Wednesday, April 1, 2015

සැමියාව දින 10 ක් පුරා රඳවාගෙන, පැමිණිල්ල දාන්න ගියාම, දුවට කියා සිංදු කියවාගෙන.


2015.03.23 වන දින, තම සැමියා වූ  විජේසිංහ යන අයව මිරිහාන පොලීසිය අත්අඩංගුවට ගත් බවත්, නමුත් දැණුම් දුන්නේ නැති බව ප්‍රකාශ කරන බිරිඳ ප්‍රියංකා, ආරංචියක් අනුව 2015.03.26 වන දින මිරිහාන පොලීසියට ගිය විට, ඔහුව රවාගෙන සිටි බව කියා සිටී.
ඉන් අනතුරුව 2015.03.29වන දින, එනම් දින 3කට පසුව,  ගල්කිස්ස පොලීසියට භාර දී ඇත. එහිදී ඔහුට වධ දී තිබේ.
මේ පිළිබව වගකිවයුත්තන්ට ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසුව, ඇය ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයට ගියේ වාචිකව පැමිණිලි කිරීමටය. නමුත් පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් අධිකාරීවරයා හා කාර්යාලයේ නිලධාරීන්, ‘‘2014 දෙරණ ලිට්ල් ස්ටාර් තරයෙන් පළමු තැන දිනාගත් දියණිය ලවා සින්දු කියවාගෙන විනෝද වී තිබේ.
නීති විරෝධිව රවා තබාගෙන, වධදෙමින් බොරු චෝදනා දැමීමට සැලසුම් කරන පොලීසිය, අත්අඩංගුවේ සිටින පියා බැලීමට ආපු පොඩි දුවගෙන් සිංදු කියවාගන්නට තරම් නීච, පාදඩ තත්ත්වයට පත්ව තිබේ.
පසුගියදා වෙලේ සුදාගේ ලිපිගොනු අතුරුදහන් කළේද මේ ගල්කිස්ස පොලීසිය බව සිහිපත් කළ යුතුයි.

නීතිගරුක පොලීසියක් ඇතිකිරිම ට පියවර නොගෙන කථා කරන යහපාලනය,  මිත්‍යාවකි. ජනතාව රැවටීමකි. 

No comments:

Post a Comment