Friday, April 10, 2015

කන්දෙ විහාර පොලිස් මුරපොල OIC ට රු:- 50,000/- නොදුන් නිසා, අවුරුදු උළෙල බැනරය කපාගෙන ගියා.


ක`ඵවාමෝදර සමගි ක‍්‍රීඩා සමාජය විසින්, 13 වෙනි වරටත් පැවැත්වීමට සූදානම් කර තිබූ, 2015 අවුරුදු උදානය (බක්මහ උළෙල සහ සංගීත රාත‍්‍රිය) අදාලව, අ`ඵත්ගම කන්දේ විහාරය ඉදිරිපිට ප‍්‍රදර්ශනය කර තිබූ අඩි 18 x 12 ප‍්‍රමාණයේ බැනරය, 2015 අපේ‍්‍රල් 8 වෙනි දින, රාත‍්‍රී 7.30 ට පමණ, කන්දෙ විහාරය පොලිස් මුර පොල, ස්ථාන බාර නිලධාරී නිශාන්ත ප‍්‍රියදර්ශන විසින් කපා ගෙන ගිය බවට චොදනා කරන සංවිධායක සුනිල් ආනන්ද මහතා, කන්දෙ විහාරය පොලිස් මුර පොල, ස්ථාන බාර නිලධාරී නිශාන්ත ප‍්‍රියදර්ශනට එරෙහිව මෙම නීති විරෝධී හා බලහත්කාර ක‍්‍රියාව සම්බන්ධයෙන් නොපමාව ඔහුට විරුද්ධව නඩු පැවරීමට පියවර ගන්නා ලෙසටද, බැනරය සඳහා ගිය වියදම වන රුපියල් 23,000/- ඔහුගෙන් අයකර ලබාදෙන ලෙසටද, මේ ආකාරයට නීතිය අතට ගෙන අපරාධ කරන දුෂිත නිලධාරීන්ට එරෙහිව කඩිනම් විනය පියවර ගන්නා ලෙසටද, සමගි ක‍්‍රීඩා සමාජය විසින් 13 වන වරටත් ක`ඵවාමෝදර විද්‍යාල භූමියේ සංවිධානය කර තිබෙන අලූත් අවුරුදු උත්සවය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා ආරක්ෂාව සලසන ලෙසටද,  පොලිස්පති, ක`ඵතර නියෝජ්‍ය පොලිස්පති හා ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වරයාගෙන් ඉල්ලා සිටි. 


2015 අවුරුදු උළෙල සඳහා වූ මෙම බැනරය මෙකී ස්ථානයේ මාස 4 ක් පුරා පැවති අතර මේ ආකාරයට කන්දෙ විහාරය පොලිස් මුර පොල, ස්ථාන බාර නිලධාරී නිශාන්ත ප‍්‍රියදර්ශන විසින් ගලවා විනාශ කිරීමට එකම හේතුව වන්නේ, මෙම පොලිස් නිලධාරියා මීට මසකට පමණ පෙර මුරපොලට මා කැඳවා මාගෙන් රුපියල් 50,000/- ක් ඉල්ලා සිටි විට එය ලබාදීමට හැකියාවක් නොමැති බව ප‍්‍රකාශ කිරීම නිසා බව ද  සංවිධායක සුනිල් ආනන්ද මහතා අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටි.

මෙම බැනරය කපා දැ ‍ෙමන් පසුව කන්දෙ විහාරය පොලිස් මුර පොල, ස්ථාන බාර නිලධාරී නිශාන්ත ප‍්‍රියදර්ශන විසින් උඹට මේ පාර අවුරුදු උත්සවය කරන්න දෙන්නේ නැතැයි තමන්ට තර්ජනය කරන ලද බවද ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ තිබේ.




1 comment:

  1. පුදුමයි. යහපාලනයේදී මෙවැන්නක් සිදුවන්නට කිසිසේත් ඉඩක් නැහැ.

    ReplyDelete