Saturday, July 17, 2021

මිනිස් ජීවිතයක වටිනාකම මිලියනයයි. රජයෙන් ලක්ෂ 75 යි. පොලිස් කාරයින්ගෙන් ලක්ෂ 25 යි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව.

 


යහ පාලන සමයේ එනම්, 2017 පෙබරවාරි 25 දින, පෑලියගොඩ පොලිස් කාරයෝ පස් දෙනෙක්, චාධික් ෂ්‍යමන් වික‍්‍රමආරච්චිව අත්අඩංගුවට ගන්නේ, පාන්දර 4.00 ට.

පැය 05 කට පසුව, ඔහු මිය යනවා.

පොලිස් අත්අඩංගුවේදී, චාධික් ෂ්‍යමන් වික‍්‍රමආරච්චි, මිය යන්නේ පොලිස් වධ හිංසාවේ ප‍්‍රතිඵලයෙන්. එ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවෙන් තහවුරු විය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 12 (1) වගන්ති ප‍්‍රකාරව, පුරවැසියන්ට හිමි විය යුතු අයිතිවාසිකම් මෙම පොලිස්කාරයින් ස් දෙනා උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විය. 

චාධික් ෂ්‍යමන් වික‍්‍රමආරච්චි ගේ බිරිඳ කඩුවෙල පදිංචිකාරියක් වූ නිල්මිනි විජේසේකර විසින්, මූලික අයිතිවාසිකම් නඩුව 2017 වසරේ පවරනු ලැබීය.

නඩුව 2021.03.02 වන දින විභාගයට ගන්නා ලදි.

පී. පද්මන් සූරසේන, ජානක ද සිල්වා හා එච්.එ. සමයවර්ධන විනිසුරු ඉදිරිපිටදී මෙම නඩුවේ තීන්දුව 2021.07.14 ප‍්‍රකාශයට පත් කරන ලදි.

එ අනුව, බිරිඳට රුපියල් ලක්ෂ 50 ක් ද, දරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 25 බැගින්ද හිමිවනු ඇත.

රුපියල් ලක්ෂ 75 ක් රජය ගෙවනු ලබන අතර, රුපියල් 50,000.00 බැගින් පොලිස්කාරයින් ගෙවිය යුතුය.

මෙම අපරාධය සිදුකරන ලද පොලිස්කාරයින් වන්නේ, සුමේධ කුෂාන්ත, ඉන්දික ප‍්‍රියදර්ශන, චානක රුක්මන්, අජිත් ප‍්‍රියදර්ශන, චානක රුක්මන්, අජිත් ජයලාල් යන පොලිස් කාරයින් පස් දෙනාය.

ඔවුන, පැලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ අයෙකි.

මෙම නඩු තීන්දුවේ සඳහන් එක් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුය.

එනම්, මොහුගේ මරණය, ෆිට් එක නිසා සිදුවු බවට ප්‍රකාශ කළ පොලිස් අධිකාරීවරයා කව්රුන්ද? ඔහු අපරාධය වසන් කිරීමට වගකිව යුතු නැද්ද? 

කථා කරමු.








No comments:

Post a Comment