Sunday, September 1, 2013

පොලිසිය රන් පවුම් මංකොල්ල කන හැටි


පොලිසිය කප්පන් ගන්නවා. විරුද්ධවෙන්නේ නැත්තේ තවත් කරදර වෙන්න වෙයි කියන බය හින්දා.
අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ව අරගෙන ඇවිත් මේ කඩේට පවුම් අටක මාලයක් වික්කා කියා කියනවා. පොලිසිය පවුම් අට ඉල්ලනවා. දෙන්න බැහැ කිව්වොත් පොලිසියට ගෙනයන බව කියනවා. පවුම් 04ක් දීලා - බේරෙනවා.
 එහෙම කරන්නේ කරදරයක් නැතිව වෙළාම කරගෙන ඉන්න. මේ තත්වය රටේ හැම තැනම තියෙනවා.

ස්වර්ණාභරන වෙළ සැලක හිමිකරුවකු වන නවුෆර් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ - 2013.08.31 දින ජනසංසදයේ පැවති වින්දිත හමුවේදීය. තමන්ට ප්‍රශ්ණයක් වෙනකම්, මේ රටේ තත්වය ගැන අවබෝධයක් නොතිබුන බව ප්‍රකාශ කල මේ පිරිස, රට තුල නීතිය මත පාලනයක් ඇති කරන්නට දායක වන බව කියා සිටියේය.


No comments:

Post a Comment