Sunday, November 26, 2017

සියල්ල දෙවියන්ගේ කැමැත්තට සිදු විය. KG හා මාවා විකුණන මිනිහා වෙනුවට ගෑනි දඟ ගෙට.


කේරළ ගංජා හා ”මාවා” නමින් හඳුන්වන මත් ද්‍රව්‍යය විකිණීම ”වෘතිය” කරගත් මොහොමඞ් රෝෂාන් මොහොමඞ් ලාෆීර් හා ෆාතිමා රිජාසා මොහොමඞ් කාහීර් අමු සැමි යුවලගේ කථාව සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට බව ඔප්පු කරන්නකි.

දර්ගා නගරය අද සුප‍්‍රකටය. එ්ත් රට්ටු නොදන්නා ”ප‍්‍රකට” කරුණක් ද වේ. එ් ගංජා, බාබුල්, මාවා හා හොර හරක් ජාවාරම් වලට බව. පොලීසිය හොඳින් දන්නා මේ කාරණා, කළමනාකරණය කරගෙන පවත්වාගෙන යෑම, එලොවටත්, මෙලොවටත් හොඳය.

හැත්තෑ පස් හැවිරිදි සවාහිරා ප‍්‍රකාශ කරන පරිදි, තම දියණිය, තිදරු මවක් වන තිස් හතර හැවිරිදි ෆාතිමා රිජාසා 2017.07.28 දින සිට, ක`ඵතර රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවෙති. මාස 04 කට ආසන්නය. ඇයව, අලූත්ගම පොලිසිය අත්අඩංගුවට ගන්නේ, කේරළ ගංජා හා ”මාවා” නම් මත්වන බුලත්විටි විකුණන රෝෂාන් වෙනුවටය.

මොහොමඞ් රෝෂාන් සිය ජාවාරම් අඛණ්ඩව සිදුකරගෙන යයි. ඔහු ආගමානුකූලව වෙනත් කසාදයක් කරගෙන ඇත. මොහු විටින් විට නිවසට පැමිණ තමාට තර්ජනය කරයි. ඉන්න ගේ ඉඩම ඇතුලු වටිනා සියල්ල සල්ලි දෙන ලෙසට ඉල්ලා සිටී. ෆාතිමා රිජාසා ගෙන් දික්කසාද වීමට යයි. දරුවන් තිදෙනාට කන්න බොන්න දෙන්ේ නැත.

ඇය පොලීසියට පැමිණිලි කළද, පලක් නැති බව කියා සිටී.

දෙවියන්ගේ කැමැත්තට ඉඩ නොදීමට තීරනය කළ ඈ, අසල්වැසියන්ගේ ආධාර උපකාර මත, නීතිමය පියවර ගැනීමට ඉදිරිපත්ව තිබේ. 

එහෙත් එ් සඳහා ඉඩත් නැත. නීතිය අපරාධකරුවා සමගය.

No comments:

Post a Comment