Wednesday, November 9, 2011

නෝනාව බේරාගන්න - ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියා ෆයිල් උස්සලා





රන්මුතුගල සහතික පාසලේ සියලුම පොත්පත්, පාසල් පතිනියගේ සැමියා උස්සලා.ඔහු මධ්‍යම රජය යටතේ පාලනය වන පරිවාස හා ළමා ආරක්ෂකදෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙකි.

පසුගිය මස 26(2011.10.26)රන්මුතුගල රජයේ සහතික පාසලේ ගැහැණු ළමුන්   කෘෘරත්වයට පත්කිරීම අදාලව, පාසල්පතිනිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්බාරයට පත්කරනු ලැබීය.

අද දින (2011.11.09) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධීකරණයේ මෙම නඩුව කැදවූ අවස්තාවේ, පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට, සහතික පාසලේ පොත් පත්,ලේඛන නැති බව ප්‍රකාශ කල ළමා අධීකාරිය, එම පොත් පත් ලේඛණ, පසල් පතිනියගේ සැමියා විසින් රැගෙන ගොස් ඇති බව අධිකරණයට වාර්තා කළේය.

රජයේ මෙන්ම, පුද්ගලික ළමා රැදවුම් නිවාස වල සිදුවන අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට රජය අපොහොසත්වීම නිසා මෙම අවාසනාවන්ත තත්වය උද්ගතවී ඇති බව ප්‍රකාශ කල යුතුය.

විශේෂයෙන් රජයේ මෙම ආයතනවලට නුසුදුසු පුද්ගලයන් පත්කිරීම හා නිසි ලෙස පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම හා සුපරික්ෂාව බිදවැටීම මෙයට හේතුව බව කිවයුතුය.


No comments:

Post a Comment