Saturday, July 17, 2021

පානදුර දකුණ ෂරීයා නීතිය ක‍්‍රියාත්මක කරන්න හදයි දෙමළුන්ට Love තහනම්ලූ!!

 
27 අවුදරුද්දකට පෙර පානදුරය රට පුරා ප‍්‍රකට කළ හෝටලයක කෝකියෙකු ලෙසට ආපු ''චාල්ස''මේ හෝටලයේ චෛනීස් රෝල්ස් හදපු ''මේරි" සමග පැවැත්වූ හාදකමට, මෑතක් වන  තුරු බාධාවක්නම් තිබුනේ නැත.

ඇගේ දියණියක, පොලීසියටත්, එෆ්.එම්. නාලිකාවකටත් නෑකම් කියන්නට හැකියාව ලැබීමත් සමග, මවගේ පේ‍්‍රමයඅකුල් හෙලන්නට, පානදුරය පොලීසිය යොදා ගන්නට ගත්, නින්දිත උත්සාහය, කියවන්න ''චාල්ස'' ගේ පැමිණල්ල.

 පොලිස්පති, පොලිස් මූලස්ථානය , කොළඹ

 ලිඛිත පැමිණිල්ල

 2021 ජූනි 17  දින  විද්‍යුත් තැපෑල මගින් සිදුකරන ලද පැමිණිල්ල හා බැඳේ.

ඔබගේ යොමු අංකය: 055d6d21154d9d3a86d89-

 

පානදුර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ සැරයන් දයානන්ද නිලධාරි විසින් සිදු කරනු ලැබූ භියවැද්දීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනිම් හා රඳවා තබා ගැනීම්, ජාතික හැඳුනුම්පත වෙනත් අයෙකුට භාවිතා කිරීම සඳහා බලාත්කාරයෙන් ලබාදීම.

 ''චාල්ස'' ( ජාතික හැඳුනුම්පත් අංකය-----), අවුරුදු 48යි. දරුවන් 02යි. රැකියාව අරක්කැමි.

 රැකියාව කරන ස්ථානයේ හා පදිංචි ස්ථානයේ ලිපිනය:-

 නො. 474, එඩ්මන් හවුස්, ආතර් වී දියෙස් මාවත, පානදුර

 2021 ජූනි මස 17 වන දින පානදුර දකුණ පොලිසියේ කැඳවීම  මත මා පානදුර දකුණ පොලිසියට ස්ථානයට ගියා.

 එහිදී සුළු පැමිණිලි අංශයේ සැරයන් දයානන්ද වෙත මාව යොමු කළා.

 මා යන විට ඔහු සමග '' මේරි ''  (අවුරුදු 48යි - විවාහක ) යන අයගේ දියණියක්ද සිටියා.  

 සැරයන් දයානන්ද මට චෝදනා කරමින්, මා '' මේරි ''   සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවත්, ඇයට හා ඇගේ දියණියට දුරකථන පණිවුඩ, අසැභි පින්තූර යවන බවටත් චෝදනා කළා. මා එම චොදනා ප්‍රතික්ෂේප කළා. මා  '' මේරි ''  සමග සම්බන්ධකම් පැවැත්වුයේ ඇගේ පුර්ණ එකතාවය හා කැමැත්ත මත බවත් ප්‍රකාශ කියා සිටියා. මා ඇගේ දියණියට‌ හෝ ඇයට  කෙටි පණිවුඩ හෝ පින්තුර යවා ඇත්නම් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියා.

 සැරයන් දයානන්ද නිලධාරි මගේ දුරකථන දෙක රැගෙන පරීක්ෂාකර කිසිවක් නැති බව පිළිගත්තා. එසේ තිබියදිත්'' මේරි ''  දියණියගේ ඉල්ලීම මත මට දැඩි ලෙස තර්ජනය කරමින්, දෙමළෙකුට මෙහෙ ඉන්න බෑ යි කියමින්,  දෙමළා යෑයි අපහාස කරමින්, මට වහාම පානදුර පිටව යන ලෙසට නියෝග කර, එසේ නොකරන්නේ නම්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට තර්ජනය කළා.

 මගේ ස්ථිර පදිංචිය පස්සර ගමේ වල වතත්ත. මා පානදුරය, සල්ගාදු හෝටලේ අරක්කැමි යෙකු වශයෙන් වසර  27 ක පමණ සිට රැකියාව කරනවා. කලකට පෙර මෙම හෝටලය වසා දැමීමෙන් පසුව, මාව එහි කළමනාකාර මහත්මිය යටතේ ඇගේ නිවසේ පදිංචිව, කම්කරුවකු වශයෙන්, සියලු වැඩ කටයුතු සිදුකරමින් සිටිනවා.

 මා සල්ගාදු හෝටලයේ වැඩ කරන කාලයේ, එම හෝටලයේම මා සමඟ ඒකට කුස්සියේ වැඩ කළ ''මේරි'' සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියා. ඒය කිසිවකුටත් ප්‍රශ්නයක් නොවුන අතර, අප දෙදෙනාගේ කැමැත්ත මත එම සම්බන්ධය පවත්වාගෙන යන ලැබුවා.

  මෙම පසුබිම යටතේ 2021 ජනවාරි 13දා, මට ඇය, ඇගේ ගෙදරට එන ලෙසට දැනුම් දුන්නා. ඒ මගෙන් අත මාරුවකට ලබාගත්  රුපියල් 5000/- ලබා දෙන්න.

 මා එහි යන විට ඇගේ දියණිය සිටියා. ඇය මා සොරකු ලෙස ට හඳුන්වා අසල්වැසියන් කිහිප දෙනෙකු හා එක් වුව මට පහරදී පොලිසියට බාර දුන්නා. පොලීසිය මාව එදින රාත්‍රියේ රඳවාගෙන සිට පසුදින පොලිස් ඇපයක් මට මුදාහැරියා.

 මා ප්‍රේම සම්බන්ධකම් පැවැත්වු ''මේරි'' ගේ  දියණියක්, මා දන්නා තරමින් ප්‍රකට FM නාලිකාවක,   රැකියාව කරනවා. ඇගේ සැමියා අම්පාර ප්‍රදේශීයේ  පොලිසියක සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්.

 මෙම දියණිය, මෙකි සම්බන්ධතාවයන් උපයෝගී කරගෙන පානදුර දකුණ පොලිසිය පාවච්චි කර, මාව, මාගේ රැකියාවෙන් පලවා හැරීමටත්, පානදුරය පදිංචියෙන් පලවාහැරීමට උත්සාහ ගන්නවා.

 මෙය වඩාත් පැහැදිලිවුයේ සැරයන් දයානන්ද මාව පොලිසියට කැවුයේ, රවා ගත්තේ මට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බව හෙළිවිමේන් ය.

 '' මේරි''  ගේ දියණිය හා බෑණා,  සැරයන් දයානන්ද හා ඒක්ව, පොලීසියේ බලය  නීති විරෝධීව උපයෝගී කර ගැනීමෙන් හා යොදාගෙන මට බලපෑම් කරමින් තර්ජනය කරමින් ක්‍රියා කරන බව ප්‍රකාශ කරමි.

 මා  ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්.  එම නිසා මට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක පදිංචිව නිත්‍යානුකූලව රැකියාවක නිරත වීමේ හැකියාවක් තිබෙනවා.

  එය මූලික අයිතිවාසිකමක්

 මේ වන විටත් දුරකථනයෙන් මා පදිංචිව රැකියාව කරන ස්ථානයේ හිමිකාර මහත්මියට මෙම සැරයන් දයානන්ද නිලධාරි දුරකථනයෙන් තර්ජනය කරමින් මාව රැකියාවෙන් සහ පදිංචියෙන් නෙරපා හරින ලෙසට, දිගින් දිගටම තර්ජනය කරනවා. මේ වන විට ඇය පසුවන්නේ දැඩි  බියකින්.

 මා  දෙමළෙකු වීම නිසා මට පානදුරය රැකියාව කිරීමට හා තාවකාලිකව පදිංචි හැකියාවක් නොමැති බව පානදුර දකුණ පොලිසියේ දැඩි මතයයි.

 පානදුර දකුණ පොලිසියේ විශේෂයෙන් සුළු පැමිණිලි අංශයේ සැරයන් දයානන්ද නැමැති නිලධාරියා යොදාගෙන මට සිදුකරන නීති විරෝධී බලපෑම් තර්ජනය කිරීම් නවත්වා දෙන ලෙසටත්, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙසටත්, මාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

  මා කිසිදු නීති විරෝධී ක්‍රියාවක නිරතවි නොමැත. නිරත  වන්නේ ද නැත.

ඉහත සියලු කරුණු සත්‍යය හා නිවරැදි ප්‍රකාශ කැ සිටිමි.

පිටපත්

  1. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශය
  2. ජෙෂ්ඨ පොලිස් අධිකාරි, පානදුරය
  3. සභාපති, මානව හිමිකම් කොමිෂම් සභාව
  4. ප්‍රධාන විධායක, හිරු  FM - දැ.ගැ.පි

 


No comments:

Post a Comment