Saturday, January 19, 2019

උත්තරීතර නීතිය දාපිය බල්ලට ! ජාත්‍යන්තරයට බම්බු ගහගන්න කියාපන් !! හෙලුවෙන් තියාපිය . !!- කොච්චි කොටලා මුණේ හා ප..ගාපිය!!!


පාරේ ඉන්නකොට උඹව තමයි ඕනි කරලා තියෙන්නේ කියලා ඇදලා අරන් ජීප් එකට දා ගත්තා.

ගෙනිච්චේ, පොලිස්කාරයෝ නැවතිලා ඉන්න ‘බැරැක්කය’ ලෙසට පාවිච්චි කරන ගෙයකට.

කුස්සියට ගෙනිහිල්ලා ඇඳුම් ගැලෙව්වා. අත් දෙක පස්සට අරන් රෙදි පටියකින් ගැටගැහැව්වා.

ඊට පස්සේ බංඩාර කියන නිලධාරියා තවත් දෙන්නෙක් එක්ක එකතු වෙලා පොලුවලින් ගැහුව්වා. 

කොච්චි මිරිස් කොටලා, ඇස්වලට, පුරුෂ ලිංගයට දැම්මා. බලෙන් කොච්චි කැව්වා.

මේ කුලී වැඩ කරලා ජීවිතය ගැට ගහ ගන්න, 47 හැවිරිදි, සරත් ගේ කතාව, සරත් ගේ ජාතිය සිංහල ද, දෙමළ ද. මරක්කල ද, කියා හෝ ආගම  බෞද්ධ ද, කතොලික ද, රෙපදමාරු, හිනුදු ද එසේ නැත්නම් වෙනත් ද යන්න අප ප්‍රශ්ණයක් කරගෙන නැහැ. නමුත් මෙවන් සිද්ධියක් ඉදිරිපත් කළාම ඊනියා “ජාත්‍යන්තරය” අප ගෙන් අහනවා එයා ගේ ජාතිය ආගම. ඔහු මනුෂයෙක්. ශ්‍රි ලිංකිකයෙක්. 
               
ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව ට, පොලිස්පති ට,  කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 


“ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවාගෙන, නිරුවත් කර, වධ දීම”.

සරත්, වයස 47 යි. විවාහක, දරුවන් 01 යි. කුලී වැඩ. අගලවත්ත. 

209.01.17 වන දින දීය.

2019.01.15 දින රාත්‍රී 7.00 ට පමණ මා, අගලවත්ත, පොලේගොඩ පාරේ, අලිනියස්ගොඩ වත්ත යන ස්ථානයේ වඩු මඩුව ළඟ ඉන්නකොට, අගලවත්ත පොලීසියේ ජීප් රථය පැමිණ, උඹව තමයි ඕනි කරලා තියෙන්නේ කියා මාව අත්අඩංගුවට ගත්තා.

ජීප් රථයේ දාගෙන මාව, ගෙන ගියේ අග්ලවත්ත, දාපිලිගොඩ, මිල්ලගස්ස මුල්ල පිහිටි, පොලිස් බැරැක්කයට. එහාට ගෙනහිල්ලා, මාව එම (බැරැක්කයේ) කුස්සියක් වගේ කාමරයට ගෙනිහින් පිටුපස fදාර වැහුවා. 

මාගේ ඇඳුම් සියල්ලම ගලවා නිරුවත් කළා. අත් දෙක රෙදි පටියකින් පිටුපසට කරලා ගැට ගහලා, පොලුවලින් පහර දුන්නා. මට තුන් දෙනෙක් පහර දුන්නා. වැඩිපුරම ගැහැව්වේ, බංඩාර කියන නිලධාරියා. මට ගැහුවේ කුණුහරපයෙන් බැන වදිමින්, ඕමන්ත පහළගම ධර්මේ නැමති අයගේ මී හරක් විකුණලා ලක්ෂ 1 1/2 ක් ගත්තා ද කියා අසමින්.

මම නැහැ කිව්වාට පිළිගත්තේ නැහැ. මගේ ඇස්වලට, පුරුෂ ලිංගයට කොච්චි මිරිස් තලලා ගෑවා. මිරිස් කෑලි ඇස්වලට ගියා. මගේ කටට ඔබා කොච්චි මිරිස් කැව්වා. මම හිතන විදියට මට පැයකට වැඩි වේලාවක් වධ දුන්නා. 

ඊට පස්සෙ, පැය 1/4 ක් විතර ඔහේ හිටපුවාවේ කියා තිබ්බා. ඊට පස්සේ එහි කක්කුස්සියට ගෙනිහින් එහි බාල්දියෙන් වතුර බාල්දි තුනක් හතරක් දාලා නෑව්වා. එදා රාත්‍රී 12.00 ට 1.00 ට පමණ ජීප් රථයෙන් පොලීසියට ගෙනිහින් කූඩුවට දැම්මා.

පසුදින මු`ඵ දවසේම කූඩුවේ හිටියා. විටින් විට බංඩාර කියන නිලධාරියා හා ස්ථානාධිපති පැමිණ, බෝම්බ දානවා, හක්කා පටස් දානවා කියමින් තර්ජනය කළා. එදින රාත්‍රියේදී මාව පොලිස් කූඩුවේ තියාගන හිටියා.

2019.01.17 දින උදේ කූඩුවෙන් එළියට අරන්, නම ගම අහලා මොනවද ලියා මට අත්සන් කරන්න කිව්වා. උදේ 8.30 ට පමණ, මාව ජීප් රථයෙන් පිඹුර රජයේ රෝහලට ගෙන ගියා. එහිදී මාව වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළා. මම, මට ගහපු බව, මිරිස් දාපු බව වෛද්‍යවරයාට කිව්වා. තැලුම් පෙන්නුවා. ඒ වෙලාවේ මට ගහපු පොලිස් නිලධාරීන් ටිකත් එතන හිටියා.

දවල් 10.30 ට විතර මාව, මතුගම මහේස්ත්‍රාත් උසාවියට ගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් ඉඹුලාගොඩ නීතිඥ මහතා ඉදිරිපත් වුණා. උසාවිය මට ශරීර ඇපයක් දී මුදා හැරියා.”

ඔහු ඉල්ලා සිටින්නේ, 
නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, පොලිස් “බැරැක්කයට” ගෙන ගොස් වධ දීම, අවමන් සහගත සැළකිල්ලට භාජනය කිරීම, බොරු චෝදනා දමා නඩු පැවරීම සහා පහර දුන්න බව, වධ දුන්න බව ප්‍රකාශ කළ ද, පිඹුර රජයේ රොහලේ වෛද්‍යවරයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු නොකර නැවත ඔහුව පොලිසියට බරදිම සම්බන්ධයේන නිසි නීතිමය පියවර ගන්නා ලෙසටය.

පහත දැක්වෙන්නේ පොලිස් වෙබ් අඩවියේ පළකර තිබෙන දැන්විමකි. 

        මුන් මේවා පළකරන්නේ, රැවෙටෙන්න බලා ගෙන ඉන්න ජාත්‍යන්තරයේ නියෝජිතයින්ට හා මෙරට උන්ගේ පිහිටෙන් බඩ ගොස්තරය රැක ගන්නා උන්ට “ඉංග්‍රිසිය” හෙවත් සන්ධාන භාෂවෙන්  තප්පු ලන්නටය.




No comments:

Post a Comment