Thursday, June 6, 2013

කලා ශිල්පියාට දස වධ දුන්ෙන් නීතිඥවරියක ෙග් බඩු ෙසායා ගන්න.


මතුගම උසාවිෙය් වැඩ කරන නීකිඥ අනෝමා සිරිවීර නැමැත්තියගේ සැමියා සහ මතුගම පොලිසිෙය් නිලධාරින් දෙදෙනෙක් සමග වැලිපැන්ෙන් පදිංචි කලා ශිල්පිෙයක් වු අරුණ නිලූපුල් ඉන්දික ෙග් නිවසට පැමිණ අත්අඩංගුවට ගත්ෙත් 2013 මැයි 27වන දින සවස 3.00 ට පමණය. ඉන් පසුව මතුගම ෙපාලිසිෙය්, ෙපාලිස් නිල නිවසකට ෙගන ෙගාස් ඒම ෙපාලීසිෙය්  අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර නැමැති නිලධාරියා තවත් නිලධාරින් ඒකතු කර ෙගන දස වධ දුන්ෙන්ය.
ඔහු 39 හැවරිදි ඒක් දරු පිෙයකි. දින තුනක් නීති විෙරා්ධිව රවා ෙගන වධ දිම පිළිබව ඔහු             මානව හිමිකම කොමිෂන් සභාවට, පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ෙල් ෙමෙෙස් සහන් ෙව්.
“  2013 මැයි 27 දින සවස 3.30ට පමණමා මාගේ එලවලූ කොටුවේ වැඩ රමින් සිටින විටකෙනෙක් නිලූපුල් කියා කතා කලා. මම එවිට දැක්කාමගේ ගෙදර ඉදිරිපිට නීකිඥ අනෝමා සිරිවීර මියගේ සැමියා සහ පොලිස් නිලධාරින් දෙදෙනෙක් සිටිනවා. මගේ අතේමා වැඩකරමින් සිටි මන්නය තිබුනා. පොලිස් නිලධාරියෙක් මන්නේ ඔහොම දාලා වරෙන් කිව්වා. මම මන්නය බිමින් තියාඉදිරියට ගිය ගමන්මගේ අත්දෙක අල්ලා මාංචු දැම්මා..... මට මඩ හෝදගන්න ඉඩ දෙන්න කියා. මන්නය එක් නිලධාරියෙක් අරන් කාමරයට විසි කලා. මඩ සෝදගන්න ඉඩ දුන්නේ නැහැ. මීටර් 100ක් විතර එහායින් නවත්වලා තිබුන ජීප් එක ලඟට මාව ගෙන ගොස් නංවා ගත්තා. මට මාංචු දැම්මේ අත්පිටුපසට කරලා. මම ජීප් රථය තුලදී ඉල්ලූවාඉන්න අපහසුයිමාංචු දෙක අත් ඉස්සරහට අරන් දාන්න කියා. නමුත් එය කලේ නෑ.
මතුගම පොලිසියට ගෙන ආ මාවකූඩුවට දැම්මා.
මාව පොලිස් අත්අඩංගුවට ගත්තේ මතුගම පොලිසියේ අපරාධ අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර. ජිප් රථය පැදවූයේ ඔහු. නීතිඥ අනොමා සිරිවීර මියගේ සැමියාද ජීප් රථයෙන්ම පොලිසියට ආවා.
මා කූඩුව ඇතුලේ ඉන්න කොටසිවිල් ඇඳුමින් සිටි නිලධාරියෙක් වරින් වර කූඩුව ලඟට ඇවිත් උඹ නැහැ නේද කියන්නේඇත්ත දැනගන්න විදිහ අපි දන්නවා කියා කිව්වා.
පසුදින, 2013 මැයි 27 දින දහවල් 1.00 ට පමණ මාව කූඩුවෙන් එළියට අරන් මාංචු දමාබෙල්ලෙන් අල්ලාගෙන පොලිසියේ පිටුපස පිහිටි නිල නිවාසයකට ගෙන ගියා. ඇතුලට ගෙන ගිය ගමන් සාලයේ බිම වාඩි කෙරෙව්වා.එහි කෑම මේසයක් හා පුටු තිබුනා. මාව ගෙන ආඑක් නිලධාරියෙක් අතේ කොච්චි මිරිස් පාර්ෂලයක් තිබුනා. ... පොලිස් නිලධාරී රවීන්දු පුෂ්ප කුමාර හිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙදෙනා හිටියේ සිවිල් ඇඳුමින්.... ඇත්ත කියපන්අපෙන් ගුටි කන්නේ නැතිවගුටි කෑවොත් ආයෙත් උඹට රස්සාවක් කරන් කන්න වෙන්නේ නැහැ කිව්වා...... ඉන් පසු පොලිස් නිලධාරී රවීන්ද්‍ර පුෂ්ප කුමාර එහි තිබූ සපත්තුවක් තුල තිබුන මේස් එකක් ගත්තා. එ්ක තුලට මේසය උඩ තිබ්බ කොච්චි දැම්මා. අතේ තිබුන අඩි 1 1/2 - 2ක් පමණ වන එස්ලෝන බටයෙන් මේස් එක තුල තිබූ කොච්චි මිරිස් තැලූවා. එ්කට වතුර ටිකක් දැම්මා.......මාව බිම දිගා කලා. එතැනට පැමිණි තරුණ නිලදාරියෙක් මගේ සරම ගලවා විසි කලා. ඊට පසු ඔහු මා ඇඳ සිටි යට කලිසම ඇද පාත් කලා. ඉන් පසු ඔහු මගේ කකුල් දෙකේ විලූඹ පාත්කර තදකර අල්ලා ගත්තා. අනෙක් නාලධාරියා මගේ කොණ්ඩෙන් අල්ලා පොලවට තද කලා.
එයින් පසුවරවීන්ද්‍ර පුෂ්ප කුමාර මේස් එක මිරිකමින් මගේ ඇස් වලට මිරිස් ඉස්ම වක්කලා. ඇස් ඇතුලට මිරිස් ඉස්ම යන්න ඔලූව අල්ලාගෙන හිටි නිලධාරියාඑක් අතකින් මගේ ඇස් වැසෙන්නට නොදී අල්ලා ගත්තා.......  මට දරා ගන්න බැරි වේදනාවක් ආවා. ඇස් නොපෙනී ගියා. එ් වෙලාවේ මම දැගලූවා. මූට ගාය වැඩියි කියමින් ඔවුන් මාව නැගිට්ටවලා ෂර්ට් උරහිස් පන්නලාඇද ෂර්ට් එක ගැලෙව්වා. අත්වල මාංචු වලට ෂර්ට් එක හිරවුනා. නැවත මා උඩුපෙලි අතට බිම පෙරලාපුටු දෙකක් අරගෙන මගේ ඇඟ හිරවෙන්න තිබ්බා...... මගේ මුහුණ පැත්තට තිබූ පුටුවේරවීන්ද්‍ර පුෂ්ප කුමාර පොලිස් නිලධාරීවරයා වාඩි වුනා. එ් පිටුව තිබුනේ මගේ පපුව හිරවෙන්න..... අනෙක් පුටුවේ අනිත් නිලධාරියා වාඩි වුනා. ඔහු මගේ දණහිස් දෙක උඩ කකුල් තබාගෙන පොලවට තද කලා. අනෙක් නිලධෘරියා මගේ කකුල්වලට එහායින් පුටුවක් තබා එහි වාඩිවීවිලූඹ පහත්කොටකකුල් වලින් පාගාගෙන හිටියා.......... රවීන්ද්‍ර පුෂ්ප කුමාරනැවත මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම මිරිකන්න පටන්ගත්තා. .......  එසේ කරලාමූට මෙහෙම කරලා හරියන්නේ නැහැ කියාපුටුවෙන් නැගිට පැමිණ පාත් වෙලා මගේ යට ඇඳුම් තවත් පාත් කරලා ඔහු අතේ තිබුන එස්ලෝන් බටයෙන් මගේ පුරුෂ ලිංගයේ මතුපිට සම පස්සට ඇදකොච්චි මිරිස් ඉස්ම එතැන මිරිකා වක්කලා. එම ඉස්ම බේරී මාගේ ගුදමාර්ගයට ඇතුලූ වුනා. මා දැඩි වේදනාවෙන් පෙලූනා. ගුද මාර්ගයෙන් එලියට යමක් ආවා වගේ දැනුනා. මා මලපහ කරන වටඑ් තත්වය දැන් දිගටම ඇති වෙනවා........ එසේ මා වේදනාවෙන් පෙලෙන අතරමගේ කකුල් දෙක පාගගෙන සිටිය තරුණ පොලිස් නිලධාරියා අසභ්‍ය වචන කියමින්බොට නංගිලා දෙන්නෙක් ඉන්නවා නේදදෙන්නම බඩු දෙකක් නේද ආදී වචන කියමින් මාව පීඩාවට පත්කලා....... එ් අතර මට මුත‍්‍රා කරන්න අවශ්‍ය වුනා. මම කෑ ගැසුවා. එවිට මාව නැගිට්ටවා එම නිවසේ පිටුපස වැසිකිලියකට ගෙන ගියා. නමුත් මට මුත‍්‍රා ගියේ නැහැ.මට මුත‍්‍රා යන්නේ නැහැ කිවූ විටඑම පොලිස් නිලධාරියා පිටුපසට මාංචු මාංචු දමා අත් උඩට ඉස්සුවා. එවිට දකුණු අත උරහිස ලඟින් පැන්නා. දැඩි වේදනාවක් ආවා. ගෙඩියක් වගේ පිම්ඹුනා....... යන්නේ නැත්තම් වරෙන් යකෝ කියා මාව එළියට ඇදගෙන ආවා. .... නැවත මාව ගෙන ආවා. පෙර පරිදිම මාව බිම උඩුබැලි අතට පෙරළාමගේ කකුල් දෙක උඩදණීස් උඩ පොලිස් නිලධාරීන් පාගගෙන හිටියා. රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා යලිත් මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම වක්කරන්න පටන් ගත්තා. ........ එ් අතර ඔහුට දුරකථන පණීවුඩයක් ලැබී ඉන් ඉවත්ව ගියා. අනෙක් දෙන්නාද නැගිට්ටා. එක් අයෙක් අඩි 3ක් පමණ දිග කලූපාට පොල්ලක් ගෙන මගේ යටිපතුල්වලට පහර දුන්නා. ඊට පසු කකුල් දෙකේ යටි පතුල් වලට ගැහුව්වා........... ටික වේලාවකින් රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා තැනට ආවා. ඔහු  ඕකාට පොලූවලින් ගහන් එපා කියාපොල්ල අරන් පැත්තකට දැම්මා. නැවත පෙර පරිදිමඇස්වලටපුරුෂ ලිංගියට කොච්චි මිරිස් ඉස්ම වක්කලා. අනෙක් දෙන්නාද පෙර පරිදිම මගේ කකුල් උඩ නැග පාගගෙන හිටියා.......... නැවතරවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියාට දුරකථන පණීවුඩයක් ආවා. අපි ඉක්මනට යන්න  ඕනි කියලා. ඔවුන් එ් අනුව ගියා....... පැයක් පමණ ගිය විට නැවත රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා හා අනෙක් නිලධාරියා ආවා. ඔහු කිව්වා ඔහොම මූට හොඳට බෙහෙත් දෙන්න  ඕනා කියලා. පෙර පරිදිම ඔවුන් මගේ ඇස්වලටපුරුෂ ලිංගයට කොච්චි මිරිස් ඉස්ම වැක්කෙරුවා. අනෙක් දෙන්නා පෙර පරිදිම මගේ කකුල් උඩ නැග පාගා තද කරගෙන හිටියා........ එසේ කිරීමෙන් අනතුරුව මූව උඩට ගෙනියන්න යයි රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා කිව්වා. මාව නැගිට්ටෙව්වා. මගේ කකුල් එළියට නවා පාගාගෙන හිටිය තරුණ නිලධාරියා මාව කුස්සියට ගෙන ගියා........ එහිදී ඔහු මගේ මුහුණේ වතුර ගෑවා. කොණ්ඩය හරි ගැස්සුවා. අත්වල එල්ලමින් තිබූ ෂර්ට් එක හරිගස්සවා ඇන්දුවා. සරම ඇන්දුවා. මට ඔහු තර්ජණය කිරීමේ සිද්ධිය කාටවත් කියන්න එපා කියා කිව්වා..... එයින් පසුව මාව පොලිසියටගෙන ආවා. මට පැය 4 1/2ක් පුරා වධ දුන්නා.
නැවත මාව කූඩුවෙන් එළීයට ගත්තා. එවිට සවස 6.00 පමණ ඇති. මාව අපරාධ අංශයට ගෙන ගියා. ගෙනිච්චේ මාංචු දාලා අපරාධ අංශයට යන විටඑහි රවීන්ද්‍ර පුෂ්ප කුමාර නිලධාරියා හා නීතිඥ අනෝම සිරවීරගේ සැමියා සිටියා...... එතැනදී යලිත් මට රවීන්ද්‍ර පුෂ්ප කුමාර තර්ජණය කලා. නීතිඥ අනෝමා සිරිවීරගේ සැමියා කිව්වා මූට මෙහෙම ගහලා මදි කියලා. එහිදී මට රවීන්ද්‍ර පුෂ්ප කුමාර කිවිවා මූට බෝම්බයක් දාලා යවනවා කියා. පසුව නැවත මාව කූඩුවට දැම්මා.කූඩුවේ මම රැුයම ගත කලා. මට නින්ද ගියේ නැහැ. ඇස්වලට කබ” පිරී ඇස් අරින්න බැරි වෙනවා. මම වතුර බෝතලයෙන් වතුර අරන් ඇස් තෙමා ගත්තා......පසු දින එනම් 2013.05.29 දින ප:ව:3.30ට මාව මුදාහැරියා.˜
ඔහු ඉල්ලා සිටින්නේ,
නීතිඥ අනෝමා සිරිවීරගේ සැමියාගේ අවශ්‍යතාවයටනීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙනඅමානුෂික වධහිංසා පමුණුවාදැඩි ශාරීරික හා මානසික පීඩාවට පත්කරමූලික අයිතිවාසිකම කඩ කරන ලද - මතුගම පොලිසියේ ස්ථානාධීපති හා අපරාධ අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර ඇතුලූ නම් නොදන්නා මුත් දුටුවොත් අඳුනාගත හැකි අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය, තවද ඔහුට කල තර්ජණ අනුව - ඉදිරියේදීද  මෙවැනි දේ තමාට කිරීමට ඉඩ ඇති හෙයින් එය වලක්වා ආරක්ෂාව සලසන ලෙසටද ඉල්ලා සිටි.

No comments:

Post a Comment