Monday, June 29, 2015

පාදඩයින් සමග හෙ`ඵවෙන් සිටියා ඇති නේද?

නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සරත් ආබෲ තම සේවිකාවකට පහර දී තිබේ. 
මොහුගේ ආසන්නතම ක‍්‍රියාවන් දෙකකි. එකක් ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂකයාට පහර දීම. ඊට පසුව සේවිකාවකට පහර දීම. මේ අවස්ථා දෙකේදීම පොලීසිය මෙම විනිසුරුවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළේ නැත. අගවිනිසුරු ඇතුලූ අනෙකුත් විනිසුරුවන් ද ගො`ඵ බිහිරන් ලෙසට සිටියේය.
මීට පෙරද ඔහුගේ මෙවන් කි‍්‍රයාවන් පිළිබඳව පැමිණිලි විය. ක`ඵතර මහාධිකරණ විනිසුරු වශයෙන් සිටින විට, පොලිස් නිලධාරියකුට හා උසාවි සේවකයකුට පහර දීම මත, සේවක විරෝධතාවයක් පවත්වනු ලැබීය. මේ සිය`ඵම තත්ත්වයන් තුළ ඔහුට ලැබුණේ උසස්වීම්ය. අවසානයේ මහින්ද රාජපක්ෂ විසින් මොහුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියෙන් පුදනු ලැබුවේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, පාදඩයන්, කුඩු කාරයන්, එතනෝල් කාරයන්, ස්ත‍්‍රී ¥ෂකයන්, ළමා අපයෝජකයන් සහ හොරුන් නැතුවම බැරි ව සිටි අයෙකි. මහින්ද රාජපක්ෂ සිය පාදඩකම වසා ගත්තේ මල් වට්ටියෙන් හා සිල් රෙද්දෙනි.
පසුගිය ජනවාරි 08 වන දින, මධ්‍යස්ථ ජනයා මෛත‍්‍රීපාල සිරිසේනට පක්ෂ, වර්ණ, ජාති, කුල, ආගම් භේදයකින් තොරව ඡුන්දය දුන්නේ, මහින්ද රාජපක්ෂගේ පාදඩ පාලනය අවසන් කිරීමටය. මන්ද මහින්ද රාජපක්ෂ පාදඩ රජෙකු වී, පවුල පාදඩ රජ පවුලක් වී, බමුණන්ද, ඇමතියන්ද, අන්තඃපුර ද, අන්තේවාසිකයන්ද පිරිවරාගෙන, සියලූ දරුවන්ට අයිතිවාසිකම් කියන්නට හැකි උප්පැන්න දෙන්න රටක් බිහි කරන්නට ගත් උත්සාහය පරාජය කරන්නටය. එ් රාජපක්ෂලාගේ පාලනය ඉදිරියටත් පැවතියේ නම් රටේ බිහි වෙමින් තිබූ පාදඩ පාලනය තුළ, ජීවත් වීමට සිදුවන්නේ වහලූන් ලෙසට බව වැටහීම මතය.
රාජපක්ෂ සිය පාදඩ පාලනය ස්ථාපිත කරන්නට අධිකරණ පද්ධතියම පාදඩ කළ යුතු බව ට තීරණය කළේය. එ් අනුව නොපැකිලිව අධිකරණය පාදඩකරණය කළේය. එහි අනිටු ප‍්‍රතිඵල මේ වන විට සාමාන්‍යය ජනයා භුක්ති විඳිමින් සිටී. සරත් ආබෲ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පාදඩකරණයේ සංකේතයයි.
හිටපු මංත‍්‍රී වාස් ගුණවර්ධන, බි‍්‍රතාණ්‍යය මහ කොමසාරිස් නෝනිස්ට පහර දීම, මහාධිකරණය ද, විද්වතුන් ද, විපක්ෂය ද, මාධ්‍යයද කථා කළේය. එහෙත් මේ විනුසුරුට විරුද්ධව මේ දක්වාම කෙළ පිඩක් හෙළන්නට ඊනියා නීතිඥ සමාගම්වලට බැරි විය. අධිකරණ අමාත්‍යාංශයට ද නොහැකි විය. ජාතික යැයි කියා ගන්නා මාධ්‍යයට බැරි විය. හැබැයි මේ සියලූම දෙනා කතා කරන්නේ සදාචාරය ගැනයිි.
කුඩු කාරයන්, එතනෝල් කාරයන්, මැරයන්, පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම වැළැක්වීමට පක්ෂවලට බලපෑම් කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ වී ඇති මොහොතේ ¥ෂණවලින් තොර අධිකරණයක් ගොඩනැගීමට අවශ්‍ය කොන්දේසි එනම්, නීතය දන්නා, ගරුත්වයක් ඇති, විනිසුරුවරුන් පත් කරන ලෙසට හා නුසුදුසු අය ඉවත් කරන ලෙසට ඉල්ලා සිටින ජන මතයක් ගොඩනැගීමට පියවර ගතයුතු ව තිබේ. එසේ නැතිව ඊනියා උගතුන් හා ”අද සුදනන්” පාර්ලිමේන්තුවට යැවීමෙන් වැඩක් වන්නේ නැත.

No comments:

Post a Comment