Sunday, April 29, 2012

උන්ගේ සදාචාරය සහා අපගේ සදාචාරය


උන්ගේ සදාචාරය සහා අපගේ සදාචාරය
=මන වර්ගයකට අයත් වුවද, යුද්දධයකදී අපරාධ වැළැක්වීම පහසු කාර්යයක් නොවේ. යුද්ධයේදී සිදුකරන අපරාධ යුද්ධ අපරාධ ලෙසට හැදින්වේ. සාමාන්‍ය අපරාධවලට වඩා වෙනස්ය.
යුද්ධ අපරාධ වැළැක්වීම කෙතරම් අසීරැ වුවත්, සදාචාර සම්පන්නනම් සත්‍යයට මුහුණ දිය යුත=ය. අපරාධ වලට සම්බන්ධ අය කුමන තරාතිරමක සිටියත් නීතිය හමුවට පත්කළ යුතුය.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධාන රටවල් එරට ආණෟඩුව හා එක්ව ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන්වරුන්ට එරෙහිව යුද්ධ වැදී සිටිති.මේ යුද්ධයේදී තලෙයිබාන්වරු පිළිගත් යුද්ධ වැදීමේ නීති, මානව වාදී නීති ලෙසට හදුන්වන නීති පිළී නොගනිති.
එහෙත් ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවන්ට මානව වාදී නීති උල්ලංඝණය කල නොහැක.
ඉතිහාසය පුරා යුද්ධ වැදුනු පිරිස් යුද්ධය කිරීමේදී ආරක්ෂා කල යුතු නීති හදුනාගෙන ඒවා පිළිපදින්නට එකගව සිටී.
ජාත්‍යන්තර නීති බවට පත්ව තිබෙන මානවවාදී නීති ආරක්ෂා කිරීම සියලුම ශිෂ්ඨ සම්පන්න ආරජ්‍යන්ගේ වගකීමයි. තම ආණෟඩු එම නීති රකින බවට ජනතාව වගබලා ගත යුතුය. මෙය සදාචාරයයි. වචනයක් නොවේ. ක්‍රියාවක්.
ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකානු භටයන් මානව වාදී නීති උල්ලංඝණය කරන බවට චෝදනා කරන්නේ ඇමෙරිකානු පුරවැසියන්. එරට මාධ්‍ය. මානව වාදී නීති උල්ලංඝණය කරන සිද්ධි, ඒ හා අදාල වාර්තා පලකරන්නේ ඇමෙරිකාන මාධ්‍යය.
ඒ පිළිබදව නීතිමය පියවර ගත යුතු බවට බල කරන්නේ එරට ජනතාව. පෙරමුණේ සිටින්නේ මානව හිමිකම් හා සිවිල් අයිතිවාසිකම් සංවිධාන.
සිවිල් වැසියන් ඝාතනය කිරීම, මළ සිරුරු වලට මුත්‍රා කිරීම, කොරානය පිළිස්සීම, සිවිල් වැසියන් වෙසෙන ප්‍රෙද්ශ වලට බෝම්බ දැමීම..... මේ සියල්ල හෙළි කරන්නේ ඇමෙරිකානුවන්.
ආසන්නම සිද්ධිය - මිය ගිය ඇෆ්ගන් ජාතිකයෙකුගේ කදින් වෙනුවූ පාදයක් කරේ තබාගෙන සිනාවෙමින් සිටින ඇමෙරිකානු සොල්දාදුවෙකුගේ ජායා රෑපය.
එම ජායාරූපය සමග තවත් ජායාරූප තිබෙන බවත්, ඒවා පළ කිරීමට පවා නොහැකි පිළිකුල් සහගත ඒවා බවටත් මාධ්‍ය වැඩිදුරටත් හෙළි දරව් කරයි. මෙම සිද්ධිය හෙළි කිරීම, පුවත් ජයා රූප පළ කිරීම, දේශද්‍රෝහීන්ගේ ක්‍රියාවන් ලෙසට හැදින්වීමට, හංවඩු ගැසීමට ඇමෙරිකානු රජය නිවට වූයේ නැත.
ජනාධිපති ඔබාමා නිහතමානීව, ඒ පිළිබදව කණගාටුව පල කලේය. ඇමෙරිකානු හමුදා ප්‍රධානීන් අදාල සොල්දාදුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශ කළේය.
ඔවුන් එම පුවත් ජායාරූප බොරු ඒවා බව, නිර්මාණ බව ප්‍රකාශ කළේ නැත. මෙයින් ඇමෙරිකානු භටයින්ගේ චිත්ත ධෛර්යය හීන වන බවට චෝදනා කිරීම හෝ ඒවා පළ කිරීම වැලැක්වීමට හදිසි නීති පැනවීමට ගියේ නැත.
මේ අතර, ජැමෙයිකාවේ සංචාරයකට සූදානම්, එම රටට යවන ලද ඇමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන් එරට ගණිකාවන් ඇසුරු කළ බවට එල්ලවූ චෝදනාව සම්බන්ධව ජනාධිපති ඔබාමා දැක්වූ ප්‍රතිචාර කෙරෙහිද අවධානය කැදවමු.
තම ආරක්ෂකයින්ට එරෙහිව මෙම චෝදනාව මාධ්‍ය නගන්නේ තමාගේ ආරක්ෂාවට ඇමෙරිකානු කීර්ති නාමයට එරෙහිව බවට කීමට තරම් ඔහු බියගුලු නොවීය.
වහාම එම චෝදනාව එල්ලවූ නිලධාරී ආපසු කැදවා ඔවුන්ගෙල් වැඩ තහනම් කොට පරීක්ෂණ ආරම්භ කිරීමට නියම කළේ- තම ආරක්ෂාව පිළිබද සැලකිල්ලක් දක්වනවාට වඩා නීතිය ඉහළ බව පිළිගනිමින්ය.මෙය සදාචාර කමද යන්න ගැන සිතා බලන්නට හේතු වේවා.

No comments:

Post a Comment