Tuesday, June 4, 2013

“හකුරන්ව” මට පේන්න බැහැ! කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ලාල් චන්ද්‍රසිරි. “කරන්දෙණියේ එවුන්ට කිසිම ගුණයක් නැහැ” !! වෛද්‍ය ප‍්‍රසන්න විජේසිංහ.

මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කලා. එසේ කරන විට ඔවුන්, උඹේ පස්ස..............වුනා අපට, ආදී අසභ්‍ය වචන කිව්වා. මට හකුරා කියමින් අපහස කළා. අත් දෙක පස්සට අරන් කඹයකින් ගැට ගැසුවා. කඹය කුස්සියේ බාල්කය උඩින් දාලා -  එක් කෙළවරක් උප පොලිස් පරික්ෂක මෙන්ඩිස් හා අනෙක් නිලධාරියා අල්ලා ගත්තා. ඔවුන් දෙන්නා කඹය ඇද්දා මාගේ අත්දෙක කැරකී උඩට ගියා. බෙල්ල පහතට වැටුනා. ඉන්පසු ප්ලාස්ටික් පුටුවක් තියා මට නගින්න කිව්වා. මම නැග්ගා. කඹය තවත් ඇද්දා. එ සමගම පුටුව පො.කො.53241 සිල්වා ඇද්දා. මාගේ අත් කැඩුනා වගේ දැනුනා. මාව එල්ලූනා. එහෙම ඉන්නකොට දැන් කොහොමද  ටොපිය, දැන් කියන්න පුලූවන්නේද ඇත්ත කියා කිව්වා. මම කිව්වා මම කිසිම දෙයක් දන්නේ නෑ. කළෙත් නෑ කියා. උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් කිව්වා  ඕකාට තාමත් දාඩිය දාලා නෑ දාඩිය දානකම් තියමු කිව්වා.

ටික වේලාවක් යනකොට මගේ නහයෙන් මුහුණෙන් එක දිගට දාඩිය වැක්කෙරෙන්න ගත්තා. මගේ ඇස් නොපෙනී ගියා. එවිට බිමට බෑවා.  පො.කොත53241සිල්වා කොසු මිටක් ගෙනවිත් බොරුවක් හරි කියාපන් කියමින් මගේ යටි පතුල්වලට පහර දුන්නා. යටිපතුල්වලට ගහන අතර මාගේ පුරුෂ ලිංගයට කොහු මිටෙන් තට්ටු කරමින් උඹ බැඳලා නේද කියා ඇසුවා.

පො.කො.53241 සිල්වා මිරිස් කුඩු හා ෂොපින් බෑග් එකක් ලඟට ගෙනවිත් උඹ දන්නවාද මේකෙන් කරන දේ කියා ඇසුවා. මම නෑ කිව්වා.

දවස් තුනකට පසුව මාව මහේස්ත‍්‍රාත් තුමාගේ  නිල කාමරයට ගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ ධම්මික මහතා ඉදිරිපත් වුනා. මට පොලිසිය පහරදුන් බව ප‍්‍රකාශ කලා. එහිදී මාව 2013.05.16 දක්වා රක්ෂිත බන්ධණාගාරගත කලා.

2013.05.11 දින උදේ 9.30 පමණ මාව කරාපිටිය ශීක්ෂණ මහා රෝහලට ගෙන ගියා. එහිදී මාව අධිකරණ වෛද්‍යවරියට ඉදිරිපත් කලා. ඇය මාව පරීක්ෂා කලා. ජායාරූප ගත්තා. විස්තර ලබාගත්තා. එ අවස්ථාවේ බන්ධණාගාර නිලධාරීන් මාව නැවත බන්ධනාගාරය වෙත ගෙනයාමට දැඩි උත්සාහයක් ගනු ලැබුවා. නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීනිය එයට ඉඩ දුන්නේ නැහැ. මාව වාට්ටු අංක 58ට ඇතුලත් කලා. මම 2013.05.13 දක්වා නේවාසිකව රෝහලන් ප‍්‍රතිකාර ලබා දුන්නා.

 මට විරුද්ධව ව්‍යාජ චොදනා යටතේ නඩු වක් පවරා තිබෙනවා. ඇල්පිටිය මහේස්ත්‍රාත් උසාවියේ. අංකය 78654 වේ. මිළඟ නඩු දිනය 2013.06.26 වේ. 

ඉහත දැක්වෙන්නේ කරන්දෙණියේ තිස් පස් හැවරිදි දෙරු ව්‍යාපාරිකයෙක්වු චන්දිල පද්ම කුමාර ගුරුසිංහව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන වධදි බොරු නඩුවක් පවරා ඇති අයුරුය. වත්මන්  රජය ජාතිවාදය, ආගම් වාදය පමණක් නොව මේ වනවිට කුල වාදයද ඉස්මතට ගෙන ඇති බවට නිදසුනකි මේ.


මෙම සිද්ධියේදි පොලිසියට එරෙහිව ප‍්‍රදේශවාසින් පාරට බැස්සේය. නමුත් ඔවුන් පොලිසියේ මෙම ක‍්‍රියා පිළිවෙත රාජපක්ෂ ආණුඩුවේ අවශ්‍යතාවය බව තේරුම් ගෙන නැත. එ නිසාම රාජපක්ෂට ලිපියක් ලියා සාධාරණත්වය ඉටු කර ගන්නට පෙරුම් පුරති.

No comments:

Post a Comment