Wednesday, October 14, 2020

ස්ත‍්‍රී දූෂකයින්ට මරණ දඬුවම දෙන්න බංග්ලාදේශය තීරණය කරයි.

 


බංග්ලාදේශයේ අගමැතිනී ෂීක් හසීනාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා රැුස්වූ, එරට කැබිනට් මණ්ඩලය ස්ත‍්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරුවන්ට මරණීය දඬුවම හෝ බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ පැනවීමට හැකිවන පරිදි, එරට නීතිය සංශෝධනය කරනු ලැබීය.


බංග්ලාදේශයේ, දුෂ්කර ගම්මානයක කාන්තාවක්ව, නිරුවත් කර, සමූහ දූෂණය කරනු ලබන වීඩියෝවක් සමා ජාලය ඔස්සේ පැතිර යෑමත් සමග, ස්ත‍්‍රී දූෂකයින්ට මරණ දඬුවම පනවන ලෙසට ඉල්ලමින්, දහස් ගණන් කාන්තාවන් වීදිවලට බසින ලදි.

මේ වන විට දකුණු ආසියාවේ, ස්ත‍්‍රී දූෂණ වලට විරුද්ධව, විශේයෙන් කාන්තා විරෝධය වැඩි වන්නට පටන් ගෙන තිබේ. අති බහුතර මුස්ලිම් ආගමිකයින්ෙගෙන් සමන්විත මිළියන 170 වක ජනගහණයක් සිටින, බංග්ලාදේශය, මෙම විරෝධතා ව්‍යාපාර වලට නායකත්වය ගෙන තිබෙන්නේ   විශ්ව විද්‍යාල සිසුවියන් හා කාන්තාවන්ය.
 


No comments:

Post a Comment