Friday, August 17, 2018

කි.මී. 8 ක් පුරා වධ දෙමින් ඇදගෙන ගොස් දෙවියන්ට බාර කළ පොලිස් කාරයින්ට ලැබුන දඬුවම.



2018 ජූලි මස 26 දින, සිවකුමාර ගොනු කළ මූලික අයිතිවාසික්ම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු ගාස්තු ඇතුලූව රුපියල් අනුපන් දහසක වන්දියක් ඔහු වෙත පිරිනැමීමට තීන්දු කළේය.

එ් මෙයට වසර හතකට පෙර, එන්ම 2011 මැයි 15 වන දින, තෙල්දෙනිය පොලීසිය, සුප්පයියා සිවකුමාරව අත්අඩංගුවට ගන්නේ, සුප්පයියා සිවකුමාර සිය පවුල සමග, නෙතුල්මඩ කෝවිලේ ‘‘තෙරු’’ උත්සවය බලන්නට, බඹරගල හන්දියේ සිටින විටය.

කිසිදු සෝදිස්සියකින් තොරව, සිවකුමාරට නින්දා අපහාස කරමින්, අමානුෂික ලෙස පහර දී, කි.මී. 08 ක් පමණ දුරින් වූ කෝවිල දක්වාම ඇදගෙන යන්නේ ද, පහර දෙමින්ය.

මෙම නිච ක‍්‍රියාව සිදුකරන්නේ, තෙල්දෙනිය පොලීසියේ සැරයන් 6934 ජයරත්න, සිවිල් ආරක්ෂක 24324 පතිරණ හා 12243 අබේරත්න ය.

මොවුන් තිදෙනා, ශිව කුමාරව, පසුදින උදේ 6.30 වන තෙක් කෝවිලේ රඳවාගෙන සිට, තෙල්දෙනිය පොලීසියට ගෙන යනු ලබයි.

පොලීසියේදී ඔහුගෙන්, සිංහලෙන් ලියන ලද ප‍්‍රකාශනවලට බලයෙන් අත්සන් ගැනීමට පොලීසිය උත්සාහ ගනී.

නමුත් ඔහු මරා දමන බවට කරන ලද තර්ජන මධ්‍යයේ ද අත්සන් නොකර සිටී.

එදින පස්වරු 5.00 ට පමණ ඔහුව මුදාහැරීමට පොලීසිය පියවර ගන්නේ, සිවකුමාරගේ බිරිඳ බලධාරීන්ට අඛණ්ඩව කරන ලද බලපෑම් හමුවේය.

එයින් අනතුරුව ප‍්‍රතිකාර ලබාගන්නා සිවකුමාර, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට පැමිණිලි කර, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පියවර ගනු ලැබීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය, එවක තෙල්දෙනිය පොලීසියේ සේවය කළ සැරයන් ජයරත්න හා සිවිල් ආරක්ෂකයින් වන, පතිරණ හා අබේරත්න, සිවකුමාර ට, වධ දීම හා අත්අඩංගුවට ගැනීම මගින් ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බන තීන්දු කරණු ලැබීය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව සිවකුමාර වෙනුවෙන් ගොනු කර, ඉදිරිපත් වන ලද්දේ, එ්. පියදාස හා ෂලෝමි ඩැනියල් යන නීතිඥවරුන්ලේ උපදෙස් මත නීතිඥ අර්මිසා ටීගල් මෙනවියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය, පොලිස් සැරයන් හා සිවිල් ආරක්ෂකයින් දෙදෙනා විසින්, රුපියල් 25,000/- බැගින් (මු`ඵ ගණන රු: 75,000/-) ද, රජය (පොලිස්පති) රු. 20,000/- ක් ද, වන්දි වශයෙන් සිවකුමාරට ගෙවීමට නියම කළේය.

ඉතා දැඩි ශාරීරික හා මානසික වධහිංසා හා අවමන් සහගත සැලකිලිවලට භාජනය වූ සිවකුමාරට මේ අනුව, අනූ පන්දහසක් (රු: 95,000/-) ක වන්දියකට හිමිකම් ලැබීය.

නඩු තීන්දුව සඳහා සබැඳියාව :- 
 http://www.janasansadaya.org/page.php?id=642&lang=en



No comments:

Post a Comment