Tuesday, June 9, 2015

පොලිස් “‍මෙ‍සේජ්” එක “‍ජෝක්” එකක්ලු


පොලීසිය අපරාධ කිරීම, අල්ලස් ගැනීම, අපරාධ කරුවන් රැකීම, බොරු නඩු දැමීම, පුරවැසියන් අපහාසයට පත් කිරීමට අමතරව "විහිළු" කිරීමට ද පටන්‍ගෙන ති‍බේ.

එම විහිළු සඳහා ‍යොදා‍‍ගෙන ඇත්‍තේ ‍පොලිස් නිල පණිවුඩ ‍පෝරමයයි.

කුරුවිට ‍පොලීසිය විසින් කරන ලද ‍මේ “විහිළුව” ‍පොලිස් ‍‍ලොක්කන්ට සුළු ‍දෙයක් “‍ජෝක්” එකක් වුවත් ‍මේ ජනතාවට නම් “‍ජෝක්” එකක් ‍නොවන බව ‍පෙන්වා දිය යුතුයි.

කුරුවිට, පදිංචි සුගත් මහතා ‍මේ පිලිබඳ පොලිස්පති, එන්.කේ.ඉලංගකෝන් ෙවත කර ති‍බෙන පැමිණිල්‍ලේ ‍මෙ‍සේ සඳහන් ‍වේ.

'' මා විසින්, දැනට රත්නපුර පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනුයුක්තව රාජකාරි කරන නන්පදිරි මහේෂ් චින්තක සේනානායක නැමැති නිලධාරියාගේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල අදාලව, 2015.05.14 හෝ ආසන්න දිනයක කුරුවිට පොලිසියට කැඳවා ප‍්‍රකාශයක් ගන්නා ලදි.

එයින් පසුව, 2015.05.31 දින මේ සමග අමුණා ඇති පොලිස් නිල පණිවුඩය, කුරුවිට පොලිසියේ කිත්සිරි නැමැති නිලධාරියා නිවසට පැමිණ බාර දෙන ලදි.

එම පණීවුඩයට අදාලව, මා 2015.06.01 දින, පැය 09.30 ටකුරුවිට පොලිසියට ගොස් පෙනී සිටින ලදි.

එම පණිවුඩය, පරීක්ෂා කල පොලිස් ස්ථානාධිපති ආර්.පී.සිරිවර්ධන මයා, මේක (පණිවුඩය/මෙසේජ් එක ) කාගේ හරි විහි`ඵවක් බව ප‍්‍රකාශ කලා.

තවද, ඔහු මේ ගැන සෙවීමට, මාව රත්නපුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට යොමු කලා. මා එ් අවස්තාවේදීම, එම කාර්යාලයට ගිය විට, එහිදී ද ප‍්‍රකාශ කලේ එය විහි`ඵවක් බවයි.

මේ ආකාරයට කුරුවිට පොලිසිය පොලිස් නිල පණිවුඩවිහි`ඵ කිරීමට යොදා ගැනීම, මාගේ වැටහීමට අනුව - බරපතල විනය වරෝධී ක‍්‍රියාවකි.

තවද, මෙම පණිවුඩය ලැබුනු පසුව, 2015.06.06 දින සිට, දැනට ඇහැලියගොඩ පොලිසියේ රාජකාරි කරන පො.කො.42980 ඞී.ජී.නිශ්ශංක, මා යන එන තැන් දැනුම් දෙන ලෙසට, මා ඇසුරු කරන පුද්ගලයින් කිහිප දෙනෙකුට දන්වා ඇත.

මෙයද, මා හිරිහැරයට, භියට පත් කිරීමට හෝ මාහට බොරු චෝදනාවක් එල්ල කිරීමට වියහැකි බව ප‍්‍රකාශ කරමි.'' යනුෙවන් සහන් පැමිණිල්ල අදාලව නොපමාව නිසි පියවර ගන්නා ලෙසට ද ඔහු ඉල්ලා තිෙබ්.




No comments:

Post a Comment