පොලසිය ලොතරැයි ජයග‍්‍රාහකයාව පරලොව යැවීම.

SUNIL HEMACHANDRA

තිස් ලක්ෂයකට අධික ලොතරැයිය ජයග‍්‍රාහණය කළ සුනිල හේමචන්ද්‍රගේ මරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ වාර්තාව වහාම සිංහලෙන් හා දෙමළෙන් පළකර ශ‍්‍රි ලංකාවේ යුක්තිය පසඳලීම හා මානව හිමිකම් තත්වය ලක්වැසියන්ට දැන ගන්නට ඉඩ සලසන්න.
යහපාලනය ඇති කරන්නට සාමාන්‍යය ජනතාවට රටේ පොලීසිය,ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති, අධිකරණ වෛද්‍යවරයා හා මානව හමිකම් කොමිසම ගැන අවබෝධ කරගන්න ලක්වැසියන්ට තිබෙන අයිතිය තහවරු කළ යුතුය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකමිටුව විසින්, 2003 වසරේ සංවර්ධන වාසනා ජයමල්ල 487 වන දිනුම් ඇදිමේ පළමු දිනුම වන රු:- 30,03,100/- ත්‍යාගය හිමිකරගත්, මොරගහහේන පොලිස් වසමේ සුනිල් හේමචන්ද්‍ර (අවු:- 32) ගෙන් මොරගහහේන පෙලාලීසිය කප්පන් ගැනීමට ගත උත්සහය ව්‍යාර්ථවීම නිසා, 2003 ජුලි 23 දින රාත‍්‍රියේ පහරදි අත්අඩංගුවට ගෙන පොලිස්කුඩුවේ දමා තිබියදි නහයෙන් කටින් ලේ දමමින් සිහි නැතිව සිටින විට රෝහලට ගෙනවිත් බාරදි තිබින. තෙවන දින ඔහු සිහි නොබලාම මිය යන ලදි.
ඔහු මිය යෑමට හේතුව පොලීසියේ අත්අඩංගුවේ සිටියදි හිසට සිදුව තිබු බරපතල තුවාල නිසා ඇතිවු අධික ලෙස ලේ ගැලීමය. මෙම මරණය සැක සහිත බවට හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය නිගමනය කර තිබුනද නීතිපති එම නිගමනය ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.  
සුනිල් මේචන්ද්‍රගේ මව හා නැගණිය මරණය අදාලව ශ්‍රෙෂ්ඨාධිකරනය හමුවේ මුලික අයිතිවාසිවාසිකම් පෙත්සමක් ගොනු කලද එය නිෂ්ප‍්‍රභා කළේය. එයට පදනම් කරගෙන තිබුනේ අධිකරණ නිලධාරිවරයාගේ එක් නිගමනයකි.
මානව හිමකම් කොමිසම මෙම මරණය පළිබඳ විමර්ෂන කටයුතු අතහැර  දමන ලද අතර එයට හේතු වශයෙන් පසුව දක්වන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙන බව දැන ගැනීමට ලැබීම නිසා බවය.
මෙම පසුබිම තුල ශ‍්‍රි ලංකාව තුල යුක්තිය ඉෂ්ඨ නොවන බවට තීරණය කළ සුනිල් හේමචනද්‍රගේ මව හා පුංචි අම්මා සුනිල් හේමචනුද්‍රගේ මරණය අදාලව ජනසංදය, ආසියානු මානව හිමිකම් කොමිසම, සහ රිඩෙ‍්‍රස් ආයතනය හා එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකමිටුව හමුවේ පැමිණිලික්  2011 දි ගොනු කරනු ලැබීය.
එම පැමිණිල්ල පිළිබඳ විභාගයෙන් අනතුරුව පොලීසිය,ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති, අධිකරණ වෛද්‍යවරයා හා මානව හමිකම් කොමිසමේ ක‍්‍රියා කලාපය වැරදි බව සහගත බවට නිගමය කර තිබේ. ඒ් අනුව ශ‍්‍රි ලංකා රජය වෙත නිකුත් කර තිබෙන නිර්දේශ අතර  එම වාර්තාව සිංහලෙන් හා දෙමළෙන් ප‍්‍රසිද්ධයට පත්කිරම ද කළ යුතුය.
ආසියාන් මානව හිමිකම් කොමිසම ප‍්‍රසිද්ධයට පත් කළ මෙම වාර්තාවේ සිංහල අනුවාදය පහත පළකරමු.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHRC) විසින්, පොලිස් භාරයේදී සිදුවූ මරණයක් සඳහා පොලිසිය, වෝහාරික ව්යාධිවේදියා, නීතිපතිවරයා හා, නීති සහන සැලසීමට අසමත් වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයද වැරදි බව සොයාගනියි. බැසිල් ප්‍රනාන්දු

2015
අප්‍රේල් 1 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද එක් නිර්ණයනයකින් හෙළි වන්නේ පොලිසිය, වෝහාරික ව්‍යාධිවේදියා, නීතිපතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන රජයේ ආයතන, 2003 ජූලි 26 වැනිදා මොරගහහේන පොලිසියේ සිදුවූ රැුකවරණ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අතිශයින්ම සාවද්‍ය බවයි. ප්‍රශ්නගත සිද්ධිය විමසා බැලීම සඳහා පහත සඳහන් කමිටු සාමාජිකයෝ සහභාගි වූහ: යාද් බෙන් ආචර්, ලස්හරි බව්සිද්, සාරා ක්ලේව්ලන්ඞ්, ඔලීවියර් ඩි ෆ්‍රොවිල්, යූජි අයිවාසාවා, ඉවානා ජෙලික්, ඩන්කන් මුහුමුසා ලාකි, ෆොටිනි පසාර්ටිස්, මව්රෝ පොලිටි, ශ්‍රීමත් නිගෙල් රොඞ්නි, වික්ටර් මැනුවෙල් රොඞ්රිගුවස්-රෙෂියා, ෆැබියන්  ඕමාර් සැල්වියෝලි, ධීරුජ්ලාල් බී. සීතුල්සිං, අන්ජා සෙයිබර්ට්-ෆොර්, යුවාල් ෂානි, කොන්ස්ටන්ටයින් වර්ඩෙසෙලාස්විල් සහ මාර්ගෝ වටර්වල්.

මෙම සිද්ධියේ කරුණු මෙසේ ය. සුනිල් හේමචන්ද්‍ර (සුනිල්) නිරෝගී, අකුරු ලියන්නට කියන්නට දත්, පෙර අපරාධ වැරදි කිසිවක් නැති අයෙක් විය. දිනපතා කුලියට වැඩ කළ කම්කරුවෙක් වූ ඔහු, වඩාත්ම කළේ රබර් කිරි කැපීම සහ පොල් කැඞීමයි.

ඔහුගේ දුර්භාග්‍ය සමය පටන් ගත්තේ රුපියල් මිලියන 3කට (ලක්ෂ 30කට) මදක් වැඩි මුදලක් දිනාගනිමින් ලොතරැයි ටිකට් පතකින් ජයග‍්‍රහණය ලැබීමත් සමග ය. ලොතරැුයි නියෝජිතයා හරහා සුනිල් ලොතරැයිය දිනාඇති බව දැනගත් මොරගහහේන පොලිසිය පොලිස් නිලධාරියෙක් අත පණිවුඩයක් යැව්වේ සුනිල් සිය ලොතරැුයිය ද ගෙන පොලිසියට පැමිණ, ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිසියේ සිටින ලෙසට ය. සුනිල් මේ යෝජනාවට අවනත නොවීය. ඒ වෙනුවට සිය මව හා නැන්දණිය සමග වහාම ගොස් ජයග‍්‍රාහී ලොතරැයිය මුදල්කොට එම මුදල සිය නැන්දණියගේ බැංකු ගිණුමේ තැන්පත් කළේය. ඉන්පසු රුපියල් ලක්ෂ 12කට වෑන් රියක්ද, සිය ලේලියකට ති‍්‍රරෝද රථයක් ද මිලදී ගෙන සිය බෑණාට රුපියල් පන්දහසක් තෑගි වශයෙන් දුන්නේය.

සති කිහිපයකට පසු මොරගහහේන පොලිසියෙන් කණ්ඩායමක් සුනිල්ව සෙවීම සඳහා ඔහුගේ නිවසට ආහ. ඔවුන් සුනිල්ගේ නැන්දණියගෙන් ප‍්‍රශ්න කර සිටියේ සුනිල් විසින් සිය ලොතරැුයි දිනුම් මුදල් වියදම් කර තිබේද යන්නයි. එක් පොලිස් නිලධාරියෙක් අනතුරු ඇ`ගවූයේ, ‘‘එයාගෙ සතුට වැඩිකල් තියෙන්නෙ නෑ’’ යනුවෙනි. ඉන්පසු සුනිල් ට පොලිසියට වාර්තා කරන ලෙසට පණිවුඩයක් තබා ඔවුහු ආපසු ගියහ.

එදිනම සුනිල්, චානක නමැති තමන් දන්නා හඳුනන අය සහ ලොතරැුයි නියෝජිතයාගේ පුතා වන ලයනල් සමග පොලිස් ස්ථානය වෙත ගියේය. පොලිසියේදී එක් පොලිස් නිලධාරියෙක් (උප පොලිස් පරීක්ෂකවරයෙක්) සපෝට්එකක් වශයෙන් මුදල් දෙන ලෙස කියා ඇත. එවිට, තමන් ළ`ග මුදල් නැති බව කියා සුනිල් එය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්පසු එම පොලිස් නිලධාරියාම, රුපියල් 25,000 ක් බලකරමින් ඉල්ලා තිබෙන්නේ හොරණ විද්‍යාරත්න පන්සලේ පෙරහැරක වියදම් පියවා ගැනීම සඳහා යැයි කියමිනි. සුනිල් මෙය ලබාදීමට එකඟ වී ඇත.

2003
ජූලි 22 වැනිදා එම පොලිසියේම නිලධාරීන් පස් දෙනෙක් වාහනයකින් සුනිල්ගේ නැන්දණියගේ නිවසට පැමිණ, කාමරයක නිදා සිටින ඔහුව, ‘ලොතරැයිය දිනූ කෙනාලෙස හැඳිනගෙන පහර දෙන්නට පටන් ගෙන තිබේ. මෙහිදී ඔහුගේ හිසට ද පහර දෙනු ලැබීය. සුනිල් හා චානක යන දෙදෙනාව අත්අඩංගුවට ගත් පොලිසිය, එම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙන්ම ජීප් රියෙන් ගෙන යන අතර ද පහර දී ඇත.  සුනිල්ගේ හිසට සහ යටි බඩට පහර දුන්
අතර, ඔහුට පහර දීම නවත්වන්නැයි කී විට චානකගේ මුහුණ ට ද කිහිප වතාවක් පහර දී තිබේ.

සුනිල් හා චානක ව මොරගහහේන පොලිසියට ගෙන ගොස්, තවත් රැුඳවියන් සිටි කුඩා කූඩුවක රඳවනු ලැබිණි. පසුදින උදෑසන චානක දුටුවේ, සුනිල් හොඳ තත්වයක් නොසිටින බවත්, ඔහුගේ මුවින් හා නාසයෙන් ලේ ගළන බවත්, ඔහුට නැගිටගත නොහැකි බවත් ය.

සුනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන චානක පොලිස් නිලධාරීන්ට දැන්වීය. කෙසේ නමුත් එවිට පොලිස් නිලධාරීන් චානක ට කීවේ සුනිල් ව පොලිසියේ පිටුපසට ගෙන ගොස් මුහුණේ ලේ පිසදාන ලෙසටය. කෙසේ වෙතත් නාසයෙන් හා මුවින් ලේ ගැලීම නතර නොවුණු අතර, සුනිල් ලේ කැටි කැටි වමනය කරන්නට පටන් ගත්තේය. එක් පොලිස් නිලධාරියෙක් චානකට කීවේ, අපස්මාර රෝගීන්ට කරන පරිදි, යකඩ දණ්ඩක් සුනිල්ටඅල්ලාගෙන සිටින්නට
සලස්වන ලෙසට ය.

එදින උදෑසන පොලිසියට පැමිණි සුනිල්ගේ නැන්දා දුටුවේ සුනිල් පොලිස් කූඩුවේ පොළොව මත නාසයෙන් හා කටින් ලේ පෙරාගෙන බිම වැතිර සිටින අන්දමයි. ඇය ද සුනිල්ගේ බරපතළ තත්වය පිළිබඳ පොලිසියට කියූ නමුත් ඇය ව පොලිසිය විසින් පන්නාගෙන තිබේ.

අවසානයේ සුනිල් ව පොලිස් වාහනයක දමාගෙන හොරණ මූලික රෝහල වෙත ගෙන ගියේ එදින පස්වරුවේ ය. සුනිල්ව බැලීමට ගිය නැන්දාට පොලිසියෙන් සුනිල්ට ඉතා දරුණු ලෙස පහර දී තිබෙන බව දැනගන්නට ලැබිණි. ඔහු දරුණු වේදනාවකින් පෙළෙන බවත් ඔහුගේ මුහුණ රතුවී ඉදිමී තිබෙන බවත් ඇය දුටුවාය.

එදිනම පසුභාගයේ සුනිල්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම පොලිස් ස්ථානයෙන්ම පොලින් නිලධාරීන් දෙදෙනෙක් රෝහලට ආහ. නමුත් ඔහුට හැකිවුණේ තමන්ගේ නම කියාගැනීමට පමණි. කෙසේ නමුත් අනෙක් පුද්ගලයා සමග කතා කරමින් කොළ දෙකක් පුරා පොලිස් භටයෝ යම් ලැයිස්තුවක් ලියාගත්හ. සුනිල් සිය නම ලියාගැනීමට හැකි කෙනෙක් වුවද, ඔහුගේ අත්සන වෙනුවට සුනිල්ගේ මහපටැ`ගිල්ලේ ඇඟිලි සලකුණු ද ලබාගැනිණි.

පසුදින සුනිල්ගේ පවුලේ අයට දැනගන්නට ලැබුණේ සුනිල් ව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සහ එහිදී මොළයේ සැත්කමකට ඔහු ව ලක්කළ බවයි. 2003 ජූලි 26 වැනිදා කොළඹ ජාතික රෝහලේ කාර්යමණ්ඩලය සුනිල්ගේ නැන්දණිය වෙත දැනුම් දුන්නේ එදින උදෑසන සුනිල් මිය ගිය බවයි.

සුනිල්ගේ මරණයට දින තුනකට පෙර, ඔහු රෝහල්ගත ව සිටින අතර සුනිල්ගේ නැන්දා හොරණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා හමු වී සුනිල් ව අත්අඩංගුවට ගැනීම හා වධහිංසාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළාය. නමුත් පොලිස් අධිකාරිවරයා ඇගේ පැමිණිල්ල සටහන් කර ගත්තේ නැත. එම නැන්දණියගෙන් සහ පොලිස් භාරයෙන් පසුව නිදහස් කෙරුණු චානකගෙන් හොරණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා  කටඋත්තර සටහන් කර ගත්තේ 2003 ජූලි 26 වැනිදා ය.

සුනිල්ගේ නැන්දණිය ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කළ අතර, ‘ජනසංසදයමානව හිමිකම් සංවිධානයේ උපකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නිලධාරීන් සහ ආයතන ගණනාවක් නම් කර තිබිණි.

නැන්දණිය කළ පැමිණිල්ලට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවෙන් 2008 අගෝස්තු මස වන තෙක්ම පිළිතුරක් නොලැබුණු අතර, 2008 අගෝස්තු මස ඔවුන් සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති බැවින් නඩුව ඇසෙන තෙක් තමන් කිසිදු පරීක්ෂණයක් නොකරන බව ය. එතැන් පටන් සුනිල්ගේ පවුලේ අයට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කිසිවක් දැනගන්නට නොලැබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සුනිල් හේමචන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එහිදී සුනිල්ගේ නැන්දණියගේ හා චානකගේ කටඋත්තර අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නිරීක්ෂණය කළේ, මොරගහහේන පොලිසියේ පොලිස් වාර්තාවේ, ‘සුනිල් ව පොලිසිය විසින් අත්අඩංගුටව ගැනීමට හේතුවක් වශයෙන් දැක්වෙන කිසිවක් පිළිබඳ  සඳහනක් නැති’’ බවයි. මෘතශරීරාගාරයේදී වින්දිතයාගේ මළ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සටහන් කළේ, සෙසු තුවාළ අතර, ‘පිටේ වම්පැත්තට වන්නට, තට්ටම්වලට යන්තම් අ`ගලක් පමණ ඉහළින්තුවාළයක් තිබෙන බවයි.

දින කිහිපයකට පසුව කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළේය. මරණයට පෙර සිදුවූ තුවාළ දහයක්, තැළීම් හතරක්, සීරීම් හතරක්, වම් ඇස වටේ පෙරි- ඕබිටල් හිමටෝමා තත්වයන් (කළු ඇස්) එකක් සහ එක් ශල්‍ය කැපීමක් පිළිබඳව ඔහුගේ වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, අතිරේක මහේස්ත‍්‍රාත්වරයා විසින් සටහන් යෙදූ, පිටේ වම්පැත්තේ වූ තුවාළය සම්බන්ධයෙන් අධිකරණ  වෛද්‍යවරයා වාර්තා කර නැත. ‘‘මොට ආයුධයකින් පහර දීමේ කම්පනයෙන් හිස තුවාළ වීමෙන් පසු ඇතිවූ තීව‍්‍ර අධෝවරාශික රක්තපාතය’’ වශයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් සුනිල්ගේ මරණයට හේතුව හඳුනාගත්තේය. එම වාර්තාවේ මාරක රක්තපාතයක් හෙවත් ලේ ගැලීමක් සිදුවිය හැකි හේතු හතරක් හඳුනාගත්තේය. එනම්, ආයුධයකින් හෝ බූට් සපත්තු පැළඳ වින්දිතයාගේ පිටුපසට එල්ල කළ දැඩි පහරක්, තල්ලූ කර දැමීම  නිසා සිදුවූ වැටීමක්, හදිසි අනතුරකින් ඇද වැටීමක් හෝ මධ්‍යසාර භාවිතය එකවරම නතර කිරීම හෝ මීමැස්මොර රෝගය හේතුවෙන් ඇතිවූ අපස්මාර තත්වයක් යනුවෙනි. පුදුමාකාර ලෙසට එම වාර්තාවෙන් නිගමනය කර තිබුණේ, ‘‘මරණයට හේතුව මධ්‍යසාර අධික ලෙස භාවිතා කරමින් සිට එය හදිසියේ නතර කිරීමෙන් පසු සිදුවූ ඇද වැටීමක් විය හැක, මේ බව මියගිය අයගේ සිරුරේ විශාලනය වූ සහ විඩාපත් තත්වයට පත්වූ අක්මාවක්  තිබීම නිසා සැකයෙන් තොරව පෙනේයනුවෙනි.

2003
අගෝස්තු 29 වැනිදා හොරණ මහේස්ත‍්‍රාත්වරයා පානදුර පොලිසියේ පොලිස් අධිකාරිවරයාට නියම කළේ වින්දිතයාගේ මරණය ආශ‍්‍රිත කරුණු සැකසහිත බව පෙනෙන හෙයින් විමර්ශනයක් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ය.
කෙසේ නමුත් 2004 අගෝස්තු 29 වැනිදා නීතිපතිවරයා තීරණය කළේ, වින්දිතයාට සිදුවූ කිසිදු පහරදීමක් පිළිබඳ සාක්ෂි නොමැති නිසා සුනිල් හේමචන්ද්‍රගේ මරණයට සම්බන්ධ ව ගොනු කළ හැකි චෝදනාවක් නැති බවයි. නීතිපතිවරයාගේ මේ සඳහන මත පදනම් ව මහේස්ත‍්‍රාත්වරයා නඩුව ඉවත් කළේය.

2003
සැප්තැම්බර් මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් 2010 අගෝස්තු 6 වැනිදා තීන්දුවක් ලබාදුන්නේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම අයදුම්පත නිෂ්ප‍්‍රභා කළේ, ‘‘මත්පැන් භාවිතය එකවර නතර කිරීමෙන් පසු හටගත් අපස්මාර තත්වයක් හේතුවෙන් සිදුවූ ඇදවැටීමක්’’ ය යන නිගමනය මත ය
.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවසානාත්මක සොයාගැනීම්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සුනිල්ගේ සිද්ධිය සලකා බැලූයේ සිය කමිටුව හමුවේ තැබුණු තොරතුරු සලකා බලා ය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ වෛකල්පික ප්‍රොටෝකෝලය යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සිදුකරන පැමිණිලිවලට ශ්‍රී ලංකාව, රාජ්‍ය පාර්ශවයක් වශයෙන් පිළිතුරු සැපයීමට බැඳී සිටින බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
කෙසේනමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් දෙවරක්ම සිදුකළ ඉල්ලීම් නොතකා හරිමින් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනාවලට රාජ්‍ය පාර්ශවය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පහත සොයාගැනීම්වලට ඒ අනුව එළඹුණේය.

ජීවත්මේ අයිතිය අත්තනෝමතික ලෙස අහිමි කිරීම

6
වන වගන්තිය යටතේ සුනිල් හේමචන්ද්‍රගේ ජීවත්වීමේ අයිතිය අත්තනෝමතික ව අහිමි කිරීම සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමසා බැලීම් යටතේ කමිටුව සිය නිතී මීමාංසය සිහිපත් කරමින් නිශ්චය කළේ, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවාතබාගැනීමේදී ඔවුන්ගේ ජීවිත පිළිබඳ වගකීම රාජ්‍ය පාර්ශවය විසින් ගත යුතු බවත්, රැකවරණ භාරයේදී සිදුවන  ඕනෑම ආකාරයක මරණයක් පැහැදිලිව පෙනී යන පරිදි ලඝු සහ අත්තනෝමතික මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකිය යුතු බවත් ය. ‘‘මින් අනතුරුව මේ පූර්වනිගමනය තහවුරු කිරීම හෝ බිඳ හෙළීම පිණිස සම්පූර්ණ, සීඝ‍්‍ර සහ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතුය, විශේෂයෙන්ම ඥාතීන්ගේ පැමිණිලිවලින් හෝ සෙසු පිළිගත හැකි වාර්තාවලින් අස්වාභාවික මරණයක් පිළිබඳව යෝජනා කරන විටදී’’ එසේ කළ යුතුය. මොරගහහේන පොලිසියේ සාමාජිකයන් විසින් සුනිල් හේමචන්ද්‍ර ව 2003 ජූලි
22
වැනිදා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත්තේය. දින හතරකට පසු ජූලි 26 වැනිදා කොළඹ ජාතික රෝහලේදී ඔහු මිය ගියේ ‘‘මොට ආයුධයකින් පහර දීමේ කම්පනයෙන් හිස තුවාළ වීමෙන් පසු ඇතිවූ තීව‍්‍ර අධෝවරාශික රක්තපාතය’’ නිසා ය. වින්දිතයාගෙන් නොකඩවා ලේ වහනය වෙමින් තිබුණද, කෙසේද යත් අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් දින ට (2002 ජූලි 22 වැනිදා) පසු දිනයේ ඔහු බරපතළ තත්වයකින් පසුවූ බව පෙනෙන්නට තිබුණද, අඩුම  වශයෙන් පැය තුනක් යන තෙක් පොලිසිය වින්දිතයාට වෛද්‍යාධාර ලබාදීමට අසමත් විය.

සුනිල්ගේ මරණය සම්බන්ධ සැකසහිත වාතාවරණය පිළිබඳ රාජ්‍ය පාර්ශවයේ විමර්ශනය නොසෑහීම.

සම්මුතියේ 6 සහ 7 වගන්තිවලින් සුරක්ෂිත කර තිබෙන, අපරාධ විමර්ශනය හා අනතුරුව නඩු පැවරීම මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිකර්මයන් වන බව කමිටුව සිහිපත් කර තිබිණි. මේ සිද්ධියේදී කමිටුව නිරීක්ෂණය කර තිබෙන්නේ, රජයේ පාර්ශවයෙන් සියලූ විමර්ශන කටයුතු  සිදුකර තිබෙන්නේ සුනිල් හේමචන්ද්‍රව අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් මොරගහහේන පොලිසියේ සාමාජිකයන් විසින් ම බවයි.

තවද හොරණ මහේස්ත‍්‍රාත්වරයා විසින් 2003 අගෝස්තු 8 වැනිදා නියෝග කළ විමර්ශනය සිදුනොකළ බව, 2004 අගෝස්තු 29 වැනිදා පහරදීමක් පිළිබඳ චෝදනා තවදුරටත් පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා ගත් තීරණය, වින්දිතයාගේ පාර්ශවයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදීමට වසර 7 ක් ගතවීම සහ 2010 අගොස්තු මස 6 වැනිදා ලබාදුන් එහි තීන්දුවෙන්, වින්දිතයාගේ මරණය පොලිස් භාරයේ සිටියදී සිදුවූ  වධහිංසාවේ ප‍්‍රතිඵලයක් වීමට තිබූ ඉඩ බැහැර කිරීම, එසේ කළේ කරුණු තහවුරු කර ගැනීමට සහ අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා කිසිදු ස්වාධීන විමර්ශනයක් සිදුකිරීමට නියෝග කිරීමෙන් තොරව වීම, කිසිදු පොලිස් නිලධාරියෙක් සැකකරුවෙක් ලෙස හඳුනානොගැනීම සහ ප‍්‍රශ්න නොකිරීම සහ ඒ අනුව ඔවුන් නීතිය ඉදිරියට ගෙන යාම අත්හිටුවීම යන කරුණු ද කමිටුව නිරීක්ෂණය කළේය. රාජ්‍ය පාර්ශවය මේ සම්බන්ධයෙන්  පැහැදිලි කිරීමක් ලබාදීමට අසමත් වීම තුළ කමිටුව නිගමනය කර තිබෙන්නේ සුනිල් පේ‍්‍රමචන්ද්‍රගේ මරණයේ සැකකටයුතු වාතාවරණය සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශවයේ විමර්ශනයන් ප‍්‍රමාණවත් නැති බවයි. රාජ්‍ය පාර්ශවයේ නිලධාරීන් කි‍්‍රයාවන් හෝ නොකර හැරීම් මගින් සුනිල් හේමචන්ද්‍රගේ ජීවිතය රැුක ගැනීමට සුදුසු පියවර නොගැනීම, ඔහුගේ මරණය පිළිබඳ නිසි විමර්ශනයක් නොකිරීම සහ වගකිවයුත්තන් ට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් 6 වගන්තියේ 1 වන ෙඡ්දයේ ප‍්‍රතිපාදනය වෙන් වෙන්ව කියැවීමෙන් සහ එම ප්‍රතිපාදනය සම්මුතියේ 2 වගන්තියේ 3 ෙඡ්දය සමග කියැවීමෙන් උද්ගත වන උල්ලංඝනයන්ට වගකිව යුතු වන බව ද කමිටුව නිගමනය කළේය.

වධහිංසාව සහ හදිසි වෛද් ප්‍රතිකාර ලබාදීමට අසමත් වීම
මොරගහහේන පොලිසියේදී දරුණු වධහිංසා සිදුවී ඇති බවත්, රැුඳවියාගේ බරපතළ තත්වය බව දැකීමෙන් පසුවත් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඔවුන් අසමත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිගමනය කළේය.

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම
සුනිල් හේමචන්ද්‍රගේ අත්අඩංගුවට ගැනීම සහ ඔහු ව රඳවා තබාගැනීම ද නීතිවිරෝධී බවත් රාජ්‍ය පාර්ශවය ඔහු ව අත්අඩංගුවට ගැනීමට හේතුව දැනුම් දීමට ද අපොහොසත් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිගමනය කළේය.

දින 180 ක් තුළ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සපුරාලිය යුතු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශය

රාජ්‍ය පාර්ශවයක් වශයෙන් ශ‍්‍රී ලංකාව අපරාධකරුවන් යුක්තිය ඉදිරියට පැමිණවීම සාක්ෂාත් වන පරිදි සහ හානි පූරණය සාක්ෂාත් කරන පරිදි, මේ සිද්ධියේ කරුණු සම්බන්ධයෙන් සීඝ‍්‍ර, සම්පූර්ණ සහ ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බවත්, මෙයට වින්දිතයාගේ පවුලට සෑහෙන වන්දියක් ගෙවීම සහ ඔවුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීම ඇතුළත් විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම  නිර්දේශ කර ඇත. තවද රාජ්‍ය පාර්ශවය මෙවැනි සිද්ධි අනාගතයේ ඇති නොවීම සාක්ෂාත් කිරීමට අත්‍යවශ්‍ය සියලූ පියවර ගත යුතුය. කමිටුවේ නිර්දේශ දින 180 ක් තුළ බලාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ද රාජ්‍ය පාර්ශවයෙන් ඉල්ලා තිබේ. කමිටුවේ මතයන් ප‍්‍රකාශනය කරන ලෙසටද, රාජ්‍යයේ නිල භාෂාවට ඒවා පරිවර්තනය කර පුළුල් ලෙස බෙදා හරින ලෙසද රාජ්‍ය පාර්ශවයෙන් ඉල්ලා  සිටිනු ලැබේ.

නව ආණ්ඩුව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට වඩා වෙනස් ලෙස ක්‍රියාකරනු ඇත්ද?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයේ සිටියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ලබාදුන් සියලූ නිර්දේශයන් හා මතයන් සම්පූර්ණයෙන්ම නොතකා හැරියේය. දැන් ප්‍රශ්නය වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පවත්වන සබඳතා ඇතුළුව අන්තර්ජාතික සබඳතා පිළිබඳ පෙර පැවති ආණ්ඩුව ගෙන ගිය පිළිවෙත තවදුරටත් ගෙන නොයාමට පොරොන්දු වී සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන්  යුත් නව ආණ්ඩුව, සුනිල් හේමචන්ද්‍රගේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතයන් හා නිර්දේශ සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් ක්‍රියාකරනු ඇත්ද යන්නයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිය ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය බවට යහපාලනය පත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ සහ නිරීක්ෂණ, ශ‍්‍රී ලංකාවේ යහපාලනයේ අති ප්‍රබල ඌනතාවන් විදහා දක්වයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් රැකවරණ මනුෂ්‍ය ඝාතන පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම මේ අතරින් විශේෂ වැදගත්කමකින් යුක්ත ය. සුනිල්ගේ නඩුවේදී සිදුවූ පරිදි, විමර්ශන නතර කිරීම සඳහා අපරාධ නඩුවලට නීතිපතිවරයා මැදිහත්වීම ද තවත් වැදගත් කරුණකි.

මේ සිද්ධියේ ඇති තවත් සුවිශේෂී දෙයක් වන්නේ, නව පරීක්ෂණයක් පැවත්වීමට නියම කිරීමට ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අපොහොසත් වීම සහ එමගින් රැකවරණ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ පරීක්ෂණ පැහැර හරිමින් යුක්තිය මගහැරීම සඳහා වූ පොලිසියේ කූට උපක‍්‍රමය පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට කළ හැකිව තිබූ මැදිහත්වීම කිරීමට අසමත්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව  හිමිකම් කොමිසම විසින් නිරීක්ෂණ සිදුකර තිබීමයි.



Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 ලිපිය පිලිබඳ අදහස් :