Tuesday, October 6, 2020

බබ්රි මස්ජිඞ් බිමට සමතලා කිරීම 28 වසරකට පසුව BJP නායකයින් නිදහස් කරයි.


16 වන සියවසේ ඉදිකරන ලද අයෝධ්‍යාවේ බබරි මස්ජිඞ් (මුස්ලිම් පල්ලිය) හින්දු කැරලිකරුවන් විසින් බිමට සමතලා කරන ලද්දේ 1992 දෙසැම්බර් 06 දිනය.

හින්දුන් විසින්, රාමා උපන් ස්ථානය ලෙසට සැලකෙන මෙම, මුස්ලිම් දේවස්ථානය ඉදිකරන ලද භූමිය සදහා 16 වන සියවසේ සිට, දෙපාර්ශවය අතර ‘‘උරුමය’’ සඳහා පැවති අරගලය 1992 දෙසැම්බර් 06 වන දින, නිමාවට පත්වුනේ, බබ්රි මස්ජිඞ් (මුස්ලිම් පල්ලිය) ලෙසට හැඳින්වූ දැවැන්ත ඉදිකිරීම හින්දු කැරළිකරුවන් විසින් බිමට සමතලා කර දැමිමෙන් ය. මෙම ගැටුමෙන් මියගිය ගණන 2000 කට වැඩි බව වාර්තා වින. 

මෙය, භාරතීය ජනතා පක්ෂයේ එවක නායකයින්ගේ උසි ගැන්වීම මත සිදුවූ බවට මුස්ලිම්වරුන් චෝදනා කලහ.

මෙම සිද්ධිය අදාළව දීර්ඝ විමර්ශන වලින් අනතුරුව, භාරතීය ජනතා පක්ෂයේ නායකයින් වූ අදිවානී, ජෝෂි හා උමා භාගිනි ඇතුලූ 50කට ට එරෙහිව චෝදනා එල්ල වින. ඒ හා අදාළ නඩු විභාගය පසුගියදා අවසන් වූයේ ජිවත්ව සිටි චූදිතයින් සියල්ල නිදහස් කිරීමෙන්ය.

මෙම නඩු විභාගය 28 වසරක් පුරා, පැවති අතර, අයෝධ්‍යා භූමියේ අයිතිය පිළිබඳව පැවති නීතිමය අරගලය ගිය වසරේ නිමාවිය. ඒ මෙම භූමියේ අයිතිය, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්, හින්දුන් ට පවරනු ලැබීමෙන්ය.

එම භූමියේ හින්දු කෝවිලක් ඉදි කිරීම ආරම්භ කර ඇත. එයට මුල්ගල තැබුවේ අගමැති මෝදිය.

ඉන්දීය අධිකරණය  විසින් දෙන ලද මෙම තීන්දුව මුස්ලිම්වරුන්ගේ නොසතුටට මෙන්ම භියට ද හේතුවී ඇති බව  වාර්තා වේ.

ඉන්දීය නව පුරවැසි පනත මගින්, මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් රටක් නැති පුද්ගලයින් බවට පත්වනු ඇත.






No comments:

Post a Comment