Wednesday, February 3, 2016

පවුම් පහක් බැරිනම් දෙකක දීපන්. තම්බිලා ඔක්කොම හොරු. කප්පම නොදුන්න නිසා, අත්අඩංගුවට ගෙන, බොරු නඩු දැම්මා.



මෙහි සඳහන් කරන්න බැරි කුණු හරප කියමින්, රත්තරන් වළලූ පහක් ඉල්ලා සිටියා. උඩ ඇඳුම් ගැලෙව්වා. දණ ගැස්සුවා. 

මෙසේ ප‍්‍රකාශ කරන්නේ මොරටුව ‘‘රෝම් ජුවලර්ස්’’ අයිතිකරු මොහමඞ් නවුෆර්. ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ලේ, මෙසේ සඳහන් කර තිබේ.

‘‘ 2016. 01. 30 දින පස්වරු 02.30 ට පමණ සිවිල් ඇඳ්මින් මෙරටුව පොලීසියේ හතර දෙනෙක් ව්‍යාපාරික ස්ථානයට පැමිණියා. ඔවුන් සමග සතියකට පමණ පෙර සාප්පුවට පැමිණි පුද්ගලයෙකු සිටියා. ඔහු මාව පෙන්නා, රත්තරං බඩු වික්කේ මට බව කිව්වා. මා එ් බව පිළිගෙන ඔහු ගෙන් මිළයට ගත් රිදි ආභරණ කිහිපය, පොලීසියට පෙන්නා සිටියා. පොලසිය එම ආභරණ රැුගෙන බෝතලයකට දමා ගත්තා. එම ආභරණ අතර තිබු රිදි සාරි කටුව කොළයක ඔතා ගත්තා. මා මිළදි ගත් රිදි භාණ්ඩ හා ඉමිටේෂන් මාලයට ලබාදුන්න රිසිට් පතේ පිටපත එම නිලධාරින්ට පෙන්වා සටියා. එම පැහැදිලි කිරීම් පිළිනොගෙන, මාව අත්අඩංගුවට ගෙන මොරටුව පොලීසියට ගෙනවිත් කූඩුවට දැම්මා. එ් වන විට වේලාව පස්වරු 02.30ට පමණ ඇති. රාත‍්‍රි 12ට පමණ මාව කූඩුවෙන් එළියට රැුගෙන අපරාධ අංශයට ගෙන ගියා. එහි දි මට කූණුහරප කියමින් බැන වඳිමින්, මා හැඳ සිටි ෂර්ට් එක හා බැනියම ගලවන්න කියා බල කලා. මා ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සේ දණ ගැස්සුවා. මට මෙහි සඳහන් කරන්න බැරි කුණු හරප කියමින්, මගෙන් රත්තරන් වළලූ පහක් ඉල්ලා සිටියා. මා පුන පුනා කියා සිටියා මා එම පුද්ගලයාගෙන් ලබා ගත්තේ රිදි ආභරණ පමණක් බව. එවිට මාව මුදාහැරිමට පවුම් පහක් දෙන ලෙසට ඉල්ලා සිටියා. මා ඔවුන්ට කියා සිටියා නොලත් දෙයක් දෙන්නට විදියක් නැති බව. එවිට පවුම් පහක් බැරි නම් දෙකක් දෙන ලෙසට ඉල්ලා සිටියා. මා එයද ප‍්‍රතික්ෂේප කළා. එවිට මට පාඩමක් උගන්වන බව ට, සාප්පුව කරගෙන යෑමට ඉඩ නොදෙන බවට තර්ජනය කර නැවත කුඩුවට ගෙනහින් දැම්මා. එසේ කුඩුවට දාන කොට මාව දවස් 14කට රිමාන්ඞ් කරවන බව කියා සිටියා. පසුදින, 2016. 01. 31, පස්වරු 02.30ට පමණ, වැඩ බලන මහෙස්ත‍්‍රාත් තුමා ලඟට ගෙන ගියා. මාව රු:-25,000/-ක  ශරිරි ඇපයක් මත මුදා හැර, 2016.02.01 දින මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පෙනීසිටින ලෙසට නියම කරනු ලැබුවා.
මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය මට වැඩ බලන මහෙස්ත‍්‍රාත් නියම කළ රු.25,000/- ශරිර ඇපය, රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කළා. මිළඟ නඩු දිනය 2016.02.15 වේ. නඩු අංකය බි.ආර්.209/16 වේ’’.
ඔහු ඉල්ලා සිටින්නේ, තමා නිත්‍යානුකුලව කරගෙන යනු ලබන ව්‍යාපාරය/රැුකියාව අවහිර තාවයකින් හා තර්ජන වලින් තොරව කරගෙන යෑමට ඉඩ සලසන ලෙසට, නිති විරෝධිව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, කප්පම් ලබා ගැනිමට උත්සහ කළ හා බොරු නඩු දමන ලද මාරටුව පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ය. 

1 comment:

  1. මහේස්ත්‍රාත් තුමා හමුවේ නිදහසට කරුණු කියන්නට අවස්ථාවක් නැද්ද?

    ReplyDelete