Wednesday, October 28, 2020

කොරෝනාවට රිමාන්ඞ් සිරකරුවන් බිලිදෙන්නට එපා.

 

උසාවි වසා දැමීම නිසා, ඇප ලබාගත නොහැකිව ඉතාමත් අවදානම් තත්ත්වයේ පසුවන රිමාන්ඞ් සිරකරුවන් ගැන රජයේ අවධානය වහාම යොමුවිය යුතුව තිබේ.

අම්මාව ප‍්‍රාණඇපයට අරන් ඉ`දලා. පොලීසියට ආපු පුතාව, පිටදි අත්අඩංගුවට ගත්තු බවට උසාවියට බොරු කියා රිමාන්ඞ් කෙරෙව්වා.

කොරෝනා අවදානමට පුතාව බිලි දීලා.

ඇප ලබාදීම නීතියයි. ඇප ලබානොදීම ව්‍යතිරේඛයයි.

එහෙත් තවමත් ඇප නොදීම නීතිය බව පෙනීයයි.

මේ මවක් විසින් තමාව ප‍්‍රාණ ඇපයට ගැනීම හා පොලීසියට ආව පුතාව අල්ලාගත් බවට උසාවියට බොරු කියා රිමාන්ඞ් කරවීම ගැනත්, උසාවි නොවැම්බර් 30 දක්වා වසා දැමීම නිසා තම පුතාටඇප ලබා ගැනීම අහිමිකර ඇති බවට පොලිස්පති, ලේකම්, අධිකරණ අමාත්‍යංශය,

මානව හිමිකම් කොමිෂන් සභාව, අමතන ලද මවක ගේ පැමිණිල්ල.

පානදුර මහාධිකරණ නඩු අංක 3756 (මහේස්ත‍්‍රාත් අධීකරණය - පානදුර 87845), ව්‍යාජ කරුණූ මත අත්අඩංගුවට ගෙන, බන්ධණාගාරගගත කිරීම.

 ඉන්ද්‍රානි. අවු: 45යි, ජා.හැ.අ.1975-----, දරුවන් 02 යි, ලිපිනය : පානදුර. 2020.10.26 දිනදීය. ශ‍්‍රීමාල් අවු: 27යි, විවාහක, දරුවන් 01 යි - මාගේ පුතා වේ.

මොහුට විරුද්ධව 3756 අංකය යටතේ පානදුර මහාධිකරණ නඩුවක්, 2020.10.08 තිබුනා. චෝදනාව, 2014 දී, 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීම නම් වේ. මෙදින නඩුවට ඉදිරිපත් වීමට නොහැකිවුනා. ඇප මුදල් වන රු: 50,000/= තැන්පත් කිරීමට නොහැකිවූ නිසා, පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් 3ක්, 2020.10.09 වන දින, රාත‍්‍රී 7 ට පමණ, මාව අත්අඩංගුවට ගනු ලැබුවා. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ මාගේ පුතා වෙනුවෙන් ඇප තියලා තිබෙන්නේ මා බවට, බෝරු චෝදනා කරමින්ය.

මේ ආකාරයට බොරු චෝදනා කරමින්, අපහාස කරමින්, මාව අත්අඩංගුවට ගත්තේ, පො.කො.අබේරත්න 75201 හා තවත් එක්අයෙකි. මාව ර`දවා තබා ගන්නා ලද්දේ, අපරාධ අංශයේය. මොහු පානදුර මහාධිකරණයේ නඩු භාර නිලධාරියාය. මාව රාත‍්‍රී 12 වන තුරු ර`දවාගෙන සිටියා. රාත‍්‍රී 12 ට පමණ, පුතා පානදුර පොලිසියට ආවාම, ඔහුව ර`දවාගෙන මාව මුදා හැරියා. පුතාව, පසුදින වැඩ බලන මහේස්ත‍්‍රාත් ළ`ගට ඉදිරිපත් කලා. ඔහුව රක්ෂිත බන්ධණාගාර ගත කලා. 2020.10.12 වන දින, පානදුර මහාධිකරණයට ඉදිරිපත් කලා.

එදින, මුදල් බැ`දීමට ඉඩ නොදී, දින 14 කට රක්ෂිත බන්ධණාගාර ගත කලා. පොලිසිය අධිකරණයට දැනුවූයේ ඔවුන් විසින් අත්අඩංගුවට ගත්තා කියා. 2020.10.26 දින, නඩු දිනය විය. නමුත් නඩුව ගත්තේ නැහැ. මීළ`ග නඩු දිනය – 2020 නොවැ: 30 දක්වා කල් දැම්මා.

මා ප‍්‍රකාශ කරන්නේ,

1. 2020.10.09 වන දින, මා චූදිතයෙකුට ඇප තැබූ බවට අමූලික බොරු චෝදනාවක් ඉදිරිපත් කර, අත් අඩංගුවට ගෙන, රෝගියකු වූ මා, රාත‍්‍රී 12 වනතුරු, එනම් පැය 5ක්, නීති විරෝධීව ර`දවාගෙන, මාගේ මූලික අයිතීන් උල්ලංඝනය කරන ලද බව.

2. 2020.10.10 වන සෙනසුරාදා - ගරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා වූ වරෙන්තුවට, පොලිසියට බාරවීමෙන් පසුව, පසුදින පානදුර වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කර, 2020.10.12 දක්වා, රක්ෂිත බන්ධණාගාරගත කිරීම.

 

2020.10.12 දින මහාධිකරණ විනිසුරුවරයා පොලිසියේ වාර්තාව අනුව, දඩුවමක් වශයෙන් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

2020.10.26 දින, පුතාව, කොරෝනා වසංගතය මත, ගරු අධිකරණයට ඉදිරිපත් නොකරන ලදි. කරුණු දැක්වීමට අවසර නොදී, යලිත් 2020.11.30 දින, එනම් දින 34 කට රක්ෂිත බන්ධණාගාරගත කරවීම.

2. වර්තමාන තත්වය තුල, පදනම් විරහිත, යුක්තිය කණපිට පෙරලා, පුතාව දින 46 ක් බන්දණාගාරගත කර සිටීමට සලස්වා තිබීම.

මේ පිළීබ`දව නොපමාව මැදහත්ව, මාගේ පුතාව ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා සිටිමි.

සැ.යු. : මෙම නඩුව, පොලිස් නිලධාරියකුගේ අවශ්‍යතාවයට, ගරු අධිකරණය නොමග යවමින් සිදුකරන්නක් බව ස`දහන් කරමි.

මෙයට,

 ඉන්ද්‍රානි.

 

No comments:

Post a Comment