Tuesday, May 12, 2015

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විගඩමක් වෙලා ඉවරයි. දූෂිත‍යෝ බඩ පිණුම් ගසති.



මේ වන විට ‍සේවකයින්‍ගේ අයිතීන් උල්ලංඝණය කරන, කාලකණ්නි තත්ත්වයට ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කොමිෂන් සභා‍වේ සභාපති ප්‍රමුඛ ඉහළයින් පත්ව ති‍‍බෙන බව වාර්තා වේ.

වසර අටක අඛණ්ඩ ‍සේවා කාලයකින් පසුව ගමට ස්ථාන මාරුවක් ලබාගන්නා ලද සම්බන්ධීකාරවරියක‍ගේ මාරුව කිසිදු පදනමක් නැතිව අත්හිටවන ලද ‍කොමිෂම, ඇ‍ගේ දුක්ගැනවිල්ල කියන්නට සභාපති හමු වූ අවස්ථා‍වේ, ඇයව ‍පොලීසියට අල්ලා දෙන බවට තර්ජනය කර තිබේ.

රාජපක්ෂ රෙජිමය විසින් පත්කර දෙවන වරටත් ‍සේවා දිගුවක් ලබා‍ගෙන සිටින ‍කොමසාරිස්වරු සහ රාජපක්ෂ ‍රෙජිම‍යේ සුරත‍ලෙකු වූ ‍සේවා කාලය අවසන්ව සභාපති‍ගේ නීති උප‍දේශක වශ‍යෙන් ක්‍රියාකරන නිමල් පුංචි‍හේවා මැයගේ ස්ථාන මාරුව අත්හිටුවීමට මැදිහත්ව ති‍බේ.

මානව හිමිකම් ‍කොමිසන් සභාව සම්පත් අයුතු ‍ලෙසට පරිහරණය කරමින් සිටින ‍මේ පිරිස ‍ගේ දූෂණ මීට පෙර විස්තරාත්මකව ‍හෙළිකර තිබේ. කොමිසමේ ලේකම්වරිය ඒ් පිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිමටද පියවර ගත්ෙත්ය.  බව අභය්නතර ආරංචි මාර්ග වලට මේ වන විට කොමිසම තුළ කැලෑ පත්තර සංසරණය වෙමින් පවතී.

සම්බන්ධීකාරවරියට විධිමත්ව දෙන ලද ස්ථාන මාරුව, අත්හිටවන ලද්දේ,  2015.05.11 දින, කොමිෂම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකමතික තීරණයක් බව ප්‍රකාශ කරමින්ය. එම ලිපියට අනුව මෙම තීරණය අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන ඇත්තේ 2015 මැයි 07 දිනය.

මැය ගේ ස්ථාන මාරුව අත්හිටුවීම සමගම මහනුවර, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඇති බවට ප්‍රකාට පුද්ගලයකු වන සුමනසේකර නැමැත්තාට ලබා දී තිබුණ ස්ථාන මාරුව ද අත්හිටවා ඇත.

තවද මැයගේ ස්ථාන මාරුව අත්හිටුවුවද සෑම බදාදා දිනකම, ඇය නුවරඑළියේ සේවයට වාර්තා කළ යුතු  ය යන කොන්දේසියක් ද පනවා තිෙබ්. එමෙන්ම ඇයට නුවරඑළියට යෑම සඳහා නුවර සම්බන්ධීකාරක සුමනසේකර විසින් ඇයට වාහනයක් ද, නිලධාරීන් දෙදෙනකු ද සපයන බවද පවසා තිබේ.

මෙම ක්‍රියාව ද දූෂණයකි. මහජන මුදල් කාබාසිනියා කිරීමකි. බරපතල ලෙස මූලික අයිතීන් උල්ලංඝණය කරන්නකි.

ජනවාරි 08 ජනතා තීරණයට අනුව රාජපක්ෂ ෙග්න් පත්වීම් ගත් ෙමම ෙකාමසාරිස්වරු හා නිමග් පුංචිෙහ්වා සිය තනතුරු අතහරින්‍නේ නැත. ඒ විලිලැජ්ජාවක් නැතිකම හා රාජපක්ෂ‍ගේ උප‍දෙස් නිසා බව නිසැකය.

මොවුන්‍ගේ ක්‍රියා කලාපය තුළ දැඩි ‍ලෙස අප්‍රසාදයට පත්වන්නේ වත්මන් පාලනයයි. අපහසුතාවයට පත්වන්‍නේ ජනතාවයි.

තෙමසක් ගතව ඇතත්, මානව හිමිකම් කොමිසමේ දූෂණ පිළිබඳව නිසි පියවර ‍ගෙන නොමැත. ‍නොපමාව, දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට, පූර්ණ විගණනයක් ආරම්භ කිරීමට ද, මානව හිමිකම් ‍කොමිෂසමේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ‍කොමිසමේ දූෂණ සෙවීමට පියවර ගැනීම ද සිදු කළ යුතුයි.

මේ ‍දෙක අතර පසුගිය කාලයේ පැවතියේ සමීප සම්බන්ධතාවයකි. මානව හිමිකම් කොමිෂසමේ මානව හිමිකම් වි‍රෝධී ක්‍රියා පිළි‍වෙත තුළ වත්මන් පාලනය අප්‍රසාදයට පත්වීම වැළැක්වී හා ජනතාව‍ගේ මානව හිමිකම් සුරැකීමට ද පියවර ගත යුතුව ඇත.



No comments:

Post a Comment