Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

ලබ්බට තැබු අතමය පුහුලට තබන්ෙන්






කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහර ගැනිම ජවනිකාවක් බවට පත් කිරිමට ආණ්ඩුව ගන්නාලද  උත්සහය, මේ වනවිට හෙළි කළේ ආණ්ඩුවේම නිරුවතයි. ජාත්‍යන්තර මැදිහත් විමක් නොවිමට මෙම දෙදෙනාගේ පැහර ගැනිම කෙළවරවනුයේ අතුරුදහන්විමකිනි.

දිමුතු ආටිගල මුහැරිය විගස කළ හෙළි දරුව්ව පුවත් පත් සාකච්වාට සිමා නොවි පවතින නිති රාමුව තුල යාහැකි උපරිම දුර යැම හා එයට සමගාමිව ජාත්‍යන්තර නිති උයෝගි කර ගැනිම තුල ඔවුන්ගේ ආරක්ෂාව පමණක් නොව සියලූ දෙනාගේ ආරක්ෂාවට පදනමක් වනු ඇත.

කුමාර් ගණරත්ම්ගේ ඔස්ටේ්‍රලියානු පුරවසිභාවය ඔහුගේ ජිවිතය ආරක්ෂාවිමට හේතුවිය. මෙය රාජපක්ෂ ආණ්ඩුවට තම බලය විහිදුවිමේ සිමාව සිමිත බව තේරුම් ගන්නට උදව්වනු ඇත.

ශ්‍රි ලංකාවේ පවතින නීති තුල ඔහුව පැහරගෙන යෑම, වධහිංසා පැමිණවිම නිති විරෝධිය. එබැවින් ඔහු තමාව පැහර ගත් අයුරු, ප්‍රශ්ණ කල අයුරු, පැම්ණවු වධහිංසා කිසිදු බාල්දු කිරිමකට ලක් නොකට හෙළිදරුව් කල යුතුයි. දේශිය හා ජාත්‍යන්තර නීතිය යටතේ අවසන් ප්‍රතිඵලය ගැන අනාවැකි නොකියා පියවර ගතයුතය. ඔහුටද පවසන්නේ ප්‍රචාරය වැදගත් නමුත් එයින් ඔබ්බට යායුතු බවයි.

 බටහිර ට එරෙහිව දැඩි සටන් පාඨකියන බොහෝ දෙස් විදෙස් දේශපාලන නායකයින් රැකවරණය ලද්දේද, ඇත්තවශයෙන් ජිවත්වන්නේද බටහිරය. කුමාර් හා දිමුතු දිවි ගලවාගන්ට හේතුවුයේ ඔවුන් බාහිර ලෝකය - එනම් බටහිර සමග පවතින සම්බන්ධයයි.

බාහිර, විශේයෙන් බටහිර ලෝකය හා කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින්ව හිතු හිතු ආකාරයට පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිම·

පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයින්ව අමු අමු වේ මරා දැමිම·

නීති විරෝධි ලෙසට රැඳවුම් මධ්‍යස්ථන පවත්වාගෙන යෑමට ඉඩ ලබාදිම·
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ව වධහිංසාවට පත් කිරිමට, බොරු නඩු දැමිට පොලිසියට පුර්ණ අවස්ථව ලබාදි තිබිම·

එම ක්‍රියා වැළකම්ම සඳහා පිහිටුවන ලද මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම ආණ්ඩුවේ රුකඩ බවට පත්කර ගැනිම·

සහ අධිකරණයට පවා ඇඟිලි ගසන බවට එල්ලවන චොදනා දක්වාම·
බධාවකින් තොරව රට ගෙන යැමට ඉඩ ලබාදුන් හාදායකවුවෝ බොහෝය.

මෙම වාතාවරණය තුල කුමාර් හා දිමුතු දෙන්නා කවුරුන්ද කුමක් කරයිද යන ප්‍රශණයෙන් ඔබ්බට ගොස් මව්බිමේ පාලනය බාරගෙන සිටින ආණුඩුවට ආරක්ෂක අංශ පාවිච්කර නිතිය අභිබවා ගොස් මිනිසුන්ව පැහැර ගෙන යන්නට, රඳවා තබා ගන්නට, වධදෙන්නට, මරා දාන්නට, අතුරුදහන් කරන්නට පුලූවන්ද යන්න ප්‍රශණ කලයුතුය.

මුලින් සඳහන් කල පරිදි මෙම දෙන්නා ප්‍රශ්ණයේ පොදු බව පෙරට තබා පවතින සියලූ නිති -දේශිය හා ජාත්‍යන්තර- උපයෝගි කරගෙන  ප්‍රශණ කිරිමට පුරෝගාමි වනු ඇතැයි විශ්වසා කරමු.

යුද්ධය දඩමිමා කරගෙන - සියලූ ආකාරයේ නීති විරෝධි ක්‍රියාවන් වල නිරත වෙමින් දුෂණය, වංචාව, අක්‍රමිකතාව, සාධාරණය කරමින් පාලනය ගෙන ගිය අයුරින් පශ්චාත් යුද සමය තුල පාලනය ගෙනයැමට අදිටන් කරගෙන සිටින රාජපක්ෂ ආණ්ඩුව·

තම පාලනයේ වංචාව, දුෂණය, අක්‍රමිකතා හෙළි කරමින්  එA පිළිබඳව ජනමතය ගෙඩනගන්නට උත්සහ  දරන සියලූ දෙනා නිහ~ කරවීමට උපයෝගි කරගන්නේ, යුද්ධ සමයේ එල්.ටි.ටි. ත්‍රස්තවාදයට එරෙහිව දියත් කල රාජ්‍ය ත්‍රස්තවාදයමයි. අලවන්නේ දේශද්‍රෝහි ලෙබලයමයි.

රට, මාතෘ භුමිය, එකකි. ආණුඩුව තව එකකි. ආණ්ඩු එනවා යනවා. රටට හානි කර, ජනතාවට හානිකර ආණ්ඩුවලට විරුද්ධවන්නට ජනතාවට ඇත්තේ පරම අයිතියකි. එම පරම අයිතිය අද උදුරා ගන්නේ රට හා ආණුඩුව එකක් ලෙසට පටලවා ජනතාව නොමග යැවිමට රාජ්‍ය යන්ත්‍රය උපයෝගි කරගනිමින්ය. ආණුඩුවට විරුද්ධව ගන්නා සියලූ පියවර රටට විරුද්ධව ගන්නා පියවර ලෙසට යොදාගන්නේ එල්.ටි.ටි ලේබලය භාවිතා කරමින්ය.

ආණ්ඩුවට එරෙහි වීම මව්බිමට එරෙහිවිම ලෙසට ලේබල් ගැසිම තුල මව්බිම පදය විහිලූවක් බවට පත්කර ඇත. මව්බිම බේරා ගත්හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ආරක්ෂා කර ගැනිමෙන්ය. නීතිය මත පාලනය තහවුරු කිරිමෙන්ය.

පැහැර ගැනිමින් පිළිබඳව රාජපක්ෂ ආණ්ඩුව නිරුවත් කල සිදුවිම් ගණනාවක් පසුගිය දිනවල කරලියට පැමි‚යා.

යුද්ධ සමයේත්, පාශ්ඡාත් යුද්ධ සමයේත් පැහැරගෙන යෑම්, අතුරුදහන් කරවීම් මරා දැමිම් සියල්ල මහජන මතකයෙන් ඈත් කිරිමට ආණුඩුව දැරු සියලු ප්‍රයත්න රාජපක්ෂ පත්කල උගත් පාඩම් හා සංහිඳියාව කොමිෂමේ වාර්තාවෙන් ආපස්සට හැරින. මෙතෙක් ආන්ධ භක්තියෙන් වැලඳගෙන ආණ්ඩුව කියන සියල්ල හරි යයි පිළිගෙන සිටි අයට, කව්ද හරි කව්ද වරදි කියා තේරුම් ගන්නට නොහැකිවු අයට මෙන්ම අපේ වැඩක් කරගෙන ඉන්නවා යයි සිත හදාගෙන සිටි අයට මේ සිද්ධින් දෙස බලන්නේ කෙසේද? ලබ්බට තැබු අතමය පුහුලට තබන්නේ.

Posted by janasansadaya on 12:08 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for ලබ්බට තැබු අතමය පුහුලට තබන්ෙන්

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison