Friday, April 3, 2015

දූෂිත පොලිස් නිලධාරීන් රකින්න පොලිස්පති ගේ මාණ්ඩලික සහකාර ඉදිරිපත් වෙයි.

  

 නීති විරෝධී විනය විරෝධී ක්‍රියාවල හික්කඩුව පොලීසියේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ සංජීව සෙනෙවිරත්නට විරුද්ධ පැමිණිලි යට ගසා ඔහුට උසස් වීමක් ලබාදීම අදාලව පොලිස්පති අමතන ලිපියට පිළිතුරක් සපයන පොලිස්පති මාණ්ඩලික සහකාර, ඒ.එස්.පී. හෙට්ටිආරච්චි, ප්‍රශ්නය පොලිස් කොමිෂමෙන් හා ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් විසා ගන්නැයි කියා තිබිණ.

පිළිතුරු ප්‍රතික්ෂේප කරමින් පැමිණිල්ල ඉදිරිපත් කළ හැරිසන් මහතා, තමන්ව සම්ච්චලයට භාජනය කරමින් දූෂිත පොලිස් නිලධාරීන් ආරක්ෂා කිරීමට දරන තැත, මහජන මිත්‍රශීලී, වෘතීමය, අභිමානවත් පොලිස් සේවයක් දැකම් කරගෙන තිබෙන ශ්‍රී ලංකා පොලීසියට කෙතරම් උචිත ද යයි ප්‍රශ්න කර සිටී.

හැරිසන් මහතා හා ඔහුගේ පුතාට පොලිස් බලතල උපයෝගී කරගෙන ක්‍රියාත්මක කරන ලද නින්දා සහගත, නීති විරෝධී ක්‍රියා හා අදාල නඩු තීන්දු ඇතුළත් ප්‍රකාශනය වන දූෂිත පොලීසියකට එරෙහි නොනිමි ගමනක් ....... දැන් නිකුත් වී තිබේ.  
එය ජනසංසදයෙන් ලබාගත හැකිය. 



No comments:

Post a Comment