසේකර හා  ඔහුගේ බිරිඳ නීතිඥ නිර්මලී යසස්වී හෙට්ටිගේ
2014 පෙබරවාරි මස 13 වන දින අභිරහස් ලෙසට මිය ගිය, මාගේ සැමියා වූ මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි ගේ මරණය අදාල මරණ පරික්ෂණ විභාගය පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක 18139 යටතේ දැනටත් පැවැත්වේ. මීළඟ නඩු දිනය, 2015 අප්‍රෙල් 28 වේ.
මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි ගේ මරණය ස්වාභාවික මරණයක් නොව, මිනී මැරුමකි.
1. ඔහුව මරා දැමීමට, මාස 3කට පෙර, ඔහු සතුව තිබූ මිලියන 55කට ආසන්න වටිනාකමකින් යුතු ඉඩකඩම්, ගෙවල් ෙදාරවල්, ඔබ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ගේ බිරිඳ වන නීතිඥ නිර්මලී යසස්වී හෙට්ටිගේ නමට ලියවාගෙන තිබින.
2. මාගේ සැමියාව මරා දැමීම හා මරණයෙන් පසු සියලූ සාක්ෂි විනාශ කර දැමීමට මුල් වූයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර බව, වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කර සිටිමි.
3. මොහුට මෙම අපරාධය කර, එයින් බේරීමට එදා මග පාදාගත්තේ, ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මයාගේ ජනාධිපති විමර්ශන එ්කකයේසේවය කරමින්, එම බලතල උපයෝගී කරගෙනය.
4. මෙය ඉතාම පැහැදිලි වන්නේ, මොහු අදටත් මරණ පරීක්ෂණ විභාගයට ඉදිරිපත් නොවීමට වග බලා ගැනීමෙනි. අද වන තුරු ඔහුගෙන් මේ මරණය ගැන පොලිසිය ප‍්‍රකාශයක් වත් ගෙන නැත.
5. එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මයාගේ ජනාධිපති විමර්ශන අංශයේ බලය උපයෝගී කරගෙන කටයුතු කළ මොහු වත්මන් රජයේ, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වී, එම බලතලම උපයෝගී කරගෙන, මිනීමැරුමකින් බේරීමට සැලසුම් කරමින් සිටී.
6. මොහු, ඔබ මාධ්‍ය ප‍්‍රකාශක ජේ.පො.අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර හා අදාලව මා මීට පෙර පැමිණිලි කර ඇත. මේ හා අදාලව මාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ප‍්‍රකාශයක් ගෙන තිබේ.
7. නමුත්, අද දින දක්වාම මරණ පරික්ෂණ විභාගයට පොලිසිය නියමිත කරුණු ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටී.

8. ජේ.පො.අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර ව සාක්ෂියට කැඳවීමට, 2015.03.17 දින විභාගයේදී ගරු මහේස්ත‍්‍රාත්තුමා ගෙන් ඉල්ලීමක් කරණු ලැබීය.
9. මොහු ඉදිරියේදීවත්, සාක්ෂි සඳහා ඉදිරිපත් කරණු ලබන ඇතැයි යන්න සැක සහිතය. මන්ද  මොහු හිමිකරගෙන තිබෙන සුවිශේෂී තනතුර නිසා, නිසි පරිදි, වාද්දුව පොලිසිය, සාක්ෂි මෙහෙයවනු ඇතැයි විශ්වාස කළ නොහැක.
10. මන්ද, ආරම්භයේ සිට මේ දක්වා වාද්දුව පොලිසිය ක‍්‍රියා කළේ සැකකරු වූ ජේ.පො.අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හා ඔහුගේ බිරිඳ වන නීතිඥ නිර්මලී යසස්වී හෙට්ටිගේ මග පෙන්වීම් යටතේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමටය.
11. මා ඉල්ලා සිටින්නේ, මිනීමැරුමට ප‍්‍රධාන සැකකරු වූ ජේ.පො.අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මාධ්‍ය ප‍්‍රකාශක තනතුරින් ඉවත් කරන ලෙසටත්, පරීක්ෂණ සාධාරණව පැවැත්වීමට බලපෑම් කළ නොහැකි තත්ත්වයට පත්කරන ලෙසටත්ය.
එසේ නොවුනහොත්, රුපියල් මිලියන 55ක දේපලක් හිමිකර ගන්නට කරණු ලැබූ මිනී මැරුම, සදාකාලිකවම අභිරහසක් වනු ඇත. ස්තුතියි, අ.ක/ගුරුගේ චන්ද්‍රා නන්දනී පෙරේරා



No comments:

Post a Comment