Saturday, April 4, 2015

සුද්දා එක්ක කතා කරලා මට බැනගෙන බැනගෙන ගියා.




පොලිස් පණිවුඩයකට බේරුවල පොලීසියට ගිය විට, බැන තර්ජනය කර ප්‍රකාශයකට අත්සන් ගෙන උසාවි එන්න යයි නියෝග කළ බව පවසන, බේරුවල 60 හැවිරිදි බන්දුවතී මහත්මිය, මිනිස්සුන්ට ගරුසරු ඇතිව කතා කරන්න දන්නේ නැති පොලිස්කාරයින් නීතිය රකින්නේ කෙසේදැයි ප්‍රශ්ණ කරයි.
තම නිවස ඉදිරිපිට සිටින ස්කොට්ලන්ත ජාතිකයෙකු හා ඔහුගේ මෙහෙකාරිය විසින් කරන ලද පැමිණිල්ලකට තමාව පොලීසියට ගෙන්වා පීඩාවට පත් කළ බව පවසන ඇය, සුද්දාට හා මෙහෙකාරියට වාඩි වෙන්න දුනනත් තමාට වාඩි වීමටවත් ඉඩ දුන්නේ නැති බව කියා සිටී.
පොලීසියේ කැවීමකට යන ලද බන්දුමතී තමාට මුහුණදීමට සිදු වූ පීඩාකාරී තත්ත්වය ගැන පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර තිබේ. ඒ සාධාරණයක් ඉටු වේය යන බලාපොරෝත්තුවෙන් නොවේ. නිහව සිටින්න සුදානම් නැති බව පෙන්වීමටය.
තිරසාර යහපාලනයකට නීති ගරුක පොලීසියක අවශ්‍යතාවය ගැන කතා කිරීමට, මෙරට මාධ්‍ය, සිවිල් සමාජයේ බහුතරය තවමත් ඉදිරිපත් නොවීම තුළ පොලිස් දූෂණ අක්‍රමිකතා වර්ධනය වීමට හෙතු වේ.























No comments:

Post a Comment