Tuesday, May 5, 2015

පොලිසිය උසාවියේ බලතල අරගෙන, රේණුකා ‘මිස්’ ට රු:- 83,000/- අරන්දෙන්න හදයි.


ගෙවල් වල බැල මෙහෙවර කරන බියංකා 47 හැවරිදි තිදරු මවකි. පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි, පොලිස්පති හා මානව හිමිකම් කොමසන් සභාව වෙත පැමිණිලික් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ පානදුර දකුණ පොලීසිය, පානදුර නගර සභාවට සම්බන්ධව වැඩ කරන ”රේණුකා” නැමැත්තිය සමග එකතුවී” නීති විරෝධීව, භියට පත්කර, මුදල් ලබා ගැනීමට දරන උත්සාහය වලක්වන ලෙසටය.

එමෙන්ම තමාට විරුධදව බොරු නඩු දැමීමට දරන උත්සාහය වලක්වා මට ආරක්ෂාව සලසන ලෙසටද ඉල්ලා සිටි.
ඇය ප‍්‍රකාශ කරන පරිදි 2013 අවුරුද්දේ මුල අත මාරුවට රු: 25,000/= ක් ”රේණුකා”ගෙන් ලබාගෙන තිබේ. එ් මාසේ ඉඳලා ඇය මාසිකව රු: 2500/= බැගින් 2014 නොවැම්බර් මස වෙනකම් රුපියල් 57,000/= (2500/=ඞ 23* ගෙවා තිබේ. නමුත් ”රේණුකා’’ පෙලාලීසයට කියා ඇත්තේ රුපියල් අසූදාහක් ගත්තු බවය. පොලිසිය ඇයට  පැමිණිල්ල පෙන්වා නැත.
ඇය කියන දෙ ට් එ් නිලධාරියා ඇහුම් නොදුන් බවද, එම නිලධාරියා ”රේණුකා” ට ”මිස්” කියලා කතා කරමින් තමාට ” ඕයි” කියා කියමින් අවමන් කල බවද වැඩි දුරටත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
තවද ඇව කූඩුවට දානවා කියලා තර්ජණය කල බවද ඉන් අනතුරුව නම, ලිපිනය අසා, පොතේ මොනවාද ලියා එයට අත්සන් ගත්ත බවද, කියවා තේරුම් කර දුන්නේ නැති බවද කියා සිටි.








No comments:

Post a Comment