Wednesday, September 16, 2015

බැල්කනි ටිකට් ගත්තොත් ෂෝ එක පටන් ගන්න පු`ඵවන්. රුපියල් පනහයි නේ වැඩි වෙන්නේ. ටිකට් දෙන තැනැත්තා යෝජනා කලා.

බැල්කනි ටිකට් ගත්තොත් -ෂෝ එක පටන් ගන්වා.
ඔබ නැතිව ඔබ එක්ක.

2015.09.15 - මාෂා පානදුර, ප:ව:6.20 ට තිදෙනකේ සිනමා ශාලාවට පිවසියා. කිසිවක් නැත. ටිකට් දෙන පාටක්වත් නැත. මොකද අද ෂෝ එක නැද්ද. පහලොවක් ආවොත් පෙන්වනවා. අපි යන්නද? යන්න එපා, සර්විස් අය එන්න පු`ඵවන්. ටික වෙලාවකින් තවත් දෙන්නෙක් එක් විය. වේලාව 6.30 යි. තවත් අයෙක් එක්විය. 

බැල්කනි ටිකට් ගත්තොත් ෂෝ එක පටන් ගන්න පු`ඵවන්. රුපියල් පනහයි නේ වැඩි වෙන්නේ. ටිකට් දෙන තැනැත්තා යෝජනා කලා. 

හය දෙනා මුහුණ බලා, යෝජනාව ට එකඟ විය. චිත‍්‍රපටය පටන්ගෙන විනාඩි 5කින් පමණ තවත් අයෙක් එක් විය.

ඔබ නැතිව ඔබ එකක් - චිත‍්‍රපටය නැරඹුවෙමි.

වැඩිහිටයන්ට වඩාත් සුදුසු බව දැන්වීමේ පහතින් සඳහන්ව තිබිණ. තිස් වසරක යුද්ධය, මේ වන විට ඉතිහාසයට එක්ව හමාරය. මතක් වන්නේද නැත. මතක් කර ගන්නේද නැත.

වැඩියෙන් යුද්ධය ගැන කතා කරන්නේ උතුරේ අය. වැඩියෙන්ම පීඩා විඳින්නේ උතුරේ අය. දකුණේ අය පීඩා විඳින්නේ කෙසේද? ඒ ගැන කථා කරන්න සුදාන

ඔව් - ඔබත් එක්ක ඔබනැතුව වඩාත් සුදුසු වැඩිහිටියන්ට. එ් වයසට ගිය වැඩිහිටියන්ට නම් නොවේ. හිතන්න ට පු`ඵවන්, දකින්න ට පු`ඵවන්, වැඩිහිටියන්ට.

බෞද්ධ සොල්දාදුවකු තමන් කළ අපරාධය අමතක කරන්න, සාධාරණිය කරගන්න බැරිව මැරි මැරි උපදින හැටි, හෘදය සාක්ෂීය ඇති අයෙකු වීම නිසා. බෞද්ධයෙකු වීම නිසාම නොවේ.

වැඩිහිටියන් බැලිය යුතුයි. සිනමා ශාලාවලින් චිත‍්‍රපටය ගැලවී යන්නට පෙර. මාධ්‍යය මේ ගැන කතාවක් නැත. නිෂ්පාදක විද්‍යුත් මාධ්‍ය කාල වන්කරවාගෙන ප‍්‍රචාරය කරන්නේද නැත.

සෙක්කුව වටිනා ඇන්ටික් භාණ්ඩයක් බවට සෙක්කුවේ සිටින සිනමා ප්‍රේක්ෂක බහුතරය මුදවා ගැනීමේ ”වැඩිහිටියන්’’ ගේ වගකීම වේ.


1 comment:

  1. අපි අපි වත් තනි තනිව ප්‍රචාරයක් දෙන්න උත්සාහ කරමු . .

    ReplyDelete