Monday, August 31, 2015

මහ කෙළඹ පුරවැසියන්ට වස එකතු කරන කොකා කෝලා මාෆියාවට සියලූ මාධ්‍ය යටවෙලා.



කොළඹ, දෙහිවල, ගල්කිස්ස , මහරගම මහා නගර සභා ප‍්‍රදේශවලට පානීය ජලය සපයන, අඹතලේ ජල පොම්පාගාරයට ජලය ලබාගන්නේ කැළණි ගංගා වෙනි.
මේ වන විට කැළනි ඟග දෙපස පිහිටුවා ඇති කර්මාන්ත ශාලා මගින් අපවිත‍්‍ර විෂ මුසු ජලය - පාලනයකින් තොරව ගඟට මුදා හරී.
මේ අතර බියගම කොකා කෝලා කර්මාණ්ත ශාලාවද වේ. පසුගිය දින කිහිපයේ කැළණි ගෙඟ් තෙල් තට්ටු පාවීම නිසා, ජල පොම්ප කිරීම අත්හිටුවන ලදි. එ් එම තෙල් තට්ටු දකින්නට ලැබූ නිසාය. 
නමුත්, එකතු වන වස විෂ දකින්නට ලැබෙන්නේ නැත. එ්වා, පිරිපහදු කිරීමට අඹතලේ ජල පොම්පාගාරයට නොහැකි බව බලධාරීන් ප‍්‍රකාශ කරයි.
කොකා කෝලා සමාගම, බියගම කර්මාණ්ත ශාලාවේ නිශ්පාදන අත්හිටුවා, අපද්‍රව්‍ය කැළණි ගඟට මුදාහැරිම වලක්වාලීමටද, සිදුවූ අලාභය ගෙවීමට නියම විය.
නමුත් මෙම තත්වය පිලිබඳව, ජනතාවගෙන් වසන් කිරීමට, සියලූම ප‍්‍රධාන ජනමාධ්‍ය ආයතන වග බලා ගත්තේය. සිද්ධිය වාර්තා කලත්, කොකා කෝලා නම නොකීමට වගබලා ගන්නා ලදි.
කොකා කෝලා පරිසරය විනාශ කරනවා මෙන්ම, ජනතාවගේ සෞඛ්‍යයද විනාශ කරයි. නමුත් එ් පිලිබඳව කතා කරන්නට නොහැකි වී ඇත්තේ, දැවැන්ත කොකා කෝලා ප‍්‍රචාරක වලින් ලැබෙන ආදායම් අහිමිවන නිසාය.
පසුගිය මැතිවරණ දෙකේදී, අදත් තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන ප‍්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කොකා කෝලා ගැන කතා නොකිරීමෙන්, ඔවුන් මේ රටේ ජනතාවට කොයිතරම් ආදරේද යන්න පැහැදිලි වේ. 
ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම තහනම හා අයකර ගැනීම් කොරෙහි බලපෑම් කරන බවද වාර්ථාවේ.
යහපාලනයට, පරිසරය අයත්ය. එසේ නම්, මේ ගැන කතා කිරීමද - සිවිල් සමාජ ක‍්‍රියාකාරින් ගේද වගකීම වේ.
එහෙත්, රට මෙන්ම ජනතාව විනාශ කරන දැන්වීම් වලට, මුදලට යටවී පෙනී සිටින ක‍්‍රීඩකයින් හා කලාකරුවන්ද තම බඩගෝස්තරයට සීමා නොවී, මින් ඉදිරියට ගොස්, රට ගැන හා ජනතාවගේ සුභසිද්ධිය ගැනද සිතිය යුතුය.
එ් පිළිබඳව හඬක් නැගිය යුතුය.

No comments:

Post a Comment