Friday, September 4, 2015

යහපාලනය ගේන්න කළ මෙහෙවර ට හිලව්වට ජේ.පී.කම් ඉල්ලයි.


රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමට පෙරමුණ ගත්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ප‍්‍රමුඛ විවිධ සංවිධාන සමහරක් තමන් හා තම ක‍්‍රියාකාරීන්ට සමාදාන විනිසුරු පදවි ලබාදෙන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

අත්‍යාවශ්‍ය සමාජ වෙනසකට දායක වී, තතනතුරු ලබා ගන්නා, පදවි ලබා ගන්නා අය සිදු කරන්නේ තම බඩ ගොස්ස්තරය වඩා ගැනීම බව කිව යුතුයි. මේ පිරිස ලබා ගන්නා තනතුරු ඉතා අයුතු ආකාරයට යොදා ගන්නා බව සහ තමන්ගෙන් යැපෙන්නන් බිහි කිරීමට පියවර ගන්නා බව ඉතිහාසය පෙන්වා දි තිබේ.

පදවි, තනතුරු, කොන්ත‍්‍රාත්, ගැනීමට පමණක්, රජයේ කාර්යාලවලින් සංස්ථාවලින් අයුතු ප‍්‍රයෝජන ලබාගැනීම ට මේ පුද්ගලයින් මත යැපෙන්නට බලයක් නැති අයට බල කරනු ඇත.

පෝලිමේ නොසිට බෙහෙත් ගැනීම, පොලීමෙන් පැන ශෛල්‍යකර්මයක් කර ගැනීම, රෝහලේ ඇඳක් ලබා ගැනීම වැනි දේ සඳහා ද, ඉදිරියේදී යහපාලනයේ පෙරටුගාමීන් පසු පස යන්නට අසරණයින්ට සිදුවනු ඇත. 

වත්මන් දේශපාලකයින් ඔවුන්ගේ හෙංචයියන් පසු පස ගොස් කර ගන්නා වැඩ, ඉදිරියේදී මේ පිරිස මගින් සිදුකර ගැනීමට සිදුවනු ඇත.

සමාදාන විනිසුරු පදවි හෙවත් සිංහලෙන් ”ජේ.පී” පදවි, මේ රටට සුද්දන් හඳුන්වා දුන්නේ, යම් නිශ්චිත අරමුණක් සඳහා-

එය පසුගිය කාලයේ මෙම පදවිය දේශපාලන හෙංචයියන්නට බෙදා දුන්නේය. ඔවුන් අතර  ලියන්නට කියන්නට බැරිය විය. සමහරු ස්ත‍්‍රී ¥ෂකයින්ය. බහුතරය වන්දි භට්ටයින්ය.
පිටකොන්දක් නැති, ගරුත්වයක් නැති, හිවලූන් වැන්නවුන්ය. මේ තනතුරු, යහපාලනයට කර දුන්න අය හා තමන් වටා සිටින්නවුන්ටත් බෙදා ගැනීමට දරන උත්සාහය නින්දිතය. 

ආණ්ඩුව යහපාලනය අපේක්ෂා කරන්නේනම්, ප‍්‍රසිද්ධියට පත් කරන ලද නිර්ණායක මත, මේ පදවි ලබාදී මේ රටේ ගරුත්වයක් ඇති පුරවැසියන් පිරිසක් ගොඩ නැගීමට පියවර ගත යුතුයි. 

ශ‍්‍රීමා බණ්ඩාරනායක මැතිනියගේ කාලය තුල, ජනතා කමිටු පිහිටුවා රටට ම කල හදිය මතක ඇති අය අද නැති තරමිය. නැවතත් වෙනත් වචන වලින් එවැන්නක් ඇති වීමට ඉඩ ආණ්ඩුව නොතැබිය යුතුයි.


No comments:

Post a Comment