Wednesday, March 11, 2015

පෙලීසිය අඬම්තෙට්ටම් කළේ උප පොලිස් පරික්ෂකගේ නියම බිරිඳගේ කීමට.

පානදුර දකුණ පොලීසිය,  තමාව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, බොරු නඩු දැමිම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ට හා  පොලිස්පති වරයාට ලිඛිතව පැමිණිලි කරන, පානදුර පදිංචි කාරියක්, පානදුර දකුණ පොලීසියේ ස්ථානාධිපති (හිටපු* මහේෂ් පෙරේරා, පානදුර දකුණ පොලීසියේ උ.පො.ප.මුණගම සහ පානදුර දකුණ පොලීසියේ අධිකරණ කටයුතු බාර පොලිස් නිලධාරියාට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටි. 

දෙරු මවක් වන ඇය සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කරයි. 

2015.02.15 දින, ප:ව:1.30 ට පමණ පානදුර දකුණ පොලීසියේ උ.පො.ප.මුණගම නැමැති නිලධාරියා සමග, කාන්තා පොලිස් නිලධාරිණියක් හා තවත් නිලධාරියෙක් ජීප් රථයෙන් පැමිණ  තුෂාරි නිල්මිනි කුමාරි යන අයට පහර දුන් බවට පැමිණිල්ලක් තිබෙන බවත්, හෙට උදේ 9.00 ට පොලීසියට එන ලෙසට දැනුම් දී තුණ්ඩුවක් ද දුන්න බව.

එසේ දැනුම් දි ගොස් නැවත විනාඩි 10 කින් පමණ පැමිණි උ.පො.ප.මුණගම දැන්මම පොලීසියට යායුතු බව ප‍්‍රකාශ කළ බවත්, එ් අනුව ඇය, අවු: 9 හා අවු: 7 වයසේ දරුවන් දෙන්නා ගෙදර තනියෙන් තබා, ඔවුන් එක්කම පොලීසියට ගිය බව. 

පානදුර දකුණ පොලීසියේ දි, ඇගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගෙන ඇත්තේ උ.පො.ප.මුණගම බවත්, එසේ සටහන් කර ගැනීමේ දි තුෂාරි නැමැත්තිය ගෙන් උපදෙස් ලබා ගත් බව. 

දහවල් 1.00 ට පමණ තම අප වත්තට ඇතු`ඵ වු තුෂාරි නැමැති උප පොලිස් පරික්ෂකගේ බිරිඳ, කුණුහරුප කියමින්, ගල්වලින් ගසමින් ඉතා අසභ්‍ය විදියට හැසුරුණු බවත්, තමා ඇයට පහර දීමට හෝ තර්ජනය කිරීමක් නොකළ බවත්, ඇය ගිය පසුව පොලීසියට ගොස් පැමිණිලි කරන්න සූදානමින් සිටි බව. එයින් පසුව කියවීමට හෝ කියවා තේරුම් කිරීමක් හෝ නොකොට අත්සන් ගත් බව. 

එයින් අනතුරුව ඇගේ දුරකතනය අරගෙන, අත්අඩංගුවට ගෙන කූඩුව ළඟ බංකුවක වාඩි කෙරෙව් බවද, ඇය ඉල්ලා සිටියද, ඇයට දරුවන් දෙන්නාට වත් කතා කරන්න ඉඩ නොදුන් බව.

එමෙන්ම ඇයට රාත‍්‍රියේ කෑම ලබා නොදුන්න බව. උප පොලිස් පරික්ෂකගේ බිරිඳ තුෂාරි නිල්මිනි කුමාරි ඇගේ නිවසට පැමිණ කරන ලද බලහත්කාරකම් ගැන පැමිණිල්ලක් දාන්න අවශ්‍ය බව කිව්වද එයට ඉඩ දුන්නේ නැති බව.

පසුදින, 2015.02.16 උදේ කෑම හා දවල් කෑම ලබා නොදුන් බව. දවල් 12.00 න් පසුව, ජීප් රථයෙන් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන විත් ඉදිරිපත් කළ බව. ඒ අවස්ථාවේ ඇප ලබාදීමට පොලීසිය විරුද්ධ වුවද, කරුණු සලකා බලා තමාව ඇප මත මුදාහල බවද ඇය කියා සිටියාය. ඇයව අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා තමාට නින්දා අපහාස වන ආකාරයට ප‍්‍රකාශ කරමින් තමා, මිරිහාන පොලීසියේ උප පොලිස් පරීක්ෂක නයනජිත් නැමති අයගේ අනියම් බිරිඳ බවට වන ප‍්‍රකාශයක් කළ බව ද ඇය වැඩි දරටත් කියා සිටි.

මෙසේ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ වන තුෂාරි ගේ අවශ්‍යතාවය මත නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, නීති විරෝධීව රඳවා තබා ගැනීම, ව්‍යාජ චෝදනා හා අපහාසාත්මක ප‍්‍රකාශ කර අධිකරණයේ නඩු පැවරීම මගින් ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද බව ඇය ප‍්‍රකාශ කර සිටි.

No comments:

Post a Comment