Tuesday, July 21, 2015

පොලීසියට බාරවී, පොලීසියේ ඉන්නකොට අල්ලගෙන ගිහිල්ලා කූඩු (හෙරෝයින්) දමා රිමාන්ඞ් කරලා.


පියා

නඩුවකට ඉදිරිපත්වන්න පානදුර මහේස්ත‍්‍රාත් උසාවියට පැමිණ සිටියදී, සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් උසාවි භූමියේදී අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. 

තම නීතිඥවරිය සමග උසාවියෙන් එළියට ඇවිත්, ඇගේ උපදෙස් මත, ඇය හඳුන්වා දුන් නීතිඥවරයා ද සමග පානදුර දකුණ පොලීසියට ගොස් බාර වුණා.

ස්ථානාධිපති ඔහුව අත්අඩංගුවට ගන්න අවශ්‍යතාවයක් නැති බව ප‍්‍රකාශ කළා. එහෙම කියලා ටික වේලාවකින් පොලීසිය ඇතුලෙදීම අත්අඩංගුවට ගත්තා.

ඊට පස්සේ කුඩු විකුණමින් සිටියදී කෝවිල ළඟ අහුවුණා කියලා උසාවියට ඉදිරිපත් කරලා රිමාන්ඞ් කළා. මෙම ප‍්‍රකාශය කරන්නේ මෙසේ අත්අඩංගුවට පත්ව, දැනට රිමාන්ඞ් බාරයේ සිටින විරාජ් සුනන්ද සිල්වා ගේ මව හා පියාය. 

ඔවුන් විසින් කර තිබෙන ලිඛිත පැමිණිලි දෙකෙන් සියලූ කරුණු හෙළිදරව් කර තිබේ.

එම පැමිණිලි දෙක පහත දැක්වේ.

මව ගේ පැමිණිල්ල
 01. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    අංක 165
    කිංසි පාර
    කොළඹ 08

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
     ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
     පානදුර

ලිඛිත පැමිණිල්ල

පාලමණ්ඩලිගේ දයානි මල්ලිකා ප‍්‍රනාන්දු, අවු: 45 යි, විවාහක, දරුවන් 03 යි, ලිපිනය: 427/8, ශ‍්‍රී විමලරතන මාවත, කුඩා අරුක්ගොඩ, අලූබෝමුල්ල, පානදුර. දුරකතන අංකය: 077 1804350

2015.07.15 වන දින දීය.

වැලිපිටියගේ විරාජ් සුනන්ද සිල්වා, අවු: 28 යි, අවිවාහක, කාර්මික, මාගේ පුතා වේ.

අද දින එනම්, 2015.07.15 මාගේ පුතා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව පවතින නඩුවකට ඉදිරිපත් වීමට උසාවියට පැමිණ සිටියා. (එම නඩු අංකය 05027*

එ් අවස්ථාවේ සිට පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි පොලිස් විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර, එම එ්කකයේ සම්පත් චමින්ද සොයිසා ඇතුලූ කිහිප දෙනා මාගේ පුතාව පැහැර ගැනීමට උත්සාහ ගත්තා.

එ් නිසා මෙහිදී, නීතිඥ චන්දන අමරසිංහ මහතා මගින් පානදුර දකුණ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත ඉදිරිපත් වුණා. 

ඔහු එ් අවස්ථාවේදී එම විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර මහතාගෙන් මාගේ පුතාව පොලීසියට අවශ්‍යද කියා විමසා සිටියා. අවශ්‍ය නැති බව ප‍්‍රකාශ කළා. නමුත් එම ප‍්‍රකාශය බොරුය.

එසේ සිටින විට මේ මොහොතේ සවස 4.00 ට පමණ පොලිස් ස්ථානයේ වැසිකිලියට ගිය අවස්ථාවේ ඔහුව පොලිස් විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර, එම එ්කකයේ සම්පත් චමින්ද සොයිසා ඇතුලූ පිරිස ඔලූවට පිස්තෝලයෙන් ඇන මාංචු දමා පානදුර වැල්ලේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ එ්කකයට රැුගෙන යන ලදි.

මා ඉල්ලා සිටින්නේ, 

මාගේ පුතාට වහාම වධ හිංසා දීම නවත්වා, බොරු නඩු දැමීම වළක්වා වරදක් කර ඇති නම් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරවන ලෙසටය. 

පාලමණ්ඩලිගේ දයානි මල්ලිකා ප‍්‍රනාන්දු

පියා ගේ පැමිණිල්ල
01. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

02. නීතිපති,
     නීතිපති දෙපාර්තමේන්තුව,
     කොළඹ.

බොරු නඩු දැමීම, පැමිණිලි බාර නොගැනීම පිලිබඳව 
නීතිමය පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීම.

වැලිපිටියගේ රෝහණ සිල්වා, අවු: 49යි, ජා.හැ.අ.66290386ඪ, විවාහක, දරුවන් 03යි, 
රැුිකියාව : මාලූ වෙළඳාම.
ලිපිනය : 427/8, ශ‍්‍රී විමලරත්න මාවත, කුඩා අරුග්ගොඩ, අරුග්ගොඩ, අලූබෝමුල්ල, පානදුර.
2015.07.17 දිනදීය.

වැලිපිටියගේ විරාජ් සුනන්ද සිල්වා, අවු: 28යි, අවිවාහක, - මාගෙ පුතා වේ.

2015.07.15 දින, මාගේ පුතා, ඔහුට විරුද්ධව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩු අංක 05027 ට ඉදරිපත් වුනා.

පානදුර උසාවියෙන් එළියට එන විට, ඔහු අත්අඩංගුවට ගැනීමට, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර, සම්පත්, චමින්ද, සොයිසා යන නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වුනා.

පුතා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ නිපුනිකා කරුණාතිලක මිය, මේ බව දැනගෙන, ඇගේ කාර්යාලයට පුතාව රැුගෙන විත් පැය 2 2/1 පමණ තියාගෙන හිටියා.

ඊට පසුව, නීතිඥ චන්දන අමරසිංහ මහතා මගින් පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා වෙතට ගෙනවිත් ඉදිරිපත් කලා. 

මමත්, මගේ බිරිඳත් ඔවුන් සමගම, පානදුර දකුණ පොලිසියට පැමිණ ඉදිරිපත් වුනා.

පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති සිද්ධිය අසා, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට (වැල්ලේ පොලිසිය* දුරකථනයෙන් අමතා, මාගේ පුතා වන වැලිපිටියගේ විරාජ් සුනන්ද සිල්වා, දැන් තමා ලඟ සිටින බැවින්, ඔහුව බාර ගන්නා ලෙසට ඉල්ලා සිටියා.

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ - විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර නිලධාරියා හා අනෙකුත් නිලධාරීන් ප‍්‍රකාශ කලා ඔහුව (පුතාව* අවශ්‍ය නැති බව.

එ්ත් අප පොලිසියට වී සිටියා. මන්ද පොලිසිය තුල හා අවට - ස්ථානාධිපති පද්ම කුමාර, චමින්ද, සම්පත්, සොයිසා යන නිලධාරීන් ගැවසෙමින් සිටි නිසා.

මේ අතර, මාගේ පුතා පානදුර පොලිසිය පිටුපස ඇති වැසිකිලියට ගියා. එ් අවස්ථාවේ ස්ථානාධිපති පද්ම කුමාර, චමින්ද, සම්පත්, සොයිසා විසින් අත්අඩංගුවට ගත්තා.

ස්ථානාධිපති පද්ම කුමාර පුතාගේ හිසට පිස්තෝලය තැබුවා. සම්පත් යන අය මාංචු දැම්මා. ඔහුව යතුරු පැදියකින් ගෙන ගියා.

එ් සමගම මා, පානදුර දකුණ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පො.ප.අතුල වෙත ගොස්, මෙම අත්අඩංගුවට ගැනීම ගැන පැමිණිල්ලක් දාන්න උත්සාහ ගත්තා. ඔහු එය බාර ගත්තේ නැහැ.

එ් නිසා, මාගේ බිරිඳ, එ් පිළිබඳව ෆැක්ස් මගින් - මානව හිමිකම් කොමිෂමට, පොලිස් මූලස්ථානයට, පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි කලා.

එම නිලධාරින්, මාගේ පුතාට පහරදී හෙරොයින් මිලිග‍්‍රෑම් 540ක් ලග තබාගත් බවට, බොරු චෝදනා නගා, ඊයේ, 2015.07.16 පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා.

එ් අවස්ථාවේ, නීතිඥ නිපුනිකා කරුණාතිලක මිය විසින් ලබාදෙන ලද නීතිඥ උදේශිකා ප‍්‍රියදර්ශනී මහත්මිය, මේ සියලූම කරුණු, මහේස්ත‍්‍රාත් තුමාට කියා සිටියා.

නමුත්, මහේස්ත‍්‍රාතුමා මාගේ පුතාව, 2015.07.24 දින දක්වා, රක්ෂිත බන්ධනාගාරගත කලා.

2015.07.15 දින රාත‍්‍රියේ, පුතාගේ දුරකථනයෙන් මට, පද්ම කුමාර නිලධාරියා කතා කර කිව්වා, ”උඹලා ෆැක්ස් ගහලා මට විරුද්ධව, එ්ක ඉල්ලා අස්කරගනින්, පුතාව  ඕනිනම්” කිව්වා.

පොලිස්පති තුමනි, නීතිපති තුමනි,

මේ ආකාරයට, අත්අඩංගුවට ගෙන, බොරු නඩු දැමීම මගින් සිදු කරන අපරාධ වලක්වාලීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

නොපමාව මැදිහත්ව, මෙම බොරු නඩුව ඉල්ලා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

වැලිපිටියගේ රෝහණ සිල්වා,(පියා)

No comments:

Post a Comment