Thursday, April 2, 2015

මහින්ද රාජපක්ෂ ගේ දූෂණ ආරක්ෂා කරන්නට මානව හිමිකම් කොමිෂමත් එකතු වූ වගයි.


මහින්ද රාජපක්ෂගේ දූෂණ, මානව හිමිකම් උල්ලංඝණයන් වසන් කිරීම සහා ඔහු විසින් පත්කරන ලද කොමසාරිස්වරු අතිරේඛ ලේඛම් හා අනිකුත් නිලධාරීන් ගේ දූෂණ රැසක් මේ වන විට හෙළිදරව් වී තිබේ.
ඒ අතර, බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන අධිකාරිය විසින් , මාර්ග බලපත්‍රයක් කූඨ ලෙස රුපියල් ලක්ෂ 8 කට, හිමිකරුට නොදී වෙනත් අයෙකුට පැවරීම අදාලව විමර්ශන මානව හිමිකම් කොමිෂන් සභාව යට ගැසූ ආකාරය හෙලිදරව් කරන්නට අද හැකිව තිබේ.

බ.ප. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති (බෑනා) හා එවක බ.ප. ප්‍රවාහන ඇමති (මාමා) විසින් කූඨ ලෙස වංචනිකව, නීති විරෝධීව තමාට හිමිවිය මාර්ග බලපත්‍රය වෙනත් අයෙකුට පැවරීම මගින් තම මුලික අයිතීන් උල්ලංඝණය කළ බවට 2014 දී කරන ලද පැමිණිලි විභාග කළ විමර්ශන නිලධාරී රනිල් අබේනායක විසින් යට ගැසීම අදාලව මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලට මේ දක්වාම පිළිතුරක් ලැබී නැත. මෙම පැමිණිල්ල කර ඇත්තේ මතුගම පදිංචිකරුවෙකු වූ නන්දන ධර්මප්‍රිය මහතාය.

No comments:

Post a Comment