Thursday, April 2, 2015

පොලිස් අපරාධ වලට විරුද්ධ වුනාට බොරු නඩු දමා රිමාන්ඩ් කරයි.


 පයාගල පොලීසිය නිරායුධ අසරණ තරුණයෙකුට අමානුෂික ලෙසට පහර දීමට විරෝධය දැක්වීම හා සිද්ධිය අදාලව සාක්ෂි දීමට ඉදිරිපත් වූ පුද්ගලයෙකුට එරෙහිව බොරු නඩු දමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියකි මේ.

සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට නීති ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ දරන අතර, පොලීසිය සාක්ෂිකරුවන් හා සාක්ෂි වනසා දැමීමේ සිද්ධි අතර වාර්තා වූ මෑතකම සිද්ධිය මෙය වේ.

මේ 2015 ජනවාරි 15 දින, කලමුල්ල ප‍්‍රදේශයේදී පයාගල පොලීසියේ නිලධාරියෙකු අසරණ තරුණ පුද්ගලයෙකුට පහර දීම හා ඔහුගේ ඥාතිවරියකට පහර දීම අදාලව, සාක්ෂි දුන් එම ප්‍රෙද්ශයේ සමාජ සේවකයෙකු වූ ලූකස් මහතාට විරුද්ධව බොරු චෝදනා දමා, කළුතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත්කර තිබේ.

පොලිස් නිලධාරීන්ගේ දූෂණ නීති විරෝධී ක්‍රියාවන් ආරක්ෂා කරන්නේ ඉහළ පොලිස් නිලධාරීන් බව තවමත් රටවැසියන් දන්නේ නැත. මෙම සිද්ධිය නීති විරෝධී මත්පැන් අදාල කරගෙන පැනගින ලද්දකි. ප‍්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ආකරයට ප‍්‍රදේශයේ මහා පරිමාන නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් තිදෙනෙකු සමග එක්ව සිටින පයාගල පොලීසිය හා ඔවුන්ට සහය දෙන උසස් පොලිස් නිලධාරීන් අසරණයින්ට විරුද්ධව නඩු පවරමින්, අල්ලස් ගනිමින්, ජනතාව රවටන්න උත්සාහ ගන්නා අතර, රජයේ, පොලිස් කාරයින්ගේ ආදායම තර කර ගනී.

මේ වන විට, සිවිල් සමාජ සංවිධාන, මාධ්‍ය මහා පරිමාන දූෂණ හෙළි කරනු ලබන අතර, ගම් මට්ටමින් ජනතාව පීඩාවට පත්කරන අල්ලස් දූෂණ ගැන නිහව සිටී.

මහා පරිමාණ දූෂණ වංචා විශේෂයෙන් පොලීසිය, අධිකරණය, පළාත් පාලන ආයතන වල ජනතාව පීඩාවට පත් කිරීම හෙළි කිරීම සිවිල් සමාජයේ, ජනමාධ්‍යෙය් වගකීම වේ.




















No comments:

Post a Comment