Thursday, May 28, 2015

වධ දුන්න පොලිස් කාරයෝ හතරකට මාහාධිකරණයේ නඩු


සිද්ධියෙන් වසර 10කට පසුව, රත්නපුර පොලිසියේ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු විසින්, 18 හැවිරිදි පාසල් සිසුවකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන්, රත්නපුර මහාධිකරණය ඉදිරියේ නඩු පවරා තිබේ.

විශේෂ පොලිස් විමර්ශන ඒකය විසින් කරන ලද පරීක්ෂණ පදනම් කරගෙන, 1994 අංක 22 දරන වධහිංසාවට එරෙහි පනත යටතේ, නීතිපතිවරයා විසින් පවරනු ලැබූ මෙම නඩුවේ, චූදිතයින් වන්නේ, එවකට රත්නපුර පොලිසියේ රාජකාරි කල දිනේෂ් ප්‍රියංකර ධර්මදාස, ප්‍රේමදාසවඩුගේ, පත්මලාල් බලපිටිය හා නන්දපාල යන පොලිස් නිලධාරීන්ය.

2014.11.04 දින, මෙම නඩුව රත්නපුර මහාධිකරණයේ කැදවූ අවස්ථාවේ, මෙම චූදිත පොලිස් නිලධාරීන් හතර දෙනාට, වෙන් වෙන් වශයෙන් රුපියල් පහලොස්දහසක (15,000/=) මුදලින් ඇප හා රුපියල් ලක්ෂ පහ (500000/=)  බැගින් වන ඥාතීන් නොවන ශරීර ඇප කරුවන් දෙදෙනෙකු නියම කර තිබේ.

තවද, ජාතික හැදුනුම්පත් ඉදිරිපත් කිරීමටද, ඇගිලි සලකුණු ලබා ගැනීමටද අධීකරණය නියම කර තිබේ.

2003 අගෝස්තු මස 07 වන දින, දළදා වහන්සේට දානයක් සදහා පළතුරු රැගෙන එමින් සිටියදී ඉහත පොලිස් නිලධාරීන් හතර දෙනා ගේ පහර ලක්වුනේ, මල්වල ගමේ ප්‍රසාද් උදයාංග ශිෂ්‍යයාය.

පහර දීමෙන් අනතුරුව, අත්අඩංගුවට ‍ගෙන, මොහු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා නගා, රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. එම නඩුව තවමත් පවතී.




No comments:

Post a Comment