Sunday, July 18, 2021

දවස් 40 ක් ICU එකේ අනතුරට වගකියන්න ඕ‌ෙන පොලීසිය මේ වන විටත් සාක්ෂි වසන් කරලා.

 


2021.05.26 දින, පිළියන්දල රත්මල්දෙනිය පාරේ සිදුවූ යතුරුපැදි අනතුරෙන්, තම සැමියාත්, කොට්ටාව පොලීසියේ බුද්ධි අංශ නිලධාරියෙකු හා පොලිස් ඔත්තුකරුවෙකු තුවාල ලබා තිබේ.

බරපතල තුවාල ලබා සිටි, සැමියාව, අසල්වැසියන් විසින් පොලීසියේ විරෝධතාව නොතකා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර, මෙ දක්වා, ගරු අධිකරණයට වාර්තා කර තිබේද යන්න පිළිබඳව පවතින්නේ සැකයකි. බිරිඳ මෙ පිළිබඳව බලධාරීන්ට කර තිබෙන පැමිණිල්ල පහත දැක්වේ.

පොලිස් නිලධාරියෙකු හා පොලිස් ඔත්තුකරුවෙකු සම්බන්ධ, යතුරුපැදි අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලබදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

කොතලාවලගේ නිලූකා ශ්‍යාමලී අල්විස්, අවු: 42 යි, විවාහක, ජා.හැ.අ. 197973303670, විවාහක, දරුවන් 02 යි, ලිපිනය: 290/්ල ඇරැුව්වල, පන්නිපිටිය, දු.අ. 075 2116132

2021.07.01 වන දින දීය

තිබ්බටුගේ ශාන්ත, අවු: 44 යි, රැුකියාව: වෙළඳාම, මාගේ සැමියා වේ.

2021.05.26 වන දින, දහවල් 11.30 ට පමණ, මාගේ සැමියා, රත්මල්දෙනිය පාරේ, සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, රිය අනතුරකට භාජනය වී, බරපතල තුවාල සිදුව, මේ වන විටත්, කොළඹ ජාතික රෝහලේ එ්කක 03 හි ප‍්‍රතිකාර ලබමින් සිටී. දැනට දින 40 කි.

මෙම අනතුරට වගකිව යුතු පුද්ගලයින් වන්නේ, කොට්ටාව පොලීසියට අනුයුක්ත, බුද්ධි අංශයේ නිලධාරියෙක් හා පොලිස් ඔත්තුකරුවෙකු වන පිළියන්දල පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ය.

එම බුද්ධි අංශයේ නිලධාරියා තම අනන්‍යතාවය හෙළි නොකර, 071 1871352 අංකයෙන්, මට කථා කළා.

ඔහු මට කිව්වා, සැමියා ගමන් ගත් යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කළ, ට‍්‍රැක්ටරයක වැදුන බවත්, එ් සමග තමන් ගමන් කළ, යතුරුපැදිය, සැමියාගේ යතුරුපැදිය හා ගැටුනු බව. වෙන කිසිම තොරතුරක් ලබා දුන්නේ නෑ.

පිළියන්දල පොලීසිය, මෙම රිය අනතුර, කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර තිබෙන බව දැනුම් දුන්නා. නඩු අංකය හා ඊළඟ නඩු දිනය ලබා දුන්නේ නැහැ.

මා ප‍්‍රකාශ කරන්නේ,

පොලිස් නිලධාරියෙකු හා පොලිස් ඔත්තුකරුවෙකු සම්බන්ධ වී මෙම ”රිය අනතුර” පිළිබඳව කරුණු වසන් කරන බවයි.

මෙම ”රිය අනතුර” ට සම්බන්ධ පොලිස් නිලධාරියා හා පොලිස් ඔත්තුකරු, රිය අනතුර වාර්තා නොකර පලා ගොස් ඇත.

මා ඉල්ලා සිටින්නේ,

 මෙම රිය අනතුරට අදාළව, පහත සඳහන් තොරතුරු මා වෙත නොපමාව ලබාදෙන ලෙසටය.

(1) මෙම රිය අනතුරට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ නම, අංකය, අනුයුක්ත පොලීසිය, ඔහු පැදවූ යතුරු පැදියේ අංකය,

(2) ඔහු සමග ගමන් කළ, සිවිල් පුද්ගලයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, තරාතිරම ආදී තොතරතුරු,

(3) මෙම රිය අනතුරට සම්බන්ධ ට‍්‍රැක්ටරය අදාළ,

     අංකය, අයිතිකරුගේ නම, ලිපිනය, රියදුරුගේ නම, ලිපිනය, එහි ටේලරයේ අංකය,

(4) මෙම රිය අනතුර, ගරු අධිකරණයට වාර්තා කර ඇත්නම්,

     එහි අංකය, වාර්තා කළ දිනය, පෙර දිනය හා ඉදිරි දිනය,

පොලීසියට, අනතුරක් සිදු කර, එයින් ගැලවීමට ඉඩ නොතබන ලසට ද ඉල්ලා සිටිමි.

මෙයට,

කොතලාවලගේ නිලූකා ශ්‍යාමලී අල්විස්

 

 

 

 

 

 


No comments:

Post a Comment