Saturday, August 8, 2015

කුඩු කසිප්පු ජාවාරම් කරුවන් ගේ තැරැුව්කාරයන්ටත් පොලීසියේ සැලකිලි


තරුණයන් දෙන්නෙකුට සංවිධානය වී, පිහි, පොලූවලින් පහර දී තුවාල කළ සැකකරුවන්ට ගල්කිස්ස පොලීසිය සැලකිලි දක්වන්නේ, ඔවුන් කුඩු කසිප්පු ජාවාරම්කරුවන්ගේ තැරැුව්කාරයන් නිසා බවත්, අවම වශයෙන් පොලීසීය නඩු අංකයවත් දෙන්නේ නැති බවට චෝදනා කරන්නේ, රත්මලානේ දේවනිත්තිගේ තිලාන් කුසල් සිල්වා හා ලහිරු යන අයගේ මව වන ජෙෂිකාය.

ලහිරුගේ මව හා තිලාන් විසින් ගල්කිස්ස පොලීසියේ ස්ථානාධිපති වෙත ළිඛිතව කරන ලද පැමිණිල්ල ට අනුව, 2015.08.01 දින, රත්මලාන, ශ‍්‍රී ඥානේන්ද්‍ර පාරේ පිහිටි, ‘වැටකෙයියා වත්ත’ නමින් හඳුන්වන  ක‍්‍රීඩා පිට්ටනියේ මොවුන් ඥතීන් හා මිත‍්‍රයන් සිව් දෙනකු සමග කතා කරමින් සිටි නිවෙස් බලා යමින් සිටි යදි, ලහිරු හා තිලාන් යන දෙන්නාට සු¥, නිශාන්ත, මංජු හා සම්පත් යන අය, වටකරගෙන අතින් පයින් හා පොලූවලින් පහර දි තිබේ.


ක`ථබෝවිල මහා රොහලේ හදිස්සි අනතුරු වාට්ටුවට ඇතුල් කිරිමෙන් පසුව, ඔවුන්ව ශෛල්‍ය කර්මයන්ට භාජනය කර තිබේ. එදින රාත‍්‍රියේ සු¥ හා සම්පත් යන දෙන්නාව පමණක් අත්අඩංගුවට ගෙන, 2015.08.03 දින,ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, එදිනම ඔවුන් ව ඇප මත මුදාහැරි මට කටයුතු කර තිබේ. නමුත් පහරදුන්න අනෙක් තිදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැහැ.

රංචු ගැසී, සංවිධානාත්මකව සිදු කළ මෙම අපරාධය කළ දෙදෙනකු පමණක් අධිකරණයට ඉදිරිපත් කර එදිනම ඇප මත මුදා හැරීමට පොලීසිය ක‍්‍රියා කර ඇත්තේ, අපරාධය කළ පුද්ගලයන් පිටුපස මෙම ප‍්‍රදේශයේ ප‍්‍රකට කුඩු ජාවාරම්කරුවකු වන සුරේෂ් හා කසිප්පු ජාවාරම්කරුවකු වන අනුරගේ බලපෑම මත බවට ප‍්‍රබල මතයක් ප‍්‍රදේශය තුළ පවතින බවද ඔවුන් සිය පැමිණිල්ලෙන් කියා සිටි.

මෙම අපරාධය ගැන අපක්ෂපාතීව පරීක්ෂණ සිදුකර නැති බවත්, අවම වෂයෙන් සිද්ධිය අදාලව,ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උසාවියේ පවරන ලද නඩුවේ අංකය හා මීළඟ නඩු දිනය දැණුම් දීම ප‍්‍රතික්ෂේප කරන බවත් කියා 

No comments:

Post a Comment