Wednesday, March 23, 2016

තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!

පියා හා මව

පොලිසිස්  නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටි අවු: 16 හැවරිදි පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව, තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.

මව ජයචිත‍්‍රා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට, කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ. 

‘සෙනසුරාදා(19දා) උදේ 8.00 ට තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි 16 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. ඒ අවස්ථාවේ, මටත් සැමියාටත් තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න, කියමින් අම්මාට.......පිය, තොප හු.....   ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා. 

අපි ඉන්දීය සම්භවයක් ඇති දෙමළ. 

සැමියාත් මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා. රෑ ගෙදර යන්නේ නැතිව, කිට්ටුව තියෙන පල්ලියට ගොස් නැවතුනා. 

පසුදින උදේ (20 ඉරිදා) 8.00 ට නැවත තෙබුවන පොලිසියට ගියා. 

අපි පොලිසියට ගියාට පස්සේ, පුතාව කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම ගැහුව්වා කියලා.

මගේ මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා,පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා, අද උසාවි දානවා කියා. 

සවස 2.00ට පමණ පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.

පුතාව රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා.
පසුදින, 21 සඳුදා, කලුතර බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා. 

අපි පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා සිටියා. 

21 දින (සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව.

22 දින (පෝය), දහවල් මමත්, සැමියාත් රෝහලේ පුතා ළඟ ඉන්නකොට, තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා. පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.

ඔවුන් ගිය පසුව, පුතා කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා, උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස් පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව. 

දවස් දෙකකට පස්සේ, 22 දින සවස 4.30 ට පමණ පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව, ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ  ළමා නිවාසයේ.’ 

ඇය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ –

තම  පුතාට පහරදී වධ දුන්න තෙබුවන පොලිසියේ ස්ථානාධිපති, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීනියට, පහරදුන් කොස්තාපල්වරයාට, රෝහලට පැමිණ තර්ජණය කල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසට,
ළමා නිවාසයේ, රඳවා තිබෙන මගේ දරුවාට ආරක්ෂාව සලසන ලෙසට, පොලිසියෙන් හෝ වෙනත් බලපෑම් කිරීම්වලට භාජනය වීම වලක්වන ලෙසට,
ළමා නිවාසයේ රඳවා සිටින මාගේ පුතාව, ප‍්‍රමාද නොකොට හමුවී, සියලූම තොරතුරු ලබා ගන්නා ලෙසට,
එමෙන්ම, මටත් සැමියාටත් කුණුහරපා කිමයින් බැණ තර්ජය කරමින්ද, පරදෙමල්ලූ කියා හඳුන්වමින්ද අපට නින්දා කල, පහර දුන්න නිලධාරීවරයාට එරෙහිවද - නීතිමය පියවර ගන්නා ලෙසට ය.

පැමිණිල්ලේ පිටපත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ද යවා තිබේ. 


No comments:

Post a Comment