Saturday, May 30, 2015

එකම ආත්ම‍යේ, එකම තැන, තුන්පාරක් ම ඉපදිලා


ඒ ‍වෙන කව්රුවත් ‍නො‍වේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති‍ගේ ඉතාමත් කිට්ටුවන්තයකු වූ නීතිඥ නිමල් පුංචි‍හේවාය.
රාජපක්ෂ ‍රෙජිම‍යේ ඉඩම් ප්‍රතිසංසකරණ ‍කොමිෂන් සභා‍වේ සභාපති, මානව හිමිකම් ‍කොමිෂන් සභා‍වේ අතිරේඛ ‍ලේකම් පදවි දරමින් සිට, එම තනතුරු අහෝසි වී‍මෙන් පසුව, රාජපක්ෂ ‍රෙජිමය යට‍තේ පත්වීම් ලැබූ සභාපති ප්‍රියන්ත ‍පෙ‍රේරා (විශ්‍රාමික ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) ‍ගේ නීති උප‍දේසක තනතුරු ලබා‍ගෙන සිටින ‍මෙම පුද්ගලයාට උපන් දින තුනක් ති‍බෙන බව අනාවරණය වී ති‍බේ. තුන්පාරක් ම ඉපදි තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කොමිෂන් සභා‍වේ මූලික අයිතිවාසිකම් සුරැකී‍මේ සංවිධානය විසින් 2015.05.26 දාතමින්, වගකිව යුතු සියලු පාර්ශවයන් ‍වෙත, ලිඛිත සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබෙන සං‍දේශයට/ පැමිණිල්ලට අනුව නීතිඥ නිමල් පුංචි‍හේවා, 1951.01.02 දින ද, 1951.02.13 දින ද, 1951.02.15 දින ද, ‍මෙ‍ලොව එළිය දැක ති‍බේ.
විවිධ රාජකාරී කටයුතු වලදී ‍මෙම උපන්දින ‍යොදා‍ගෙන ති‍බෙන බව එම ලිඛිත පැමිණිල්ල මගින් අනාවරණය කර ති‍බේ.
ජාතික හැුනුම්පතට අනුව ඉපදී ඇත්‍තේ 1951.01.02 දිනය. උප්පැන්න සහතිකයට අනුව ඉපදී ඇත්‍තේ 1951.02.13 දිනය. ‍සේවා නියුක්තිය අවසන් කිරී‍මේ අයදුම්පතට අනුව 1951.02.15 ය.
මොහු පසුගිය කාල වකවානුව තුළ වි‍දේශ ගමන් බලපත්‍ර 02 ක් ‍ලබා‍ගෙන ති‍බේ. එකකවත් ජාතික හැුනුම්පත් අංකය ‍නොමැත.
මොහුට මානව හිමිකම් ‍කොමිෂ‍මේ ‍කොමසාරිස් පදවියක් යහපාලනය යට‍තේ පිරිනමන්නට රාජපක්ෂ බැලයන් පිරිසක් ක්‍රියාකරන බවට වාර්තා ‍වේ. ඒ ගැන පුදුම විය නැත.

මානව හිමිකම් ‍කොමිෂ‍ම තුළ ‍මොහු ප්‍රමුඛ පිරිස් පවත්වා‍ගෙන යන දූෂණය හා භීෂනය නිසා සේවකයින් දැඩි පීඩාවට පත්ව ඇති බවද වාර්තා ‍වේ.  

No comments:

Post a Comment