Thursday, June 25, 2015

පොලිස් මිනීමරුවන් 02 ට මරණ දඩුවම.


Jerad Mervin Perera
මිනී මැරුම සිදු කර වසර 10 කට පසුව පෝරකයට නියම වුණේ වත්තල පොලීසියේ හිටපු උප පොලිස් පරීක්ෂක සුරේෂ් ගුණසේනට හා එම පොලීසියේ කොස්තාපල් අජිත් නිශාන්ත යන දෙදෙනාටය.
2004 නොවැම්බර් මස 21 දින බසයක ගමන් කරමින් සිටි ජෙරාඩ් මර්වින් පෙරේරාව මොවුන් විසින් ඝාතනය කළේ එවක වත්තල පොලිස් ස්ථානාධිපති සේන සුරවීර, උප පොලිස් පරීක්ෂක සුරේෂ් ගුණරත්න ඇතුලු කිහිප දෙනෙකුට එරෙහිව නීතිපති විසින් මීගමුව මහාධිකරණයේ පවරා තිබූ නඩුවට සාක්ෂි දීම වැළැක්වීම සහාය.
2002 වසරේදී ජෙරාඩ් පෙර්රාව අත්අඩංගුවට ගෙන වධ දුන්නේය.
ජෙරාඩ් පෙරේරා තමාට වධ දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුවට අනුව එවකට වත්තල හිටපු ස්ථානාධිපති සේන සුරවීර ඇතුලු පොලිස් නිලධාරීන් වරදකරුවන් බවට පත් කළේය.
එම තීන්දුව ඉතිහාස ගත තීන්දුවක් විය. නඩු තීන්දුව සහා පිවිසෙන්න- http://www.janasansadaya.org/page.php?id=130&lang=en
එයින් අනතුරුව, නීතිපති විසින් පෙර සහන් කළ පරිදි වධ දීමට එරෙහිව වත්තල හිටපු පොලිස් ස්ථානාධිපති සේන සුරවීර, උප පොලිස් පරීක්ෂක සුරේෂ් ගුණරත්න ඇතුලු නිලධාරීන් පිරිසකට, අපරාධ නඩුවක් ගොනු කරන ලදි.
ඉතාම සැක කටයුතු ලෙස නීතිපති විසින්ම මේ නඩුවෙන් සේන සුරවීරව ඉවත් කරන ලදි.
එයින් පසුව, සුරේෂ් ගුණසේකර ඇතුලු පිරිස, ජෙරාඩ් පෙරේරාට සාක්ෂි දීමේන වලකින ලෙසට බලපෑම් කරණු ලබන බවට වාර්තා විය.
නඩුවට දින කිහිපයකට පෙර, 2004 නොවැම්බර් 21 බසයක ගමන් කරමින් සිටි ජෙරාඩ්ගේ හිසට වෙඩි තබා මරා දමන ලදි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙම නඩුව පවරන ලදි. ඒ අතර වධ හිංසා පනත යටතේ නඩුවෙන් පොලිස් නිලධාරීන් නිදහස් කරන ලදි.
එම නඩු තීන්දුව අභියිචනාධිකරණය අභියෝගයට ලක් කිරීමේන පසුව එම නඩුව යළි විභාග කිරීමට නියම විය. එය දැනට මීගමුව මහාධිකරණයේ පවතී.
මෙවන් සිදුවීම් මෙරට සිදුවීම අරුමයක් නොවේ. මිනිස් ඝාතන සිදුකරන, වධ දෙන, බොරු නඩු දාන, සොරකම්, මංකොල්ල කන, පොලිස් නිලධාරීන් ඉහළ සිට පහළ දක්වාම නීතියට වසන් වී, දඩුවමින් මුක්තව සිටිති.
හිට කලාතුරකින් අපරාධවලට වරදකරුවන් වන පොලිස් නිලධාරීන් සිටී. ඒ අතරට මෙම තීන්දුවෙන් වරදකරුවන් වූ දෙදෙන එක්වෙති.
 එහෙත් මෙම තීන්දුව අවසානය නොවේ. මොවුන් දෙදෙනා මෙම තීන්දුව අභියාචනාධිකරණයේදී ද, ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද අභියෝගයට ලක් කරණු ඇත. ඒවායේ තීන්දු ගැන අනාවැකි කීමට නොහැකිය.
එම අධිකරණවලදී වරදකරුවන් වුවද ජනාධිපතිවරයා ට ඔවුන්ට නිදහස ලබාදිය හැකිය.
අපරාධ කරුවන්ට සමාව දීම රාජපක්ෂ රෙජිමය තුළ සුලබ සිදුවීමක් විය.
ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.
එමෙන්ම මෙම ඝාතනය, වධ දීම අදාලව වත්තල ස.පො. අධිකාරීවරයාගේ ක්‍රියා කලාපය, වධහිංසා නඩුවෙන් මොවුන් නිදහස් කරමින් තීන්දු දෙන ලද විනිසුරු තීරණය ගැන හා  නීතිපති විසින්ම මේ නඩුවෙන් සේන සුරවීරව ඉවත් කිරිම නොපැකිලිව සංවාද කළ යුතුය.


No comments:

Post a Comment