Wednesday, August 7, 2013

බලපත් ‘රා’ පැහර ගත්තා. රු.4200/- SI ධම්මික ගත්තා. බොරු නඩුවක් දැම්මා.

පයාගල පොලීසියේ උප පොලිස් පරීක්ෂක ධම්මිකතමා සතු රුපියල් 1000/= කට වැඩි බලපත් “ රා” බාල්දියක් හා කෑන් එකක් පැහැරගෙන ගොස්රුපියල් 4200/= ක් මංකොල්ලකා, “ රා” බෝතල් 100 කට නඩු දැමීම සම්බන්ධයෙන් පයාගලධර්මසේන ප්‍රනාන්දු විසින් මා.හි.කොමිෂමට හා පොලිස්පතිට කර තිබෙන පැමිණිල්ල මෙසේ සඳහන්ය.
“ මම, 1991 සිටරා කොන්ත‍්‍රාත්කරුවකු වශයෙන් රැුකියාව කරමි. 2013.07.30 වන දිනසවස4.00 ට පමණපයාගල පොලීසියේඋ.පො.ප. ධම්මිකඇතුලූ දෙදෙනෙක් ත‍්‍රී රෝද රථයකින් පැමිණියා. මා එ් වෙලාවේ හිටියේ එළියේ. ඔවුන් මා අසලට පැමිණඉස්කාගාරයේ ලොරියට පැටවීම සඳහා සූදානම් කර තිබූ රා පිරවූබලපත් කරන ලද අත් බාල්දියක් හා කෑන් එකක් අරගන්න පොලීසියට යන්න කියාකිව්වා.
එවිට මා කිව්වාමේ රා තියෙන්නේ ඉස්කාගාරයේ ලොරියට දෙන්න කියා. එවිට මගෙන් නඩුවක් ඉල්ලූවා. මම කිව්වා මම නීත්‍යානුකූලව කරන්නේ එ නිසා නඩු දෙන්න විදියක් නෑ කියා. මම කියන දේ අහන්නේ නැතිවබලයෙන් රා පිරවූ බාල්දිය හා කෑන් එක ත‍්‍රීරෝද රථයට දාන්න කියාමට තර්ජනය කරපහර දෙන්න සූදානම් වුනා. එ් බියටඑ් දෙක ත‍්‍රී රෝද රථයට දැම්මා. මාවද ත‍්‍රීරෝද රථයට නංවා ගත්තා.
පොලීසියට රැගෙන ආවයින් පසුව මාව අපරාධ අංශයට එක්කගෙන ගියා. මට කිව්වා සාක්කුවේ තියන සල්ලි ගන්න කියා. මම ළඟ තිබූමගේ බස් රථයේ ආදායමඋ.පො.ප. ධම්මික ගේ මේසය මත තැබුවා.
ඔහු එම මුදල් ගණන් කළා. ඔහු කිව්වා රු:8640 ක්තියෙනවා කියා. මට කිව්වා එම මුදල්ද දාලාරා බෝතල් 100 කට නඩු දාලාදවස් 14 කට රිමාන්ඞ් කරනවා කියා.

මට එ අවස්ථාවේ හිටගෙන ඉන්න බැරි නිසා අසල පුටුවක වාඩි වුනා. එවිටඋ.පො.ප. ධම්මික  ‘‘කැරියා නැගිටපන්උඹට කව්ද කිව්වේ වාඩි වෙන්න කියා” අසල සිටි පොලිස් නිලධාරියෙකුට කිව්වා ‘‘මූට ගහන්න පොල්ලක් ගේන්න කියා” ඔහු කිව්වා මුදල් ටික APR කරනවා කියාමාව කුඩුවට දැම්මා. මගෙන් රාත‍්‍රී 9.00 ට විතරකටඋත්තරයක් ගත්තා. රාත‍්‍රී 10.00 ට ඇප ලබා දුන්නා. 2013.07.31දින කඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිට්න්න කිව්වා.මා එළියට යන විට, රිසව් එකේ හිටිය පොලිස් නිලධාරියා මට ‘‘ රු: 4440/APR 5813,370/140VIB  - 2013.0.30 සඳහන් කවරයක් දී, පොතක අත්සන් ගත්තා.මාගේ රු: 4200/- ක්, උ.පො.ප. ධම්මික අරගෙන තිබුනා. මම 2013.07.31 දින අධිකරණයට ඉදිරිපත් වුනා. එහිදී දැන ගත්තා මට විරුද්ධව බෝතල් 10 කට නඩු දාලා තියෙන්නේ කියා. පෙර වැරදි තිබෙන බව කිව්වා. උසාවියට කිසිදු මුදලක් ඉදිරිපත් කර තිබුනේ නෑ.මම නිවැරදිකරු බව ප‍්‍රකාශ කළා. මා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ සෙනරත් පෙරේරා මහතා කරුණු කිව්වා. මට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කළා. මීළඟ නඩු දිනය 2013.11.27 වේ.

මා ඉල්ලා සිටින්නේ,
පයාගල පොලීසියේ ස්ථානාධිපතිඅපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ධම්මිකඇතුලූ අදාල පොලිස් නිලධාරීන් විසින්,
(1) නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම
(2) මා සතුරුපියල් දහසකට වැඩි වටිනාකමකින් යුත්, ”රා” පැහැරගෙන යෑම
(3) මාගේ රුපියල් 4200රැුු  උප පොලිස් පරීක්ෂක ධම්මික විසින් පැහැර ගැනීම
(4) ව්‍යාජ චෝදනා නැගීම හා නීතිය විකෘති කර නඩු පැවරීම

මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ප‍්‍රකාශ කරන අතර ඉහත නිලධාරීන්නට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසයි.

No comments:

Post a Comment