Thursday, June 11, 2015

ගුරුවරයා ගේ පහරින් මානසික හා ශාරීරික වධහිංසාවට ලක් වූ දරුවාට අධ්‍යාපන අමාංත්‍යංශයත් වධදෙයි.


මාස 06 ක් ගතවෙලාත් පාසලක් ලබා දිලා නෑ.
කෑ/වර/නාන්ගල්ල මුස්ලිම් ම. විද්‍යාලයේදී ඉගෙනුම ලබමින් සිටි 11 හැවරිදි අබ්දුල්ලා ට 2014.09.01 දින ගුරුවරයෙකු පහරදී ශාරිරික හා මානසික වධහිංසාවට පත්කරන ලදි. පහර දුන් ගුරුවරයාට එරෙහිව නීතිමය හා විනයානුකුල පියවර නොගන්නා ලෙසට නගල්ල මුස්ලිම් පල්ලිය හා ප‍්‍රදේශයේ ඉස්ලාමි සංවිධාන කරන ලද බලපෑම් වලට පොලීසිය හා අධ්‍යාපන ලොක්කන් යටවිය. 
දරුවාව පරික්ෂා කල වෛද්‍යවරු දරුවාව නාන්ගල්ල මුස්ලිම් ම. විද්‍යාලයට නොයවන ලෙසට නිර්දේශ කළ අතර, ප‍්‍රදේශයේ උපදේශණ පහසුකම් ඇති කෑ/මාව/සහිරා ජාතික පාසලට දරුවා ඇතුළත් කරවන ලෙසට නිර්දේශ කළේය. එම විදුහලේ විදුහල්පති දරුවාව තම පාසලට ඇතුලත් කර ගත හැකි බවත්, එ් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශය ලබා දෙන ලෙසටත් ඉල්ලීය.
එ් අනුව, එම ඉල්ලීම අධ්‍යාපන අමාංත්‍යාංශයේ ජාතික පාසල් අංශය සබරගමුව අංක ෑෘරැු1රැු6රැු2015රැුීඨරැු46 යටතේ ලියාපදිංචිකර, එ් හා අදාල නිගමනය මැයි මස අවසන් වීමට පෙර ලිඛිතව දැණුම් දෙන බවට ප‍්‍රකාශ කළේ දෙමාපියන්ට අධ්‍යාපන අමාත්‍යංශයට නොපැමිණෙන ලෙසට නියම කරමින්ය.
නමුත් අද දක්වාම දරුවාට පාසලට ඇතුලත් කිරිමට අවශ්‍යය නිර්දේශය නිකුත් කිරිම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මුණසිංහ මග හරිමින් සිටි. එ් බලපෑම් නිසාද? නැති නම් හේතුව කවරේද?
රාජපක්ෂ රෙජිමය තුල පැල පදියම්වු දුෂිත පාලන ක‍්‍රමය එලෙසටම අධ්‍යාපන අමාත්‍යංශය තුල පවත්ගෙන යනු ලබබ බවට මෙම සිද්ධිය නිදසුනකි.  








 



No comments:

Post a Comment