Sunday, January 7, 2018

කට්ටඩි චිවරධාරියා හා පොලිසිය එක්ව ගැණිවයි, ටි.වි. එකයි අරන් දැන් ගේ ඉඩමත් කොල්ලකන්න හදනවා



චිවරයක් දාගෙන පොලිසියට කප්පන් දෙමින් මරකම් කරමින් සිටින කට්ටඩියෙක් පිළිබ`දව කරන හෙළි කරන පුවතකි මේ. මේ රටේ පවතින තත්වයයි. සෑම ආගමකටම අයත් පුජකයින් සිදුකරන නිති විරෝධි ක‍්‍රියාවන් ට පොලිසියේ අනුග‍්‍රහය ලැබෙන බවට මෙය උදාහරණයක් පමණි.

පිඩාවට පත්ව සිටින කිරිකපන්නෙකු බලධාරනිට කර තිබෙන ලිඛිත පැමිණිල් සියල්ල හෙළි කරනු ඇත.


ලිඛිත පැමිණිල්ල

2018.02.04 දිනදීය.

මා වැඩකරන ගලහේන වත්තේ නැවතී සිට දවස් 8කට පසුව 2016 මැයි 27 දින දහවල් 11.00 ට පමණ, මා කිරිකපා ඉවරවී, ගෙදර ආවිට, මා දුටුවා, මාගේ නිවසේ ෙදාරවල් ජනේල කඩා දමා තිබෙනවා. නිවස තුල තිබූ බඩු බාහිරාදිය සියල්ලම ඉවත්කරගෙන ගොස් තිබුනා. 

එවිටම, පොල්ගම්පල, අරන්කහපත සීලනාථ දේවාලයේ, කට්ටඩිවැඩ හා කපුකම් කරන චීපවරධාරී කුරපිට සීවලී නැමැති අයගේ අයියා වන ජයපාල සූරියආරච්චි හා නැන්දාගේ ප්‍රේමරත්න යන අය පැමිණ, පොලිසි ගියොත් මරනවා කියා තර්ජණය කලා. 

මම ජංගම දුරකථනයෙන් 119 ට කතා කර කිව්වා. නමුත් ආවේ නැත. ඊට පස්සේ මම තුන්වරක් ම කතා කලා. ආවේ නෑ. සවස 5.30 ට පමණ මීගහතැන්න පොලිසියට ගියා. මම විස්තර කිව්වාම, පැමිණිල්ල ලියා ගත්නේම නැතිව, ගේ බලන්න යන්න  ඕනා කියා, මාව ජීප් රථයෙන් අරගෙන ගෙදරට ගෙන ආවා.

මා රැුගෙන ආ සුබසිංහ හා වර්ණකුලසූරිය යන නිලධාරීන් ගෙදර පිටත සිට බලා, මට අත තියන්නවත් එපා, ආයෙත් ඇවිල්ලා පරික්ෂණ කරනවා කියා කිව්වා.

එ් වෙලාවේ එතැනට සමන්ත සමරනායක හා රොසලින් සමරනායක පැමිණියා. රොසලින් ගේ ඇතුලේ තවත් ටී.වී. එකක් තියෙනවා නේද කියා ඇහුව්වා. මම ඔව්, අලූත් ටී.වී.එක, පරිස්සමට ගුණදාසගේ ගෙදර තියලා තමයි වත්තට ගියේ කියා කිව්වා. 

නැවත මාව ජීප් රථයේ දාගෙන එනවිට මගදී ගුණදාසව හමුවුනා. පොලිසිය ජීප් රථය නවත්වා ගුණදාස කැඳවා සිරිවර්ධනගෙන් ටී.වී. එක තියෙනවාද කියා ඇසුවා. ඔහු ඔව් කිව්වා. එවිට එම ගෙදරට ගොස් ටී.වී.එක පොලිසිය බාරයට ගත්තා. මාව පොලිසියට ගෙන ආවට පසුව, සුබසිංහ නිලධාරියා කිව්වා මූම තමයි ගේ කඩලා තියෙන්නේ කියා. 

මේ බල්ලාව කූඩුවට දාන්න යයි තවත් නිලධාරියකු කිව්වා. මාව කූඩුවට දැම්මා. 

රාත‍්‍රී 7.00 ට විතර සුබසිංහ නිලධාරියා කූඩුව ඇරගෙන ඇවිත් මට අතින් පයින් පහර දුන්නා. ඔහු මට පහර දුන්නේ මම බොරු කරනවා කියමිනි. ඔහු ගැහුව්වේ වේස බල්ලා, උඹේ අම්මාට ..... වා, ආදී වශයෙන් අමු කුණුහරප කියමින්. එසේ පහර දී නැවත, කූඩුවේ ෙදාර පයින් තල්ලූකර වසා දැම්මා.

රාත‍්‍රී 10 විතර, සුබසිංහ නිලධාරියා පැමිණ මාව එළියට අරන් දැන් පලයන් ගෙදර කියා, රු.50ක් අතට දුන්නා. 

මේ දක්වාම, රුපියල් ලක්ෂ පහකට අධික ගෘහ භාණ්ඩ සොරා ගැනීම හා ලක්ෂ නවයක පමණ
මාගේ නිවස කඩා, භාණ්ඩ සොරා ගත්තේ වසර 15 කට පමණ පෙර මාගේ මෙන්ම, ඉහත නම් කල, පොලිසිය හා ඉතා සමීප සම්බන්ධතා පවත්වන කුරුපිට සීවලී නැමැති ශීලනාථ දේවාලයේ කට්ටඩි චීවරධාරී සමග සම්බන්ධකම් පවත්වන, විදානලාගේ නිමල් ඉන්ද්‍රානි හේමලතා යන අයගේ අවශ්‍යතාවයට පොලිසිය නීතිය ක‍්‍රියාක්මක නොකරන බව වගකීමෙන් ප‍්‍රකාශ කරමි.

තවද, මේ සමග මේ පිලිබඳව 2016.12.21 දින මතුගම සහකාර පොලිස් අධිකාරී වෙත කරන ලද පැමිණිල්ලේ පිටපතද අමුණා එවමි.

ථිට පෙරද මෙවන් තත්වයන් ඇතිකර තිබෙන බවද ප‍්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ, 
1. වංචා සහගතව, සුබසිංහ හා වර්ණකුලසූරිය විසින් ලබාගත්, මාගේ රූපවාහිනිය නොපමාව 
   ලබාදෙන ලෙසට,

2. මාගේ නිවස කඩා, භාණ්ඩ සොරා ගැනීම, පිළිබදව නීතිමය පියවර ගන්නා ලෙසට, 

3.මාගේ නිත්‍යානුකුල නිවසට ඇතුල්  වීමට හා ඉඩම භුක්ති විඳිමට උත්සහ ගන්නා සෑමවිටම 
  කුරුපිට සීවලී නැමැති ශීලනාථ දේවාලයේ කට්ටඩි චීවරධාරී පුද්ගලයා පොලිසිය සම්බන්ධ 
  කරගෙන මට තර්ජනය කරමින් සිදුකරන මැරකම් නතර කරවන ලෙසටය.

4. අලාභය පිළිබඳව මාගේ පැමිණිල්ල ලියා නොගැනීම, වාචික පැමිණිල්ලට අනුව පරීක්ෂණ 
   නොපැවැත්වීම පිළිබඳව විනය පියවර ගන්නා ලෙටය.

ඉහත කරුණු සත්‍ය හා නිවරැුදි බව ප‍්‍රකාශ කරමි




No comments:

Post a Comment