Friday, August 28, 2015

උසාවිය කූඨ ලේඛන සකස් කරයි. සාක්ෂිකරුට ගරහයි. දිරිය වඩු කාර්මිකයෙකුගේ නඩුව


උසාවිය කියන්නේ ගෞරවනීය තැනක්ලූ. සාමාන්‍ය වැසියෙක් උසාවියට යන්නේ බයෙන්. එ් මොකක් හෝ වැරැුද්දක් හදලා උසාවියට අපහාස කරයි කියලා. බන්ධණාගාර ගත කරයි කියලා.

මේ මාරවල උසාවියේ සත්‍ය සිදුවීමක්. සුනිල් වෘතීය වඩු කාර්මිකයෙක්. ඔහු එ් උසාවියේම වැඩ කරන නීතිඥවරයෙකු වූ ඉන්ද්‍රසිරිට විරුද්ධව කරපු පැමිණිල්ලකට දැන් නඩුවක් පටන් අරන්.

චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි වෙනුවෙන් කොළඹින් පැමිණෙන නීතිඥයාට සහාය දෙන්න කියා, මාරවිල උසාවියේ නීතිඥවරුන්ගේ සංගමයේ නීතිඥවරුන් 17කු පමණ, නඩුව වේලාවේදී නැගිටිනවා.

සුනිල් නඩුවට පෙනී සිටින්නේ තනියම පැමිණිල්ල මෙහෙයවීම පොලිසිය කරනවාට ඔහු විරුද්ධ වුනා. එම කාර්ය කරන්නෙත් තනියම සුනිල්.

සුනිල් තම සාක්ෂිය උසාවියට ලබාදෙන අතර, අදාල කරුණුද ඔහු අධිකරණයට ප‍්‍රකාශ කරන විට, ඒ වේලාවේදි උසාවියේ ඉන්න නීතිඥවරු සමහරක් තමාට, අංග චලන මගින් ගරහන බව සුනිල් පවසයි.

පසුගියදා නඩු විභාගය කරන අවස්ථාවේ චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි වෙනුවෙන් පෙනී සිටි- කොළඹ සිට පැමිණි නීතිඥවරයා මේක උසාවිය, මේක වඩුමඩුවක් නොවන බව අධිකරණයේදී පවසා ඇත. එ් අවස්ථාවේ අධිකරණයේදී එම ප‍්‍රකාශයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කල සුනිල් - තමාට අපහාස කරන බවට ප‍්‍රකාශ කර තිබේ.

මෙම නඩුවේ ආරම්භය 2012. අදටත් නඩුව පවතී.

ඔහු මෙම නඩුව හා පවතින තත්වය අලලා, නීතිපති අමතන ලද සංක්ෂිප්ත සටහනින් බොහෝ කරුණු පැහැදිලි වනු ඇත.

මැති ඇමතිවරුන්ගේ දුෂණ ගැන, අක‍්‍රමිකතා, වංචා ගැන කතා කරනවා සේම, උසාවි ගැනද කතා කල යුතුයි. දුෂණයෙන්, වංචාවෙන් තොර උසාවි ඇති නොකර, යහපාලනයක් ඇති කරන්න බෑ.

ගරුත්වයක් ඇති සුනිල්,  නීතිපතිට ලියන ලද ලිපිය, අධ්‍යයනය කරන්න. තොරතුරු සියල්ල ජනසංසදය සතුව පවතී.

ටී.සුනිල් ඇන්ටනි ජාන්ස්,
වෘතීය වඩු කාර්මික,
වෙළඳ සංකීර්ණය ඉදිරිපිට,
බටහිර හාන්පන්විල,
මාරවිල.
2015.08.26

නීතිපති,
නීතිපති දෙපාර්තමේන්තුව,
උපරිමාධිකරණ සංකීර්ණය,
අ`ඵත්කඬේ,
කොළඹ.

නඩු අංක 75241 ක්‍ /ඡුක්‍ හා ඊ 1461/12
මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය.

ඉහත නඩුවේ මුල් පැමිණීලිකරු මම වෙමි.

මෙම පැමිණිල්ලේ චූදිත, මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට සම්බන්ධ, මාරවිල, පහල හත්තිනිය පදිංචි, නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න වේ.

මාගේ පැමිණිල්ලට අනුව, මාරවිල පොලිස් ස්ථානය,
(1) 2012.12.24 දින, අංක ඊ 1461/12 යටතේ නඩුව ගොනු කරනු ලැබීය.

(2). 2012.12.28 වන දින, නඩුව කැඳවූ අවස්ථාවේ, චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්නට, රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් ඉදිරිපත් කිරිමට නියම කරන ලද, නඩුව සමථ මණ්ඩලයට යොමු කරනු ලැබීය.

2.1 එ් අවස්ථාවේ, තමාට ඇපකරුවකු ඉදිරිපත් කිරීමට නොමැති බව චූදිත අධිකරණයට ප‍්‍රකාශ කරන ලදි. 

2.2  එම කරුණු සලකා බලා, චූදිතට රුපියල් ලක්ෂ 5 පුද්ගලික ඇප මත මුදාහැර, ඉදිරි නඩු දිනයේදී එනම් 2013.01.28 වන දින, ඇපකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කරනු ලැබීය.

(3). එ් අනුව 2013.01.28 වන දින නඩුව කැඳවූ අවස්ථාවේ, අධිකරණ නියෝගය, එනම්, ඇපකරුවකු ඉදිරිපත් කරන ලෙසට චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්නට කරන ලද නියෝගය, ඔහු ඉටු කිරීම පැහැර හැර ඇත.

ඊළඟ නඩු දිනය 2015.05.20 දිනට නියම කර, සමථ මණ්ඩල වාර්තාව එදිනට කැඳවීමට නියම කරනු ලැබීය.

(4). එ් අතර, 2013.01.11 වන දින, මාගේ පරණ පැමිණිල්ලක් පදනම් කරගෙන, 75241/ක්‍/ඡුක්‍ යන නඩුව, නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්නට විරුද්ධව පවරනු ලබනවා.

(5). එම නඩුව, 2013.02.18 වන දින, මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කැඳවා තිබෙනවා.

5.1  එදින, උසාවි කටයුතු ආරම්භ කිරීමට පෙර, මාරවිල පොලිසියේ සු`ඵ පැමිණලි අංශයේ ස්ථානාධිපති විසින්, අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින්, 2013.05.20 දිනට කැඳවීමට නියමිත නඩුව කැඳවන ලෙසට ඉල්ලීමක් කරනු ලබනවා.

5.2 එදින, 75241ක්‍ යන නඩුව කැඳවූ අවස්ථාවේ, චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න වෙනුවෙන් මාරවිල අධිකරණයේ නීතිඥ සංගමයේ සියලූම නීතිඥ මහතුන් නැගී සිටි අතර, ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ලලන්ත සරත්චන්ද්‍ර, එදින අධිකරණයේ පෙනී සිටි මාරවිල පොලිසියේ උ.පො.ප.ජයමහ සමග එක්ව, බී1461/12 නඩුව ඉල්ලා අස්කරගන්නා බව අධිකරණයට ප‍්‍රකාශ කලා.

5.3  එකී ඉල්ලීම ගැන, කිසිදු වග විභාගයක් නොකර, බී 1461/12 නඩුව ඉල්ලා අස්කර ගැනීමට, පොලිසියට අවසර ලබාදෙන ලදි.

5.4  එ් සමග, මහේස්ත‍්‍රාත්වරයා, ”එකී නඩුව ඉල්ලා අස්කරගන්නා බැවින්, පැමිණිලිකරුට නඩු වාර්තාවට අත්සන් තැබීමට නියම කරමි” යනුවෙන් ප‍්‍රකාශ කරන ලදි.

5.5  එ් අනුව, අධිකරණයේ නිලධාරීවරයාගෙන් නඩු පොත, මා හා උ.පො.ප.ජයමහා ලඟට ගෙන ආ විට, මා අත්සන් කරන්නට බැහැ යයි කියා සිටියදීත්, ඔහු උ.පො.ප.ජයමහා මේක පොලිසිය නෙවෙයි උසාවිය, උසාවියේ නියමය අත්සන් කරපන් කියා බලකර, මගෙන් අත්සන් ගත්තා. 

(6). එයින් අනතුරුව, 75241ක්‍ නඩුව, 2013.02.21 දින කැඳවූ අවස්ථාවේ, මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඉරෝෂනී පතිරණ මහත්මිය තමාට, අයුතු බලපෑම් එල්ලවන බවට අධිකරණයේ ප‍්‍රකාශ කර, නඩුවෙන් ඉවත්වූවා.

(7). මෙම පසුබිම යටතේ, මා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටිමින්, යුක්තිය ඉටු කර ගැනීමට කටයුතු කළෙමි.

(8). මෙම නඩුව සාධාරණව ඉදිරියට ගෙන යාමට මාරවිල අධිකරණයේ නීතිඥ සංගමයේ නීතිඥවරුන්, අධිකරණයේ සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින් හා මාරවිල පොලිසිය, චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න වෙනුවෙන් ඉදිරිපත් වීමෙන්, විවිධාකර අයුතු බලපෑම් කරන්නට පටන් ගන්නා ලදි.

අධිකරණ ලේකණ පවා, කූඨ ලෙස වෙනස් කරනු ලැබීය.

(9). එම කාරණය, අද දින දක්වාම පවතින බව ප‍්‍රකාශ කරන මේ කරුණු සම්බන්ධයෙන් මා ඔබට, ගරු අධිකරණ විනිසුරු තුමාට, අධිකරණ සේවා කොමිෂමට කරුණු දක්වා සිටිය අතර, නඩුව කැඳවනු ලබන අවස්ථාවලදී මා ඉදිරිපත්ව කරුණු දක්වා සිටින ලදි.

(10). මෙම ඉතාමත් අයහපත් වාතාවරණ යටතේද නඩුව, වෙනත් අධිකරණයට මාරු කරන ලෙසට මා කළ ඉල්ලීම් සියල්ලම ප‍්‍රතික්ෂේප විය.

(11). මේ තත්වය පිළිබඳව වර්තමාන මහේස්ත‍්‍රාත් තුමිය, අධිකරණ සේවා කොමිෂමට, මාගේ ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන බවද ප‍්‍රකාශ කරමි.

(12). මෙම පසුබිම තුල, 2015.03.09 වන දින, කැඳවූ අවස්ථාවේ, නඩුව විභාගයට ගන්නා ලදි.

12.1 මෙදින, චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මයා වෙනුවෙන්, කොළඹින් පැමිණි නීතිඥ ලාල් ගුණරත්න පෙනී සිටි අතර, ඔහුට උපදෙස් ලබාදීම සඳහා 17කු නැගී සිටින ලදි.

(13). නීතිඥ ලාල් ගුණරත්න, මාගේ සාක්ෂි දීමෙන් අනතුරුව, හරස් ප‍්‍රශ්ණ අසන්නට පටන් ගන්නා ලදි.

13.1 ඔහු, කිසිඳු අදාල ප‍්‍රශ්ණයක් අසන්නේ නැතිව, වල් පල් අසන අතර, සාක්ෂි කූඩුව අසල සිටි පොලිස් නිලධාරීවරයා මගෙන් යමක් ඇසූ විට, මා ඔහු දෙසට හැරී කිව්වේ කුමක්දැයි අසන විටම,-

නීතිඥ ලාල් ගුණරත්න, මා දෙසට හැරී, ”මේක වඩු මඩුවක්ද, අධිකරණයේ හැසිරෙන්න දන්නේ නැද්ද” යයි උසස් හඬින් මට තර්ජණය කරනු ලැබුවා.

13.2 එ් අතර, ඔහුට සහයකයින් ලෙසට සිටි, නීතිඥවරුන් වැඩි පිරිසක්, මා දෙස බලමින් අංග චලනයෙන් මා උපහාසයට අපහසුතාවයට ලක්කරන්නටද පටන් ගන්නා ලදි.

13.3 එ් අතර, මා සාක්ෂි දෙමින්, අදාල ලේඛන ඉදිරිපත් කරන්නට සූදානම් වූ අවස්ථාවේද නීතිඥ ලාල් ගුණරත් සමග නීතිඥවරුන්, ගන්න එපා යයි මහා හඬින් කියන්නට පටන් ගත්තා. 

(14). නමුත්, ගරු මහේස්ත‍්‍රාත්තුමිය, එයට එකඟ නොවූ අතර, මාහට, කරුණු ඉදිරිපත් කිරීමටද, ලේඛණ ඉදිරිපත් කිරීමටද අවසරය ලබා දුන්නා.

ගරු නීතිපති තුමනි,
මේ සියලූ කරුණු සත්‍ය වන අතර, බී 1461/12 හා 75241රැු ක්‍/ඡුක්‍ නඩු දෙකට අදාල වාර්තා හා මා විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත කරුණු පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වනු ඇත.

එමෙන්ම, මා ප‍්‍රකාශ කරන දේ වාචිකව ඔබට ඉදිරිපත් කිරීමටද මා සූදානම් බවද ප‍්‍රකාශ කරමි.


අ.ක/ ටී.සුනිල් ඇන්ටනි ජාන්ස්.










No comments:

Post a Comment