Friday, April 10, 2015

මිනිහාව කූඩුකර, ගේයි ඉඩමයි කොල්ලකන්න පොලීසියේ සූදානමක්.

දැනට රත්නපුර පොලීසියේ සේවය කරන පොලිස් කාරයෙක්, තම ඉඩම හා ගෙය කොල්ල කන්න සූදානම් වන බවත්, තම ජීවිතයට පවා තර්ජන එල්ල වන බව ප්‍රකාශ වේ.

කුරුවිට ප්‍රෙද්ශයේ මෝටර් රථ කාර්මිකයෙකු වන සුගත් නැමැත්තා, මේ පිළිබව පොලිස්පතිවරයා ට පවා පැමිණිලි කර තිබෙන නමුත් කිසිදු පියවරක් ගෙන නැති බව ද කියා සිටී.

ඔහු පවසන අන්දමට මීට වසර පහකට පෙර මිළයට ගන්නා ලද නිවස හා ඉඩමේ මෑතක් වන තුරුම කරදරයකින් තොරව, ජීවත් වූ බවද ඉඩම තමාට නීත්‍යානුකූලව හිමි බවට වන සියලු ලේඛන තමන් සතු බව ද කියා සිටී.

පසුගිය මාසයේ, එවක කුරුවිට පොලීසියේ සේවය කළ දැනට රත්නපුර පොලීසියේ සේවය කරන මහේෂ් චින්තක සේනානායක නැමති නිලධාරියා, තම නිවසට හිමිකම් කියමින් පොලිස් බලය යොදා, නිවස හා ඉඩමට ඇතුලු වන්නට උත්සාහ දරන බව කියා සිටී.

මෙම පොලිස් නිලධාරියා, අයිරින් ප්‍රනාන්දු නැමැත්තියක් හා එක්ව මෙම අපරාධය කරන්නට සූදානම් වන බවද කියා සිටි. මෙම නිලධාරියා, ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව, රහසිගතව තමා අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා නගා, අධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත් කරවීමට උත්සාහ ගනිමින් සිටින බවද පෙන්වා දෙයි.

තමා, බිරි හා 18 හැවැරිදි දියාණිය සමග තනිව නිවසේ පදිංචිව සිටින බවද, තමාව අධිකරණය යොදවාගෙන රිමාන්ඩ් බාරයට පත් කර, ඒ කාලය තුළ බිරි හා දියණිය පලවා හැර, නිවසට රිංගා ගැනීම සැලසුම වී තිබෙන බවද පෙන්වා දෙයි.


නොපමාව ඉදිරිපත්ව තම ජීවිතය හා දේපළ ආරක්ෂා කර දෙන ලෙසට, සහ බොරු නඩු දැමීම වලක්වාලන ලෙසට පොලිස්පති ගෙන් ඉල්ලා සිටී.

1 comment:

  1. යහපාලනයේ අනුහසින් මොහුට පිහිටක් ලැබෙනු ඇති බව විශ්වාසයි

    ReplyDelete