Sunday, May 24, 2015

මිනිහව මැස්සට තියලා මාංචු දාලා ගැනිව කැලේට අරගෙන ගිහිල්ලා අතවර කරලා.


එහෙම කරපු මතුගම පොලිසියේ මහත්වරු දෙන්නාව තවමත් පොලිසියේ තියාගෙන අබාධිත මිනිහාට විරුද්ධව බොරු නඩු දානවා. 
”උදේ 8.00 ට පමණ, මා ගෙදර ‘මැස්සේ’ ඇලවී සිටින විට, මතුගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ, මගෙන් කිසිවක් අසන්නේ නැතිව, නැගිටින්නට නොදී වම් අතට මාංචුව දමා, අනෙක් කෙළවර මැස්සට තබා දැම්මා. එම අවස්ථාවේ ගෙදර හිටියේ මාගේ බිරිඳ හා අවුරුදු 12 ක් වන දියණිය පමණයි. 

ගෙදර සියලූ බඩු මුට්ටු පෙරළමින්, බඩු දීපන් කිව්වා. පෙත්සමක් තියෙනවා කිව්වා. පිස්තෝලයක් දික් කර වෙඩි තියන බවට තර්ජනය කළා. මටත් බිරිඳටත් මෙහි සඳහන් කළ නොහැකි කුණු හරුප කියමින් බැන තර්ජනය කළා. බඩු දීපන් කියමින් කුණු හරප කියමින් තර්ජනය කළා.  

එසේ කර මාංචු දමා තිබියදීම, බිරිඳව අරගෙන රක්ෂිත කැලයට ගියා. සවස 3.00 වන තුරු බිරිඳ ගෙදර පැමිණියේ නැති නිසා බියට පත් වූ මා, ගෙදර තිබූ යකඩ කපන කියතෙන් මාංචුව කප්පවාගෙන බිරිඳව හොයන්න ගියා. 

මා, සවස 6.00 පමණ වන තෙක් කැලයේ බිරිඳව සොයා, හමු වූයේ නැති නිසා නැවත ගෙදර ආවා.

එ් වන විට බිරිඳ හිටියා. ඇයව සවස 4.30 ට ගෙනත් ඇරලවා තිබුණා. මැස්සේ එල්ලෙමින් තිබු මාංචු ද ගලවාගෙන ගොස් තිබුණා. එ් අවස්ථාවේ ගෙදර සිටි දරුවන්ට හා බිරිඳට තර්ජනය කර තිබුණා, ”අපි මේකට නිකම් ඉන්නේ නෑ, බෝම්බ දානවා කියා.” මාව තබා මාංචු දමා තිබු මැස්ස කඩා තිබුනා. මට විරුද්ධව බොරු නඩු දාන බවට දිව්රලා ගිහිල්ලා තිබුනා.”

සිද්ධය පිළිබඳ තමා හෝ බිරිඳ පැමිණිලි කිරිමට නොගියේ රාජපක්ෂ රෙජිමය තුල පැවැති භිෂනය නිසා. ඔවුන් ජිවත්වන පරිසරය තුල මරලා යන එක සු`ථ දෙයක් නිසා. එ් බව ප‍්‍රකාශ කරන සැමියා, දැන් උද්ගතව තියෙන තත්වය පිළිබඳව මෙසේ ප‍්‍රකාශ කර සිටි.

මෙම සිද්ධියෙන් අවුරුද්දකට පස්සේ, මේ මසේ 14 වනදා, සවස 5.00 ට පමණ, තමා මිතුරෙකු ගේ නිවසේ ඉන්න විට මතුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ, ‘එ්යි මෙහෙ වරෙන් කියා’ තමාට කතා කොට, වම් අතට මාංචු දමා අතින් පයින් පහර දි, හැතැප්මක් පමණ දුර ඇදගෙන ගොස් ඔවුන් පැමිණි එක් යතුරුපැදියක මැද තබාගෙන, අගලවත්ත නගරයේ පොලිස් මුර පොළට රැුගෙන ගොස් එහි තිබූ කූඩුව තුළට දමනු ලැබු බවද, රාත‍්‍රී 10.00 ට පමණ, මතුගම පාලීසියේ ජීප් රථයෙන්, මතුගම පොලීසියට ගෙනවිත් කූඩුවට දමනු ලැබු බවද, කූඩුවට දාන්න පෙර ඔහුගේ 077 4045835 දරන, ‘නොකියා’ වර්ගයේ ජංගම දුරකතනය ලබා ගත බවද කියා සිටි. 

පසු දින (15* උදේ කූඩුවේ සිටි මට නිලධාරියෙක් කොළයක් දී, එයට අත්සන ගත්තු බවද ඉන්පසු කුඩා කොළ කැබැල්ලකට තමාගේ මාපට ඇඟිලි සලකුණ ලබා ගත්තු බවද එසේ ගත්තේ, බලෙන්, තර්ජනය කර බවද පවසන ඔහු එයට පසුව සිතාසියක් දුන්න බවද එය 2015.05.21 දින නඩුවකට අදාලවු එකක් බවද, දවල් 11.00 ට පමණ, කූඩුවෙන් එළියට අරගෙන කාමරයකට ගෙන ගොස් නම ලිපිනය ආදී පුද්ගලික තොරතුරු අසමින් පොතක ලියා, බලෙන් අත්සන ගත්ත බවද, පසුව දවල් 12.00 ට පමණ, තමාව මතුගම උසාවියට ගෙන ගිය බව ද කියා සිටි. 

උසාවියේදී, තමාට නීති විරෝධී මත්පැන් නිපදවීම අදාල චෝදනා නගා තිබුණු අතර එම චොදනාව ට වරද පිළිගත්තේ නැති නිසා රුපියල් 10,000/- ක මුදල් ඇප හා රුපියල් 50,000/- ක ශරීර ඇපයක් මත මුදා හරිනු ලද බවද ප‍්‍රකාශ කර සිටි. 

පොලිසියේදි බාර දුන්න සිතාසියට අනුව 21 දින, තමා උසාවියට ඉදිරිපත් වු බවද, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට අදාල චෝදනා නගා තිබු බවද, එ් අවස්ථාවේ දිද නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කළ හෙයින් රුපියල් 8000/- ක මුදල් හා රුපියල් 50,000/- ක ශරීර ඇපයක් මත  මුදා හැරිය බවද වැඩි දුරටත් කියා සිටි.
 පොලිසියේ මෙම පාදඩ ක‍්‍රියාවට භාජනය වුනේ හතලිස්දෙ හැවරිදි, ආබාධිත හත් දරු අගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි දමින්ද මහතා හා බිරිඳය.

මෙම කරුණු මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට හා නීතිපතිට 
ලිඛිතව පැමිණිලි කරන ඔහු ඉල්ලා සිටින්නේ,  ඔහුට විරුද්ධව පවරා තිබෙන බොරු නඩු දෙක නොපමාව ඉවත් කරන ලෙසට, අත්අඩංගුවට ගත් පසුව, ඔහුගෙන් ලබාගත් ජංගම දුරකතනය ආපසු ලබා දීමට පියවර ගන්නා ලෙසටය. මෙම සිය`ථ කරුණ සනාථ කිරීමට මාංචු කැපීමේ සිද්ධිය හා බිරිඳව කැලයට රැුගෙන ගොස් පැය 08 වැඩි කාලයක් රඳවගේ දුෂණයට ලක් කිරිම ගැන නොපමාව පරීක්ෂණ කරන ලෙසටය. 

තවද ඔහු ප‍්‍රකාශ කරන්නේ,  පොලිස් නිලධාරින් දෙන්නා තමාට නීති විරෝධිව මාංචු දමා හිර කර, බිරිඳව කැලයට ගෙන ගිය පසුව මාංචු කපාගෙන ඇයව සෙවීමට යෑම ගැන උද්ගතවු බරපතල නීතිමය හා විනය ප‍්‍රශණය යට ගසිමට හා පලිගැනීමට මතුගම පොලීසිය, ක`ඵතර උසස් පොලිස් නිලධාරීන් ප‍්‍රමුඛ සියලූ වගකිව යුතු නිලධාරීන් හවුල් වි ඇති බවය.

ස්ත‍්‍රි දුෂක සැකකරුවන්ව එල්ලා මරන ලෙසට උද්ඝෝෂණ කරන ස්ත‍්‍රිවාදි නොනාවරුනි, එල්ලා මැරිය යුත්තේ ස්ත‍්‍රි දුෂකයන්ව ආරක්ෂා කරන්නන්, සාක්ෂි විනාශ කරන්නන්, ස්ත‍්‍රි දුෂණ වලට හවුල් පොලිස් කාරයින්, නඩු පවරන්න්, විනිසුරුවන් නොවේද?

අපරාධ කරුවන්ට වඩා භයානක අපරාධ කරුවන්ට බේරිසිටිමට ඉඩ සලසන බලධාරින් හා ඔවුන්ව ආරක්ෂා කරන්න ඉදිරිපත්වන්නන් ය. 

No comments:

Post a Comment