Tuesday, July 21, 2015

පොලීසිය බලූ මස් කතිි. එ් බලූ හිමියකු රකින්නට ඉදිරිපත් වීමෙනි.



පාරේ ගමන් කරමින් සිටි මහලූ කාන්තාවක් ව සපාකන ලද බල්ලෙකු පිළිබඳව මේ පුවතින් හෙළිවන්නේ පොලීසියේ බලූ වැඩය.

බලූ හිමියා ප‍්‍රදේශයේ ජාවාරම් කරුවෙක්ලු. ඔහු, පොලීස්කාරයන් හා එක්ව නීතිය ක‍්‍රියාත්මක කිරීම වලක්වා, එම කාත් කවුරුවත් නැති මහලූ කාන්තාව රැවැට්ටුවේය.

ඇය, තමාට සිදුවූ වින්නැහිය ගැන මිල්ලනිය පොලිසි යේ,ස්ථානාධිපතිට,
පොලිස්පතිට, පිටපතක් සහිතව, කරණ ලද පැමිණිල්ලෙන් සියල්ල පැහැදිළිවනු ඇත.

පැමිණිල්ල

ස්ථානාධිපති,
පොලිස් ස්ථානය,
මිල්ලනිය.

අපරාධයට වග කිව යුතු අයට, නොපමවා නඩු පවරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

උක්වත්තගේ දයාවතී, අවු: 52යි, විවාහක, දරුවන් 01යි, රැකියාවක් නොමැත. තොටුපිටියාව, උඳුපියල්ලා වත්ත, පරගස්තොට.
2015.07.13 දිනදීය.

2015.06.20 දින, උදේ 8.30 ට පමණ, පරගස්තොට, මොරොන්තුඩුව පාරේ, මෝහන් නැමැත්තාගේ නිවස ඉදිරිපිටදී, එම ගෙදර බල්ලා මාව හපා කන ලදි.

එ් අවස්ථාවේ එම ගෙදර මෝහන් හා පියශීලි යන අය, මාව ත‍්‍රී රෝද රථයකින් ගෝන¥ව රජයේ රෝහලට යවනු ලැබුවා.

රෝහලේදී මට ප‍්‍රතිකාර ලබා දුන්නා. එයින් පසුව නැවත මාව එම ත‍්‍රී රෝද රථයෙන්ම - නැවත මෝහන් නැමැත්තාගේ නිවසට ගෙන ගියා.

තුවාලයට ගෝන¥ව රෝහලෙන් බෙහෙත් දැම්මේ නැහැ. තුවාලය වහන්න එපා කිව්වා. නමුත් එ් ගෙදර සිටි මෝහන් හා පියශීලි එකතුවෙලා තුවාලයට බෙහෙත් දාලා ගෙදර ඉන්න කිව්වා.

නමුත් මම ටික වෙලාවක් ඉඳලා ගෙදර ආවා. තුවාලය නිසා කකුල ඉදිමුනා. 2015.06.22 දින මම හොරණ රජයේ රෝහලට ගියා. එහදී බෙහෙත් දැම්මා. 

එදිනම, 2015.06.22 වන දින, මිල්ලනිය පොලිසියට ගොස් පැමිණිලි කලා.

2015.06.23 දින පැමිණිල්ල විභාගයට තිබ්බා. එ් අවස්ථාවේ මෝහන් එකඟවුනා රුපියල් හයදහසක් ගෙවන්න. එදත් ප‍්‍රකාශවලට අත්සන් ගත්තා.

2015.06.24 වන දින පොලිසියට එන්න කිව්වා. එදින මෝහන් රු: 1000/=ක් දුන්නා.

සති හයක් යනතෙක් රුපියල් 1000/= බැගින් ගෙවන්න එකඟ වුනා. නැවත 2015.07.01 දින පොලිසියට එන්න කිව්වා. එදිනත් මට රුපියල් 1000/=ක් දුන්නා. 

ඊළඟ සතියේ එනම් 2015.07.08 දින පොලිසියට ගියා. නමුත් මෝහන් කියන අය ආවේ නැහැ. මට 2015.07.11 එන්න කිව්වා. නමුත් එදිනත් මෝහන් කියන අය ආවෙ නැහැ.

එ් අවස්ථාවේ මට පොලිසිය ප‍්‍රකාශ කලා - එ් කොල්ලා එන්නේ නැතිනම්, සල්ලි දෙන්න අපිට බලෙන් ගෙන්න ගන්න බැහැ කියා. නඩුදාන්නත් බැහැ කිව්වා. තවදුරටත් පොලිසිය කිව්වා,  ඕනි නම් ගිහිල්ලා සිවිල් නඩුවක් දාගන්න කියා.

බල්ලාගේ හිමිකරු වන මෝහන් නැමැත්තා පොහොසත්, දේශපාලන සම්බන්ධකම් තියෙන අයෙකි.

මම විශ්වාස කරන්නේ, මෙම බලපුලූවන්කාරකම් උඩ, මට පොලිසියේදී පොරොන්දු වූ මුදල ලබානොදෙන බව හා නඩු නොපවරන බවය.
මා ඉල්ලා සිටින්නේ, දැනට මාසයකට ආසන්න කාලයක් ගතවුවද, මෙම අපරාධය සම්බන්ධයෙන්, මෝහන් නැමැත්තාට හා එම නිවසේ හිමිකාරිය වන පියශීලිට එරෙහිව නඩුපවරන ලෙසටය.

උක්වත්තගේ දයාවතී

පිටපත:
01. ජේ්‍්‍යෂ්ඨ පොලිස් අධිකාරී
    පානදුර.

02. පොලිස්පති

No comments:

Post a Comment