Tuesday, July 7, 2015

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ දෙවන බිරිය තර්ජනය කරනවා.

තම සැමියා වූ පේ‍්‍රම පුෂ්පකුමාරසිරි මදුරප්පෙරුම මීට මාස 15 කට පමණ පෙර අභිරහස් ලෙසට මරණයට පත් වූ බව ප‍්‍රකාශ කරන නන්දනී මහත්මිය, මරණයට මාස දෙකකට පෙර ඔහු සතු සියලූ දේපළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ගේ දෙවන බිරිය වූ නීතිඥ නිර්මලී යසස්වී සිය නමට ලියවාගෙන තිබෙන බවට හෙළිදරව් වූ බව  කියා සිටී.

තම සැමියාගේ මරණය කවර අන්දමට සිදුවූවා දැයි සෙවීමට නොහැකිවන පරිදි, මෙම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂගේ බලතල යොදාගෙන සියලු සාක්ෂි විනාශ කර දමනු ලැබූ බවද එ් පිළිබඳව විධිමත් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටිය ද එය සිදු නොවන බව ද ඇය කියා සිටී.

මේ අතර, නීතිඥ නිර්මලී යසස්වී ගේ දෙවන සැමියා වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හා එක්ව නීිතිඥවරියක් මගින් තමන්ට තර්ජනය කර  ලිපියක් එවා ඇති බවද වැඩිදුරටත් කියා සිටී. 

පානදුර උසාවියට සම්බන්ධ නීතිඥ පී.එ්. සුලෝචනා ධර්මසේන නම් වූ නීතිඥවරිය මගින් එවා ඇති මෙම තර්ජනාත්මක ලිපියට ඇය, නන්දනී මහත්මිය, විසින් 2015.07.09 දාතමින් ලිපියක් යවා ඇති අතර එහි පිටපත් ජනාධිපති, අගමැති, නීතිඥ සංගමයේ සභාපති හා මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

‘‘ ඔබගේ සේවාදායිකාව වූ හෙට්ටිගේ දෝන නිර්මලී යසස්වී ගේ දෙවන සැමියා වූ වර්තමාන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර නැමැත්තා සමග එක්ව 2014.02.13 හෝ ඊට ආසන්න දිනයක මාගේ දෙවන සැමියා වූ පේ‍්‍රම පුෂ්පකුමාරසිරි මදුරප්පෙරුම ඝාතනය කරණු ලැබූ බව,

එම මිනිස් ඝාතනය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පොලිස් විශේෂ විමර්ශන එ්කකයේ සේවය කළ රුවන් ගුණසේකරගේ දෙවන බිරිඳ වූ හෙට්ටිගේ දෝන නිර්මලී යසස්වී හා එක්ව ඝාතනය වසන් කිරීමට සිය බලතල අයුතු ලෙස යොදා ගනිමින් සියලූම පියවර ගත් බව.

මෙසේ මාගේ දෙවන සැමියාව මරා දැමීමට මාස 02 කට පෙර, මොහු (තම සැමියා* සතු වූ සියලූ දේපළ වංචනිකව ඔබගේ සේවාදායිකාවගේ නමට ලියවාගෙන ඇති බව,

මෙම මිනිස් ඝාතනය පිළිබඳව තවමත් මරණ පරීක්ෂණ කටයුතු පවතින බව,

එම මරණ පරීක්ෂණ කටයුතු අප‍්‍රමාදව අපක්ෂපාතීව ඉටුවීම වැළැක්වීමට ඔබගේ සේවාදායිකාව වන දෝන නිර්මලී යසස්වී හා ඇයගේ වත්මන් දෙවන සැමියා වන රුවන් ගුණසේකර නීති විරෝධී හා කුමන්ත‍්‍රණකාරී ලෙසට පියවර ගෙන තිබෙන බව’’ 

සිය ලිපියේ සඳහන් කරන ඇය, වැඩි දුරටත් මෙසේද සඳහන් කර ඇත.  

‘‘ එ් අතර වාරයේ මා හා මාගේ මිය ගිය දෙවන සැමියාගේ එකම පුත‍්‍රයාට හිමි දේපළ වංචනික (හොර අත්සන් යොදා* ලියාගෙන ඉන්පසු, වෙනත් අයකුට/අයවලූන්ට, විකුණා බරපතල අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීමට බාධකයක්ව පවතින, මා විසින් ගෙන තිබෙන නීත්‍යානුකූල පියවර ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට හා එසේ නොකළ හොත් නොපමාව නඩු පවරන බවට තර්ජනය කිරීම’’  පිළිකුල් සහගත ක‍්‍රියාවක් බවය. ඇය එම තර්ජනය ඉවත් කරගන්නා ලෙසට ද ඉල්ලා සිටි.

මෙම කරුණ පිළිබඳව තමා විසින් මීට පෙර අවස්ථා  ගණනාවකදී ජනාධිපති තුමා සහ  අග‍්‍රාමාත්‍ය තුමා දැණුවත් කර ඇති බව පෙන්වා දෙන ඇය, මීනි මැරුම වසන් කිරීමට, දේපළ මංකොල්ල කෑමට පොලිස්  බලතල උපයෝගී කර ගැනීමට ඉඩ නොදෙන ලෙසට යුක්තියේ නාමයෙන් ඉල්ලා තිබේ.                              

එයට අමතරව මිනී මැරුමට හා දේපළ වංචනික ලෙස උදුරා ගැනීමට තැත් කරන දෙදෙනාව නීතිඥවරුන් බව නීතිඥ සංගමයට පෙන්වා දෙන ඇය සත්‍ය හෙළිදරව් කර රටේ නීතිය ස්ථාපිත කිරිමට දායක වන ලෙසට ජන මාධ්‍යයෙන් ඉල්ලා සිටි.
                                          

No comments:

Post a Comment