Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

පොලිසිය අත්අඩංගුවට ගත් ගංජා කිලේ බාගයට මොකද වුනේ ?


මොරොන්තුඩුව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පො.ප.ලියනාරච්චි අත්අඩංගුවට ගත් බවට අධිකරණයට ප්‍රකාශ කල ගංජා කිලෝ බාගය උසාවියට බාර දීලා නැත.

මේ බව අනාවරණය වුනේ, අදාල නඩුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ විමසුමට ලක්වූ විටය. ඒ 2011.08.16 දිනය.

එස්.ඒ.වසන්තව

2011.01.01 දින, එස්.ඒ.වසන්තව, ඔහු වැඩකරන කර්මාන්ත ශාලාවේදී පොලිසිය අත්අඩංගුවට ගන්නා ලදි. පානදුර පොලිසියෙන් බව අත්අඩංගුවට ගැනීමේදී ප්‍රකාශ කල පොලිස් නිලධාරීන් මොරොන්තුඩුව පොලිස් මුරපොලට අයත්වූවන්ය.

මොරොන්තුඩුව පොලිස් මුරපොලේ 2011.01.04 දින දක්වා නීති විරෝධී ලෙසට රදවා තබාගෙන, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ගංජා කිලෝ භාගයක් ප්‍රවාහනය කිරීමේ බොරු චෝදනාව යටතේය.

එම චෝදනාව යටතේ අධිකරණය ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මොරොන්තුඩුව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පො.ප.ලියනාරච්චි අධිකරණය ඉදිරියේ බොරු ප්‍රකාශයක් කර තිබෙන බව ඔප්පු කර සිටීමෙන් අනතුරුව - ඔහුව 211.03.03 දින, එනම් දින 6කට පසුව නිදහස් කළේය.

එයින් අනතුරුව පොලිසිය ඉදිරිපත් කල, ගංජා ප්‍රවාහනය කල යතුරු පැදියේ අයිතිකරු කවුද යන ප්‍රශ්ණය පැන නගින ලදි.



එහිදී එම යතුරු පැදියේ අයිතිකරු ප්‍රියන්ත සිල්වා නැමැති අයෙක් බවත්, එය එල්.බී ෆිනෑන්ස් කොම්පැණියේ ෆිනෑන්ස් කර තිබෙන බවත් එලි දරව් විය.

 අධිකරණය හමුවේ ප්‍රියන්ත සිල්වා කියා සිටියේ, තමා නිවසේ නැති වේලාවක ෆිනෑන්ස් කොම්පැණියෙන් යතුරු පැදිය රැගෙන ගොස් තිබූ බවයි.

 එහෙත් ඒ ගැන ඔහු පැමිණිලි කර තිබුනෙ නැත.

 ෆිනෑන්ස් කොම්පැණිය කියා සිටියේ තමන් එවැන්නක් ‍නොකල බවයි.

 ප්‍රියන්ත සිල්වා යතුරු පැදිය බාර නොගැනීම නිසා, එය ෆිනෑන්ස් කොමිපැණියට බාර කළේය.

 පොලිසියට ප්‍රියන්ත සිල්වාගේ යතුරු පැදිය ගියේ කොහොමද ?

මේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්නේ කවුද ? සොයන්නේ කව්ද ?

 මෙහිදී පැන නගින ලද අනෙක් ප්‍රශ්ණය වූයේ -
පොලිසිය අල්ලාගත් ගංජා කිලෝ බාගය කාගේද යන්නයි.


ඒ අවස්තාවේ හෙළිදරව් වූයේ - අත්අඩංගුවට ගත් බවට පො.ප.ලියනාරච්චි ප්‍රකාශකල ගංජා කිලෝ බාගය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
 ගංජා කිලෝ බාගයට මොකද වුනේ ?
 මේ ගැන හොයන්න - පොලිස්පතිට අවශ්‍ය නැද්ද ?

 නඩුවේ අංකය 96749 - ම/උ පානදුර

 පොලිසිය ගංජා, කුඩු, ගිණීඅවි ජාවාරම් කරන බවට මෙය හොද නිදසුනක් නොවේද ?




Posted by janasansadaya on 12:20 PM. Filed under , , , , , . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for පොලිසිය අත්අඩංගුවට ගත් ගංජා කිලේ බාගයට මොකද වුනේ ?

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison