Monday, November 14, 2011

2018 දී ගෝල්ඩ් කොස්ට් යමු.


2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට ට ලබා ගැනීමට නොහැකිවූ ආණ්ඩුව - සැලසුම් වෙනස් නොකරන බව ප්‍රකාශ කරයි.

රුපියල් මිලියන දෙසීයයකට ආසන්න මුදලක් ජන්ද සටනට යෙදවූ ආණ්ඩු නියෝජිතයින් හැත්තෑහයකු ගෙන් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ බහුතරය දිනා ගැනීමට - කැරේබියානු දූපත් කරා ගිය ශ්‍රී ලාංකික දූත පිරිස දෙසියයකට වැඩිය.

ශ්‍රී ලංකාව ජයගන්නා බව - මෙරට වැසියන් අතර ප්‍රචාරය රජය ගෙන ගියද, බුකී කරුවන් ප්‍රථිඵලය දැනගෙන සිටි බව නොරහසකි. ඔවුන් ගෝල් කෙන්ට් 1.5ක් ලංන්සවක් තිබූ අතර, හම්බන්තොට 2.5ක් ලන්සුවක් වෙන්කලේ ඒ නිසාය.

හම්බන්තොට - පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලබා ගැනීම සදහා ජනතා උන්නනදුවක් නොතිබූ බව පෙන්වා දෙන විචාරකයින්, ක්‍රීඩා උළෙලේ සියලු පහසුකම් 2016 වන විට සම්පූර්ණ කන බව රාජපක්ෂ ආණ්ඩුව දුන් පොරොන්දුව - බහුතරයක් සම්මේලන නියෝජිතයින් විශ්වාස කර නැති බව, අවම වශයෙන් තරගයක්වත් දීමට බැරිවීමෙන් තහවුරු විය.

2010 දිල්ලි පොදු රාජ්‍ය මණ්ඩල තරගයේ අත්දැකීම් 2018 දී හම්බන්තොටදී විදීමට - නියෝජිතයින් අකමැත්ත පල කර තිබින.

ශ්‍රී ලංකාවේ පොරොන්දු ගැන ලොවම දන්නා බව- පරාජයෙන් පෙන්නුම් කල තවත් සත්‍යයකි.   
ජාතියක් වශයෙන් මෙවන් අවස්තාවක් රටට අහිමිවීම සොම්නසට හේතුවක් නොවේ. එහෙත් පසුගිය අත්දැකීම් අනුව මෙවන් අතිවිශාල මුදල් ස්ථාවරයක් වියදම් කිරීමෙන් - අල්ප දෙනෙකුගේ බලාපොරොත්තුව සංසිදවා බලා පසුතැවීමට සිදුනොවීමද සොම්නසට හේතුවකි. ජාතියේ වාසානාවකි.

තවද,  ක්‍රීඩකයෝ හා පරිවාර ජනයා හම්බන්තොටට වඩා ගෝල්ඩ් කොස්ට් තේරීමට කැමති වනවා නිසැකය.

No comments:

Post a Comment