Sunday, July 12, 2015

බුද්ධ පුත‍්‍රයෙකට කැ-රි-යා කියා බැණ වැදී, පහර දුන්න විදුහල්පතිවරයාව අධ්‍යාපන අමාත්‍යංශයට අරගෙන. බුද්ධ පුත‍්‍රයා මහ පාරේ.


මහින්ද රජපක්ෂගේ ගැත්තෙකු වූ, කොළඹ තර්ස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ බංඩාර නැමැත්තා, එම විදුහලේ බුද්ධ ධර්මය උගන්වන පූජ්‍ය විජිතසිරි හිමිට, කාර්යාලය තුලද කැ-රි-යා, හු---- පුතා යන වචන භාවිතා කරමින් සිවුරු ගැලවෙන තෙක් පන්න පන්නා පහර දෙනු ලැබුවේ සිසුන් දහස් ගණණක් ඉදිරියේදීය.

මෙම පහරදීම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ අතර, තමා බුද්ධ පුත‍්‍රයාට පහර දුන් බව ද පිළිගන්නා ලදි.

මහින්ද රාජපක්ෂ කුප‍්‍රකට කල්ලියේ සාමාජිකයින්ට  ඕනෑම අපරාධයක් කර බේරීමට හැකි වාතාවරණයක් ගොඩ නගා තිබූ අතර, එයට හොඳම නිදසුනකි මේ සිද්ධිය.

නීතියේ ස්වාධීපත්තිය ගැන අද කතා කරන මහින්ද රාජපක්ෂ ගේ එක් කකෙරුවාවක් හෙළී කරන මේ සිද්දීයට අදාල විදුහල්පති, දැනට ඉසුරුපායේ අත්සන් කිරිමට ඉඩදී ඇත.

මොහුගේ පහර කෑමට ලක් වූ පූජ්‍ය විජිත හිමිට මේ දක්වාම පාසලක් ලබාදී නැත. ඔහු මහ පාරේය.

මෙම තත්වය නිසා එම භික්ෂුව දැඩි මානසික රෝගී තත්වයටද පත්ව තිබේ. විශේෂඥ මානසික වෛද්‍ය උපදෙස් පවා පිළිගන්නට අමාත්‍යංශ ලේකම් සුදානම් නැත.

ඔහු පසුගියදා පුජ්‍ය විජිත හිමි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලි.ප.තැ. අමන ලද ලිපිය පහත දක්වමු.

‘‘ උපාලි මාරසිංහ මයා, ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

මහත්මයාණනි

නොපමාව සේවය කිරීමට පාසලක් ලබාදෙන ලෙස, කරණු ලබන ඉල්ලීම.

ඔබගේ 2014.06.11 වන දින හා ඊ.ඞී./2/29/11/07/4 දරන ”උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂූන් වහන්සේලා හා සෙසු ආගමික පූජකවරුන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 ශ්‍රේණියේ පත්කිරීම් 2014 -  පත්වීම් ලිපිය මගින් 2014.06.18 වන දින සිට, බප/කො/තර්ස්ටන් විද්‍යාලයට, බුද්ධ ධර්මය ඉගැන්වීම සඳහා ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 ශ්‍රේණියේ ගුරුවරයකු ලෙසට පත්වීම් ලැබුවෙමි.

2. එම විද්‍යාලයේ මා එදින සිට වැඩ බාරගෙන නිසි පරිදි ඉගැන්වීම් කටයුතුවල නිරත වෙමින් සිටිය දී එවකට විදුහල්පතිව සිටි එ්.ඞී.එම්.ඞී.බංඩාර මහතා විසින් සිදු කරන ලද අපරාධයක වින්දිතයකු බවට මා ද පත්විය. 

3. එම සිද්ධිය අදාලව එවක විදුහල්පතිව සිටි එ්.ඞී.එම්.ඞී. බංඩාර ඇතුලූ එම විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ 03 දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබෙන බව ඔබ දන්නා කරුණකි. එම නඩුවේ අංකය ඊ 24657රැු01රැු15 වේ.

4. මෙම තත්ත්වය තුළ ඔබ විසින් ඔබගේ ෑෘරැු01රැු27රැු04රැු01රැු2015 හා 2015.05.22 දරන ලිපියෙන් 2015.06.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාව මත පිළි/වේල්ස් කුමාර විද්‍යාලයට මාරු කරණු ලැබීය.

5. එම ස්ථාන මාරුවට පෙර ඔබගේ නියමය පරිදි අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එන්. අයිලප්පෙරුම මහතා විසින් ෑෘරැු1රැු27රැු04රැු02රැු2015 හා 2015.04.20 දින දරන ලිපියෙන් මාව බප/පිළි/එස්. ද එස්. ජයසිංහ ම.ම. විද්‍යාලයට අනුයුක්ත කරණු ලැබීය.

6. එම අනුයුක්ත කිරීම 2015.05.29 වන දින අවසන් විය. 

7. තවද, එම දිනය දීර්ඝ කරන ලෙසට මා, ලිඛිතව හා වාචිකව ඉල්ලා සිටිය ද එය ඉටු කළේ නැත. 

8. එ් අතර, ඔබගේ 2015.05.22 හා ෑෘරැු01රැු27රැු04රැු01රැු2015 දරන ලිපියෙන්, 2015.06.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි පිළි/වේල්ස් කුමර විද්‍යාලයට ස්ථාන මාරු කරන ලද්දේ සේවා අවශ්‍යතාවය මතය.

9. එ් අනුව 2015.06.12 දින මා පිළි/වේල්ස් කුමර විද්‍යාලයට වැඩ බාර ගැනීමට ගියෙමි.

10. නමුත් පිළි/වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පති ජේ.එ්.ඞී. සිරිවර්ධන මහතා එම පත්වීම ප‍්‍රතික්ෂේප කළ අතර එ් බවට සටහනක් ද ඔහු යොදන ලදි.

11. එ් බව මා ඔබ වෙත 2015.06.15 වන දින වාචිකව හා ලිඛිතව දැණුම් දෙන ලදි.

12. මෙහිදී විශේෂ කරුණක් සිහිපත් කළ යුතුව තිබේ. එනම් 2015.03.11 දින, විධිමත් ස්ථාන මාරු අයදුම් පත‍්‍රයක් මගින් වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ඉල්ලූ බව එ් අවස්ථාවේ පත්වීම අනුව වෙනත් පාසලකට මාරුවීමක් දිය නොහැකි බව ප‍්‍රකාශ කර ස්ථාන මාරුව ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලද බව සිහිපත් කරමි.

13. පිළි/වේල්ස් කුමාර විද්‍යාලයේ මට වැඩ බාර දීම ප‍්‍රත්කෂේප කිරීමෙන් අනතුරුව වෙනත් පාසලකට මාරු කිරීම හෝ අනුයුක්ත කිරීම හෝ මේ දක්වාම කර නොමැති බව මා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔබට වාචිකව හා ලිඛිතව දැණුම් දී තිබේ.

14. දැනට මට සේවය කිරීමට පාසලක් නොමැතිව දින 17 ක් ගෙවී ගොස් තිබේ.

15. මේ අතර අපරාධ නඩුවක පළමු චූදිත හිටපු විදුහල්පති එ්.ඞී.එම්.ඞී. බංඩාර මහතාව කාර්යාලයට අනුයුක්ත කරගෙන තිබේ. අනෙකුත් චූදිතයන් තර්ස්ටන් විදුහලේම සේවය කරණු ලබයි.

16. අපරාධ වින්දිතයකු වූ මාගෙන් අපරාධ සැකකරුවන් හා එක්ව ද්වේශ සහගතව පළි ගැනීමකට මා ඉවත් කර ඇත.

වැඩිදුරටත් මා ප‍්‍රකාශ කරන්නේ ස්ථාන මාරුවක් හෝ අනුයුක්ත කිරීමකට මා හට, සුදුසුකම් ඇති බව ද, මාගේ සේවය ලබා ගැනීමට බප/එස්. ද එස්. ජයසිංහ ම.ම. විද්‍යාලය සූදානම් බවද, මෙම හේතු මත මා හට ස්ථාන මාරුවක් ලබා දිය යුතු බවය.

මේ අනුව තත්ත්වය සලකා බලා තවදුරටත් ප‍්‍රමාද නොකර මා බප/එස්. ද එස්. ජයසිංහ ම.ම. විද්‍යාලයට අනුයුක්ත කරන ලෙසට ඉල්ලා සිටිමි.

එසේ නොමැති නම් නැවත මා හට, තර්ස්ටන් විද්‍යාලයට ම, පත්වීම ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. 

පූජ්‍ය මහකන්දේ විජිතසිරි හිමි, 
පරම ධම්ම චේතිය පිරිවෙන
පිරිවෙන පාර, රත්මලාන
2015.07.02

No comments:

Post a Comment